
ලංකාවේ මීට කාලෙකට කලින් “හිස සුන් මළසිරුරක්” හමුවුණා ඔබට මතකද ?
තාමත් ඒ හිස නම් හමුවුණේ නෑ.එවැනිම බිහිසුණු සිද්ධියක් ගැන මේ කතාව.හැබැයි අපේ රටේ නෙවෙයි, අල්ලපු රටේ සිද්ධියක්.
බැංගලෝර්හි දුම්රිය ස්ථානයක ප්ලාස්ටික් බැරලයක් තුළින් තමයි මේ විදිහට කාන්තා මළසිරුරක් හමුවෙලා තියෙන්නෙ.බැංගලෝර්වල බයියප්පනහල්ලි කියන දුම්රිය ස්ථානයේ පිවිසුම් දොරටුවක් අසල තිබිලා තමයි මේ මළසිරුර මඟින් දැකලා තියෙන්නෙ.මේ බිහිසුණු දේ කනවැටුණු ගමන් එතැන හිටපු පිරිස් භීතියෙන් සළිත වුණා කියලත් ආරංචියි.
හැබැයි මේ පළ වැනි පාර නෙවෙයි.මීට කලිනුත් බැංගලෝර් දුම්රිය ස්ථානයක තිබිලා මේ විදිහට මළසිරුරක් හම්බෙලා තියෙනවා.මේ හමුවුණා කියන මළසිරුර අවුරුදු 31ත් 35ත් අතර වයසේ පසුවන තැනැත්තියකගේ බවට විශ්වාස කෙරෙන්නෙ.
කවුද කියන එක නම් තාම අභිරහසක්.පුද්ගලයන් තිදෙනෙකු මේ කියන බැරලය ඔටෝ රික්ෂෝවකින් අරගෙන, දුම්රිය ස්ථානයේ දොරටුව අසල සඳුදා දින තබායන ආකාරය ආරක්ෂිත කැමරාවල පටිගත වෙලා තියෙනවලූ.
පසුගිය ජනවාරි මාසයේ ත් මේ විදිහටම මළසිරුරක් හමුවුණා කියලත් ඉන්දීය මාධ්‍ය කියනවා.මේ සිදුවීම් දෙක අතර සම්බන්ධයක් තියෙනවද?
ඒ ගැන තමයි පොලිසිය තවමත් හොයමින් ඉන්නෙ.
පැරණි පුවත් – පවුල් ආරවුල දුරදිග ගොස් දරු තිදෙනාට වස පොවා පියාද වස බීලා – සිව්දෙනාම ගම්පොළ රෝහලේ
ගම්පොළ දැල්පිටිය සෙවනක් ජනපදයේ පදිංචි පියෙකු සිය දරු තිදෙනාට වස පොවා ඔහුද වස පානය කිරීමෙන් සිව්දෙනාම
ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව ගම්පොළ පොලිසිය පවසයි.
මෙසේ රෝහල් ගතකර ඇත්තේ වයස අවුරුදු හතරක් වූ පිරිමි දරුවකු, අවුරුදු දහතුනක් හා අවුරුදු හතක් වන ගැහැණු ළමුන් දෙදෙනකු සමග හතළිස් හැවිරිදි ඔවුන්ගේ පියාය.
අඹුසැමියන් අතරේ දීර්ඝ කාලයක සිට පවුල් ආරවුලක් තිබී ඇති බව පරීක්ෂණ පවත්වන ගම්පොළ පොලිසිය අනාවරණය කරගෙන ඇත. බිරිඳ නිවසින් පිටව ගොස් ඇති අතර පියා සමග මෙම දරුවන් තිදෙනා නිවසේ සිට ඇත.
පෙරේදා (07 දා) රාත්‍රී 10 ට පමණ නිවසට පැමිණ ඇති පියා දරුවන්ට නොදැනෙන සේ පැණිබීම බෝතලයකට වස දමා දරුවන් තිදෙනාට බීමට සලස්වා ඇති අතර ඔහුද ඔහුගේ කාමරයට ගොස් අරක්කු සමග වස පානය කර ඇත.
රාත්‍රී 11.30 ට පමණ දරුවන් දෙදෙනකු වමනය කිරීම හා පියාද වමනය කිරීම සමග දහතුන් හැවිරිදි වැඩිමහල් දියණිය මේ බව අසල නිවසේ සිටින ලොකු තාත්තාට එනම් පියාගේ වැඩිමහල් සොයුරාට දැනුම් දී තිබේ. පසුව ඔවුන් එක්ව මේ සියලු දෙනා ගම්පොළ රෝහලට ඇතුළත් කොට තිබේ.
පානය කිරීමට ගෙනා වස බෝතලය ද පසුව නිවසේ තිබී සොයාගෙන ඇත. වස පානය කිරීමට ප්‍රථම මෙම සැමියා විසින් සිය බිරිඳගේ හා දරුවන්ගේ ඡායාරූප ඇඳ මත තබාගෙන බලමින් සිට ඇති බවද පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
ගම්පොළ මුලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු, ළමා හා කාන්තා අංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා රසීකා රණවීර, පො.ප. දීපාල්, උ.පො.ප. කොබ්බෑකඩුව, පො.සැ. වරුන් වන (82711) රුචිශ්‍රී, (45145) පියසේන, කා.පො.කො. (4995) වාසනා යන නිලධාරීහු පරීක්ෂණ පවත්වති.