ප්‍රවීන රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මීට කලකට පෙර පිළිකා රෝගයට ගොදුරුව එයින් සුවය ලබා සිට හැවතත් මේ වසරේ වෛද්‍ය පරීක්ෂණවලින් ඇය නැවතත් එම රෝගයට ගොදුරුව සිටින බව ඇගේ සමාජ මාධ්‍ය ගිණුම්වල පළ කරල තිබුණු බව අප ඔබට මීට පෙර පැවසුවා.

ඇගේ ඖෂධ මිල අධික බවත් එම නිසා ඇයට ඖෂධ මිලදී ගැනීමට උපකාර කරන ලෙසත් ඇය සටහන් කර තිබුනා.

මේ අතරවාරයේ රංගන ශිල්පිනියක් සහ නිරූපිකාවක් වන පියුමි හංසමාලි සුසන්තා චන්ද්‍රමාලිගේ මේ සටහන ඇගේ සමාජ මාධ්‍යවල පළ කරමින් මෙසේ සඳහන් කරලා තිබුණා.

“අපි හැමොම එකතු වෙලා උදව් කරමු. මෙ අපෙ කාලා තරැවක් අනෙ පිං සිද්ද වෙයි පුලුවුන අය පිහිට වෙන්න මදි සියලුම සල්ලි මම ඇයට දෙන්නම්.”

ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි තැබූ සටහන පහතින්

ඉංග්‍රීසි භාෂාවෙන් මගේ මිතුරිය මා පිළිබඳව මෙසේ සවිස්තරාත්මකව සටහනක් තැබුවත්,මා පිළිබඳව දන්නා ඔබට මම ද මෙසේ ලියන්නට සිතුවෙමි.
2020 වර්ෂයේ මා පිළිකා රෝගයට ගොදුරු වී සුවය ලැබූ බව ඔබ සැවොම දන්නා කරුණක්.
2023 වර්ෂයේ කළ පරීක්ෂණ වලින් නැවතත් මම ඒ රෝගයට ගොදුරු වී ඇති බව දැනගන්නට ලැබුණා.
අපේක්ෂා රෝහලේ මගේ වෛද්‍යවරුන් කඩිනමින් කිමෝ ප්‍රතිකාර නැවතත් ආරම්භ කලත්,රජයේ රෝහල්වල එම මිලාධික ඖෂධ නොමැති නිසා,පෞද්ගලිකව එම ඖෂධ ලබා ගැනීමට සිදුවි ඇත.එහෙත් එය මට සිතා ගැනීමටවත් නොහැකි මුදලක් නිසා මෙවැනි සත් ක්‍රියාවකට දායක වීමට ඔබත් කැමති නම්,දායක වන්නැයි මගේ ඇරයුම.☺️????????
මම, සුසන්තා චන්ද්‍රමාලි..

පැරණි පුවත් – නුපුහුණු හෙදියගෙන් පොලිස් පරීක්ෂකට පාඩමක්

බසයක ගමන්ගත් තරුණියකගේ පපු පෙදෙස අත ගෑ බව කියන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු අද පස්වරුවේ අත්අඩංගුවට ගත්බව අලුත්ගම පොලිසිය සදහන් කරයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර පොලිස් කොට්ඨාසය යටතේ ඇති පොලිස් ස්ථානයක විවිධ පැමිණිලි අංශයක ස්ථානාධිපති ලෙසින් රාජකාරි කරන 54 හැවිරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු බවද සදහන් වේ.

අම්බලන්ගොඩ දක්වා ධාවනය ලංගම බස් රථයක ගමන්ගත් පුහුණු වන හෙදියක් ගමන් කර ඇති අතර , ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇය අසල රැදී සිට පපු ප්‍රදේශයේ අතගෑ බවට පුහුණු හෙදිය බසයේදී පැවසීමත් සමගින් උරණවූ මගීන් ප්‍රධාන පොලිස් පරීක්ෂක වරයාට පහරදී පොලිසියට භාරදී ඇතැයි පැවසේ.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

අලුත්ගම ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.එම්. ප්‍රියන්න කුමාර මහතාගේ උපදෙස් පරිදි පරීක්ෂණ පවත්වයි.

මෙන්න බලන්න තවත් පුවත්