රුසියන් ජාතිකයෙකු රැගෙනයමින් තිබූ සුඛෝපභෝගී මෝටර් රථයක් අද (15) අලුයම දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව ප්‍රදේශයේදී ඉදිරියෙන් ගමන් ගත් ලොරියක ගැටීමෙන් එම රුසියන් ජාතිකයා බරපතළ තුවාල ලබා ඇතැයි අධිවේගී රථවාහන පොලීසිය පවසයි.

මෝටර් රථය පැදවූ රියැදුරුව අත්අඩංගුවට ගෙන ඇත.

රුසියන් ජාතිකයා රැගත් මෝටර් රථය ගාල්ල පින්නදූව පිවිසුමෙන් අධිවේගී මාර්ගයට ඇතුළු කර කටුනායක ගුවන්තොටුපොළ කරා ගමන් කරමින් තිබියදී එම දිසාවටම ඉදිරියෙන් ගමන්ගත් ලොරියක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

අනතුර සිදුවූ වහාම එම ස්ථානයට පැමිණි අධිවේගී මාර්ගයේ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් මෝටර් රථය තුළ සිරවී සිටි රුසියානු ජාතිකයාව පිටතට ගෙන හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණි.

පැරණි පුවත් – මම ඉපදිලා මාසෙකට පස්සේ අම්මා මාව එංගලන්තේ පවුලකට හදාගන්න දීලා.මව සොයා හඬා වැටෙන එංගලන්තයේ සංගීත ශිල්පියා කියන කතාව

ලෝකේ කොහේ මොන රටක මොන තැනක හිටියත් තමන් වැදූ අම්මා කවුද කියලා නොදන්නවා නම් ඒ දැනෙන හැඟීම ඔබට හිතාගන්න පුළුවන්ද? මේකත් ඒ වගේ තමන්ගේ අම්මාව හොයාගෙන ලංකාවට ආපු පුතෙක්ගේ කතාවක්.

තම වැදූ මව සොයා වසර 31ට පසුව ශ්‍රී ලංකාවට පැමිණි එංගලන්තයේ පදිංචි තරුණ සංගීත ශිල්පියෙක් ගැනයි මේ කතාව.

තමා සතු ශ්‍රී ලාංකික උප්පැන්න සහතිකය අනුව තම මව එස්. ඒ. සුනීතා රංජනී බවත් ඇයගේ ලිපිනය A 21, නවගම්පුර, ස්ටේස් පාර, කොළඹ 14 බවත් පවසන ඔහු රාගම රෝහලේදී උපත ලබා ඇති බවත් පවසයි. දැනට සතියකට වැඩි කාලයක් තමා සතු තොරතුරු අනුව මව පිළිබඳව කොළඹ ප්‍රදේශයේ සොයා බැලූ බවත් තවත් සතියක කාලයක් ශ්‍රී ලංකාවේ නැවතී තම මව සොයා බලා යන බව ඔහු පවසයි.

“මගේ උප්පැන්න සහතිකය අනුව නම සඳහන් වන්නේ සඳවන් යනුවෙන්, උපන් දිනය 1991.06.15, මසකට පසුව මා එංගලන්තයේ පදිංචි යුවලකට හදා වඩා ගැනීමට දුන් තොරතුරු මා සතුව තියෙනවා, මා මෙවර පැමිණියේ පියා සමඟ, මා එංගලන්තයේ විවාහ වී එක් දරුවෙක් සිටිනවා, කවදා හෝ මා බිහි කළ ශ්‍රී ලංකාවේ මව දැකගැනීම එකම බලාපොරොත්තුවයි, බිරිය හා දරුවන් සමඟ නැවත ශ්‍රී ලංකාවට පැමිනීමට බලාපොරොත්තු වෙනවා,”

මෙන්න බලන්න තවත් පුවත්