කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇයගේ පෙම්වතා බව පැවසෙන 40 හැවිරිදි පුද්ගලයෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුව හොරණ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

කාන්තාවගේ ජංගම දුරකථනයේ සටහන්වී තිබූ කෙටි පණිවුඩයක් හේතුවෙන් මෙම ආරවුල ඇතිවී තිබේ.

එම ආරවුල දුරදිග යෑමෙන් ඉකුත් 12 වනදා අලුයම් කාලයේදී කාන්තාවගේ නිවසේ ඉදිරිපස ජනේලයේ වීදුරුව කඩා නිවසට ඇතුළුවී තිබූ සැකකරු, කැත්තකින් පහරදී ඇයට බරපතළ තුවාල සිදුකර ඇත.

එම සිද්ධියෙන් අනතුරුව සැකකරු පොලීසිය වෙත ගොස් භාරවී තිබේ.

මොරගහහේන පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තරිඳු බණ්ඩාර මහතා සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

පැරණි පුවත් – අනියම් බිරිය යැයි සිතා සැමියාගේ යතුරු පැදියේ ගිය නෑනාට කුඩෙන් තඩි බාලා

වැරදි කණ්ණාඩියෙන් බලා සැමියාගේ යතුරු පැදියේ පිටු පස සිටි නෑනාට කුඩයක් කැඩෙන තෙක් නෙළු නෝනා කෙනෙක් පිළිබඳව දකුණේ නගරයකින් වාර්තාවේ.

දෙදෙනාම එකම නගරයේ දෙතැනක රැකියාව කළහ. සැමියා වැඩ කරන තැනින් ඔහු පිළිබඳ ලැබුණු තොරතුරු ඒතරම්ම යහපත් වූ ඒවා නොවීය. එය කනින් කොනින් ලැබුණු තොරතුරු නිසා ඇය ඒවායේ නොඑල්ලු‍ණාය. එහෙත් ඒවා බැහැර නොකර යටි සිතේ ගබඩා කරගෙන සිටීමට ද අමතක නොකළාය.

එදා දහවල සිය ආයතනය ආසන්නයේ ඖෂධ අලෙවි සලකට ගොඩවීමට ඇය ගියේ හදිසි අවශ්‍යතාවක් සඳහා යම් දෙයක් මිලදී ගැනීමටය. එසේ යන දිහාවේ තමා යන දිහාවට මුහුණලා සිය සැමියා නතර කරගෙන සිටි යතුරු පැදියට ඖෂධ අලෙවි සලෙන් කඩිමුඩියේ එළියට පැමිණි කතක් හිස් ආවරණයක් ද පැලද ගොඩවනු දුටු කළ දෙඇස් පැටළුනු ඇයට දෙලොව සිහිවිය.

ඒ සමගම මරු විකලෙන් මෙන් ඉදිරියට දිව ගිය ඇය අත මිට මොලවා ගෙන සිටි කුඩයෙන් සැමියාගේ යතුරු පැදියේ පිටුපස වාඩිවී යාමට සූදානම්වූ කාන්තාවට අත දිගහැර නෙළුවේ අද අතටම අසුවුණා යයි කියමිනි.

සැමියා යතුරු පැදිය හරවාගෙන සිටි අන්තයේ කුලියට කාමර දෙන තැන් අනන්තවත් ඇති හෙයින් සහ තමා සහේට ගත් දා සිට තමා හැර වෙනත් කාන්තා පරාණයක් ඔහු යතුරු පැදියේ නංවාගෙන යනු නොදුටු නිසාත් ඖෂධ අලෙවි සලට කාන්තාව ගොස් ඒමත් සමගම ඇය තව තවත් අවේශවී මේ කතට කුඩෙන් ගැසුවාය.

‘‘ඕයි මොකද මේ අඳුනන්නේ නැද්ද? මේ මගේ නංගි…. අපේ තාත්තාට අමාරුයිලු‍ නංගියි මායි මේ පාමසියෙන් බෙහෙතක් අරන් ඉස්පිරිතාලෙට යන්න යනවා. ඔහේටවත් කියන්න වෙලාවක් වුණේ නැහැ. නංගි මට තාත්තාගේ තත්ත්වය කිව්වේ නංගි බෙහෙත් ගන්න පාමසියට ආපු වෙලාවේ. මමයි කිව්වේ
නංගිට මම එනකම් ඉන්න කියලා, යැයි ඔහු කීවිට ඇය දෙවරක් නොසිතා නෑනාගෙන් සමාව අයැද සිටියාය.

මෙන්න බලන්න තවත් පුවත්