ලොතරැයි ජයග්‍රහණයෙන් පසු කරණවෑමියා බිරියගේ නැගණිය සමග හොර රහසේ පලාගිය පුවතක් මහනුවර ප්‍රදේශයෙන් වාර්තා වේ.

වාර්තා වන අන්දමට මහනුවර නගරයේ සිට කිලෝමීටර විස්සක් පමණ දුරින් පිහිටි ගලහ ප්‍රදේශයේ කරණවෑමියකු ලෙස සේවය කරන වයස අවුරුදු හතළිස් පහක පමණ වයසැති දෙදරු පියෙක් සෑම දිනකම විවිධ වර්ගයේ ලොතරැයි පත් මිල දී ගැනීමට හුරුවී සිටියේය.

පසුගිය දිනෙක ඔහු මිල දී ගත් ලොතරැයි පතකට රුපියල් ලක්ෂ දහයක දිනුමක් ලැබුණේ කිසිසේත්ම නොසිතූ අයුරිනි. ලොතරැයි ජයග්‍රහණයත් සමග ඔහුගේ නෑදෑ හිතවත්හු ඔහුගේ නිවෙසට පැමිණ ඔහුට සුබ පැතූහ.

එලෙස ඔහුට සුබ පැතීමට පැමිණි බිරියගේ නැගණිය හා ඇගේ දරු දෙදෙනා දින කිහිපයක් නිවෙසෙහි නතර වූයේ කරණවෑමියාගේ බිරියගේ පෙරැත්තෙනි.

පසුගිය දිනක උදෑසන නැගණියගේ දරුවන් දෙදෙනා නැගිට මව සොයමින් හඬා වැටීම නිසා කරණවෑමියාගේ බිරිය නිවස පුරා නැගණිය සොයා බැලු‍වත් නැගණිය නොසිටියාය. එබැවින් තම සැමියා හට ඒ බව ප්‍රකාශ කිරීම සඳහා සැමියා සොයා බලද්දී ඔහු ද නිවෙසේ නොසිටියේය. සිදුව ඇති දේ තේරුම් ගැනීමට ඇයට ගතවූයේ නිමේෂයකි.

බිරියගේ නැගණිය කරණවෑමියා සමග හොර රහසේ පලා ගොස් ඇත්තේ තවත් දරු දෙදෙනකුගේ බර ද බිරියට පටවමිනි.

පේරාදෙණිය කුමාර රම්බොඩගෙදර
ලංකාදීප

පැරණි පුවත් – මට වයස අවුරුදු හැට වුණත් මම කොටට අඳිනවා.මම මොකුත් හංගන්නේ නැතුව ඔක්කොම පෙන්නන නිසා ඕන කෙනෙක්ට ඕන දෙයක් හිතන්න පුළුවන්

විටින් විට ක්ෂේත්‍රයේ කතාබහට ලක්වන රංගන ශිල්පිනියක් වන සචිනි අයේන්ද්‍රා මේ දිනවල හැමෝගෙම කතාබහට ලක්වෙන චරිතයක් බවට පත්වෙලා.ඇගේ නම නිතර කියවුණේ රූ රැජන තරග සම්බන්ධයෙන් බව කවුරුත් දන්නා කරුණක්.2003 වසරේදී ලක් රූ රැජන වීමත් සමඟින් එම වසරේම ලෝක රූ රැජන තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ අවස්ථාව ද ඇයට හිමිවූවා.ආදරණීය වස්සානය චිත්‍රපටයෙන් සිය රංගන ජීවිතය ඇරඹූ ඇය සංඛාරා, හාර්ට් එෆ් එම් ආදි චිත්‍රපට රැසකට ද දායක වුවා.

සචිනි රංගන ශිල්පිනියක් නොවුණා නම් ඔබ කවුරු වෙයිද?

එහෙනම් මම ව්‍යාපාරික කාන්තාවක් වෙයි. ඒත් මම මොනවගේ ක්ෂේත්‍රයක හිටියත් අනිවාර්යයයෙන්ම කලා ක්ෂේත්‍රයටම එයි. මම දැනටත් ව්‍යාපාර දෙකක් කරනවා. මම කැමති මං දන්න දෙයක් කරලා ඉස්සරහට යන්න.

රංගනයේදී තෝරා ගන්න චරිතවලට සීමාවක් ති‍යෙනවද?

ඔව්. මම මේ ක්ෂේත්‍රයට එන්නේ මුලින්ම 2002 වසරේ. ඒ නිරූපණ ශිල්පිනියක් විදියට. මම චිත්‍රපටියක් තෝරා ගනිද්දී ඒ චරිතය හොඳයි ද? ඒ චරිතයේ මට කරන්න තියෙන්නේ මොනවද?, මට පෙනී සිටින්න තියෙන දර්ශන මොනවා ද? ඒවාගේ දේවල් සොයා බලලා තමයි මං ඒ චරිතය තෝරගන්නේ. උදාහරණයක් ගත්තොත් ලිංගික දර්ශන තියනවා නම් ඒවගේ සීමාව බලලා තමයි මං චරිතය තෝරා ගන්නේ.

සචිනිට සහකරු මුණගැහෙන්නේ කොහොමද?

ඔහුව මට මුලින්ම හමුවෙන්නේ ඔහුගේ ව්‍යාපාරික ස්ථානයේ අවුරුදු උත්සවයක් විනිශ්චය කරන්න ගිහිල්ලා. මම හෙව්ව විදියේ කෙනෙක් තමයි එයා. දැන් අපි විවහ වෙලා අවුරුදු 14ක් වෙනවා. අපිට දියණියන් දෙන්නෙක් ඉන්නවා. අපි අපේ දරුවෝ දෙන්නා බලාගෙන සමගියෙන් ඉන්නවා.

සහකරුගෙන් සචිනිට ලැබෙන සහයෝගය කොයිවගේද ?

එයා මගේ කිසිම දේකට බාධා කරන්නේ නැහැ. ඇත්තටම මම කාගෙන්වත් මගේ වැඩවලට ලොකු දායකත්වයක් බලාපොරොත්තු වෙන්නේ නෑ. මට ඕන දෙයක් තනියම කරන්න පුළුවන්. ඒ නිසා මට එහෙම ලොකු උදව්වක් ඕන නැහැ. මම මගේ ව්‍යාපාර කටයුතු, රංගන කටයුතු ආදිය තනියම තමයි කරගන්නේ. ඒත් මට අවශ්‍ය වෙලාවෙදී එයාගෙන් සහයෝගය ලැබෙනවා. හැබැයි එහෙමයි කියලා එයා හැම ෂූටින් එකටම මාව අරලවන්නයි එක්කගෙන යන්නයි නම් එන්නේ නැහැ. ඇත්තටම මම එහෙම කරනවට කැමතිත් නෑ. එයා මට මගේ වැඩ කරගන්න නිදහස දීලා තියනවා.

මෙන්න බලන්න තවත් පුවත්