සුසන්තා චන්ද්‍රමාලි ප්‍රවීණ රංගන ශිල්පිනිය, නැවත වතාවක් රුදුරු පිළිකා රෝගයට ගොදුරුව ඇති බව මීට දින කිහිපයකට පෙර ඇය විසින් ම සමාජ මාධ්‍ය හරහා අනාවරණය කර තිබුණා.

එසේම, ඇයට හිතවත් පාර්ශව ගණනාවක් ද මේ සම්බන්ධයෙන්විවිධ පුවත් පළ කර ඇති අයුරු දැක ගත හැකි වුණා.එසේ වුවත්, ඇගේ රෝගී තත්ත්වය උපයෝගී කරගනිමින් සාවද්‍ය සහ අසත්‍ය පුවත් බොහෝමයක් ද සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන අයුරු දැක ගත හැකියි.එවැනි පුවත් රැසකට පිළිතුරු දෙමින්, ඇගේ දියණිය තිසුරි යුවනිකා සිය මුහුණු පොතට එක් කරගෙන තිබූ සටහනකි මේ..

ආදරණීය ඔබට

ජනප්‍රිය එමෙන්ම ප්‍රවීණ රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය පිළිබඳව පුවත් කිහිපයක් සමාජ මාධ්‍ය ජාලා තුළ සංසරණය වෙමින් පවතී

1එතුමිය නැවතත් රෝගී තත්ත්වයට පත්වී ඇති බව සහ ඊට ප්‍රතිකාර ලබා ගැනීමට මුදල් ආධාර අවශ්‍ය බව..(ලබාදිය යුතු එක් එන්නත ක මිල ලක්ෂ අටකට ආසන්නය)2 ආධාර ලබාදීමට පියුමි හංසමාලි මහත්මිය ඉදිරිපත් වී ඇති බව.3 සුසන්තා චන්ද්‍රමාලි මහත්මියට දිවි සැරිය නිම කොට ඇති බව ..
මේ කරුණු තුනෙන් පළමු වන කාරණාව හැර අන් සියළු කාරණා අසත්‍ය බව කරුණාවෙන් සලකන්න.මා අද දින උදේඇයට දුරකතනයෙන් කතා කළ අතර මේ ප්‍රචාරයත් නිසා ඇය දැඩි මානසික කම්පනයකට පත්ව ඇත ..මේ කරුණ සම්බන්ධයෙන් ඔබට පෞද්ගලික මතයක් ඇත…එය ඔබගේ අයිතියයි…නමුත් ඇය රෝගී බව සත්‍යයක්එසේ හෙයින් ඇයගේ ධෛර්යය වර්ධනය වන ආකාරයේ දේවල් පමණක් සටහන් කිරීම ඔබගේ මානුෂික ගුණාංග යන්න ඉස්මතු කිරීමකි

piumi hansamali මහත්මිය බොහෝ අයට උදවු කරන තැනැත්තියකි.නමුත් මේ පලවන ප්‍රවෘත්ති අසත්‍ය යැයි මා පවසන්නේ පියුමි මහත්මිය විසින් පවුලේ කවරෙකුට හෝ මේ වන තෙක් මේ බව දැනුම් දී නොමැති වීමයි.එසේ ඇය මේ සඳහා ඉදිරිපත් වූයේ නම් එය මහත් අස්වැසිල්ලක් සේම පුණ්‍යකර්මයකි.තාමත් එය නිල වශයෙන් දැනුම් දී නොමැති පරිසරයක මේ ප්‍රවෘත්තිය තව තවත් ප්‍රචාරය කිරීමෙන් වන්නේ සුසන්ත මහත්මියට ලැබෙන ආධාරයක් වැළකී යාමකි

තමන්ගේ චැනලයට හෝ page එකට ප්‍රචාරයක් ලබා ගැනීම සඳහා අවර ගණයේ උත්සාහයන් නොගන්නා ලෙස ඒ පිරිසගෙන් ගෞරවයෙන් ඉල්ලමි.ඇය තවමත් ජීවිත සටනේ යෙදී සිටින බවත්ඊට අප හැමගේම සහය අවශ්‍ය බවත් වගකීම් සහිතව ප්‍රකාශ කරමි.කලාකරුවන් ලෙස ඉතා ඉක්මනින් වැඩ පිළිවෙලක් සකස් කිරීමට අප උත්සාහ ගනිමින් සිටී.තමන් නියෝජනය කරන ක්ෂේත්‍රයෙන් ලබාදිය හැකියි සහාය පිළිබඳව පිළිබදව මා දැනුවත් කරන්න .

පැරණි පුවත් -තූර්යවාදක පුහුණුවකට පැමිණි සිසුවිකගේ ඇග අතගාලා

රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානයේ පැවැත්වෙන සතියක තූර්යවාදක පුහුණුවක් සඳහා පැමිණ සිටි සිසුවියක් නේවාසිකාගාරයේ නිදාගෙන සිටියදී අළුයම් කාලයේ එහි ඇතුළු වූ පුද්ගලයෙකු එම සිසුවියගේ සිරුර අතගානා අවස්ථාවේ සිසුවිය අවදිවී කෑගැසීම නිසා එම පුද්ගලයා පලාගොස් ඇතැයි හසලක පොලිසිය පවසයි.

නිදාගෙන සිටි ඇඳ අසලට පැමිණි එම පුද්ගලයාතමාගේ එක් කකුලක් අතගෑ අවස්ථාවේ අවදි වී කෑ ගැසූ බවත් එයින් කලබලයට පත් වූ එම පුද්ගලයා කොරිඩෝව දිගේ දිව ගිය බවත් එම සිසුවිය පොලිසියට පැමිණිලි කර ඇතැයි කියති

එම පුද්ගලයා කැමා ටී ෂර්ට් එකක් හා කළු පැහැති කලිසමක් ඇඳ සිටි බවත් එම සිසුවිය වැඩිදුරටත් පවසන්නේ යැයි පොලිසිය පවසයි

කොරිඩෝවේ සවිකර තිබූ විදුලි පහන්ආලෝකයෙන් මේ බව දුටු බවත් එම සිසුවිය වැඩිදුරටත් පොලීසියට පවසා ඇතැයි දැන ගැනීමට ඇත

තවත් පාසල් සිසුවියක් තමා නිදා සිටි ඇද අසල පිරිමි පුද්ගලයෙකු සිටිනවා දැකඅවතාරයක් යැයි සිතා බියට පත්ව බෙඩ් ශීට් එක පාදාන්තයේ සිට හිස දක්වා පොරවාගත් බව පවසන්නේ යැයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි

මෙමසිද්ධියට මුහුණ පෑ බව කියන සිසුවියන් දෙදෙනා මහනුවර ප්‍රදේශයේ බාලිකා විද්‍යාලය දෙකක ඉගෙනුම ලබන සතියක කාලයක් සඳහා තූර්යවාදක පුහුණුවීම් සඳහා පැමිණ සිටිසිසුවියන් යැයි ද පොලිසිය වැඩිදුරටත් පැවසීය

පොලිස් හදිසි ඇමතුම් අංශයට මේ බව දැනුම් දීමෙන් පසු හසලක පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් එහි පැමිණ පරීක්ෂණ ආරම්භ කරනු ලැබීය

සිසුවියන් දෙදෙනාට ලිංගික අතවරයක් කිරීමට උත්සාහ කර පලාගිය පුද්ගලයා හොයා හසලක පොලීසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි

මෙම පුද්ගලයා ගැන තවම තොරතුරු ලැබී නොමැති බවද පොලිස් ආරංචි මාර්ග වලින් වැඩිදුරටත් දැන ගැනීමට ඇත

රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානයේ පැවැත්වෙන සතියක තූර්යවාදක පුහුණුවක් සඳහා පැමිණ සිටි සිසුවියක් නේවාසිකාගාරයේ නිදාගෙන සිටියදී අළුයම් කාලයේ එහි ඇතුළු වූ පුද්ගලයෙකු එම සිසුවියගේ සිරුර අතගානා අවස්ථාවේ සිසුවිය අවදිවී කෑගැසීම නිසා එම පුද්ගලයා පලාගොස් ඇතැයි හසලක පොලිසිය පවසයි.

නිදාගෙන සිටි ඇඳ අසලට පැමිණි එම පුද්ගලයාතමාගේ එක් කකුලක් අතගෑ අවස්ථාවේ අවදි වී කෑ ගැසූ බවත් එයින් කලබලයට පත් වූ එම පුද්ගලයා කොරිඩෝව දිගේ දිව ගිය බවත් එම සිසුවිය පොලිසියට පැමිණිලි කර ඇතැයි කියති

එම පුද්ගලයා කැමා ටී ෂර්ට් එකක් හා කළු පැහැති කලිසමක් ඇඳ සිටි බවත් එම සිසුවිය වැඩිදුරටත් පවසන්නේ යැයි පොලිසිය පවසයි

කොරිඩෝවේ සවිකර තිබූ විදුලි පහන්ආලෝකයෙන් මේ බව දුටු බවත් එම සිසුවිය වැඩිදුරටත් පොලීසියට පවසා ඇතැයි දැන ගැනීමට ඇත

තවත් පාසල් සිසුවියක් තමා නිදා සිටි ඇද අසල පිරිමි පුද්ගලයෙකු සිටිනවා දැකඅවතාරයක් යැයි සිතා බියට පත්ව බෙඩ් ශීට් එක පාදාන්තයේ සිට හිස දක්වා පොරවාගත් බව පවසන්නේ යැයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි

මෙමසිද්ධියට මුහුණ පෑ බව කියන සිසුවියන් දෙදෙනා මහනුවර ප්‍රදේශයේ බාලිකා විද්‍යාලය දෙකක ඉගෙනුම ලබන සතියක කාලයක් සඳහා තූර්යවාදක පුහුණුවීම් සඳහා පැමිණ සිටිසිසුවියන් යැයි ද පොලිසිය වැඩිදුරටත් පැවසීය

මෙන්න බලන්න තවත් පුවත්