
යශෝධා විමලධර්ම කියන්නෙ පුංචි තිරයේ අහිංසකාවීය විදිහට කවුරුත් දැන අඳුනන, කාගෙත් ආදරය දිනාගත්ත සුන්දර රුවැත්තියක්.
සමාජ මාධ්‍ය තුළත් ඇය බොහෝම සක්‍රීයයි.
පසුගිය දවසක කැළුම් විජේසූරිය සමඟ සම්මුඛ වෙමින් ඇය කියූ කතා ටිකක් තමයි මේ..
වැඩියෙන්ම ඔබ ප්‍රිය කරන්නෙ, සිංගල් ලයිෆ්, ලිවිට් ටුගෙදර් නැත්තම් මැරේජ් ලයිෆ්?
සිංගල් ලයිෆ් ඊස් ඕවසම්..
පසුතැවෙන චරිත තියෙනවද?
මගේ විෂයෙදි මම කිසිවක් කෙරෙහි පසුතැවෙන් නෑ. මම ජීවිතේ වැඩියෙන්ම ආදරේ කරන්නෙ මම රඟපාපු චරිතවලට. ඒ හැම එකක්ම මට ලැබීම ගැන සතුටු වෙනවා.
චන්න පෙරේරාගේ ඔබ කැමති සහ අකැමැතිම දේවල් මොනාද?
චන්න කියන්නෙ මගේ තිරයේ පෙම්වතා නිතරම ඒ දවස්වල. එයා හොඳ මනුස්සයෙක්. අකැමැතිම දේ කිව්වොත්, ඔහු ඉතින් අධ්‍යක්ෂකවරයෙක්. ඉතින් මම යාලුවෙක් හින්දා කියන්න පුලුවන් ඔහුට. ඔහු ඔහුගේ එක චිත්‍රපටයකවත්, එක චරිතයක්වත් මට ලබා දුන්නෙ නෑ.. අන්න ඒක තමයි ඉතින් අකැමැතිම…
පැරණි පුවත් – කොස්තාපල් පෙම්වතිය පෙමට පිටු පෑ නිසා පී.සී. පොලිසියේ යකා නටලා
පෙමට පිටු පෑ බව කියන ඇඹිලිපිටිය පොලිසියේ කොස්තාපල් පෙම්වතිය සහ එම පොලීසියේ රාජකාරි කරන තවත් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු ඝාතනය කරන බවට තර්ජනය කළේ යැයි කියන පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව ඇඹිලිපිටිය පොලීසිය පවසයි.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ මාලඹේ පොලිසියේ රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙකි.
මාලබේ පොලීසියේ රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයකු ඇඹිලිපිටිය පොලිසියේ රාජකාරි කරන කාන්තා පොලිස් කොස්තාපල්වරියක සමග කාලයක් තිස්සේ සිට ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
සැකකාර කොස්තාපල්වරයා සමග පැවති මෙම ප්‍රේම සම්බන්ධතාවය මීට සතියකට පමණ ඉහතදී පොලිස් කොස්තාපල්වරිය නවතා දමා ඇතැයි පොලිසිය සදහන් කරයි.
ප්‍රේම සම්බන්ධතාවය නතර කළ නිසා කෝපයට පත්වූ බව කියන මෙම පොලිස් කොස්තාපල්වරයා ඇඹිලිපිටිය පොලිසියට දුරකථන ඇමතුමක් ලබාගෙන පොලිසියට කඩාවැදී ඔහු ප්‍රේම සම්බන්ධතාවය පවත්වාගෙන ගිය බව කියන පොලිස් කොස්තාපල්වරිය සහ පොලිසියේ තව තුන් හතර දෙනෙකු ඝාතනය කරන බවට තර්ජනය කර ඇතැයි ද එම උසස් පොලිස් නිලධාරියා කීය.
පසුව මෙම පොලිස් කොස්තාපල්වරයා ඇඹිලිපිටිය පොලිසියේ කාන්තා බට නිවසට පැමිණ එහි දොරට වැරෙන් ගසමින් කලහකාරී ලෙස හැසිරී ඇතැයි ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.