
“කෙල්ලෙක්ගේ ලස්සනම දවස තමයි ඒක..එදාට කෙල්ලෙක් මඟ බලාගෙන ඉන්නෙ.මාත් එහෙම හීන දැක්ක කෙනෙක්.ඒත් මට ලස්සන හනිමූන් එකක් උරුම වුණේ නෑ..”
මේ කතාව කිව්වෙ කෙල්ලෙක්.එයාට දැන් අවුරුදු 25ක්.ජීවිතේ ලස්සනම දවසක් අවලස්සන වුණු හැටි එයා කියන්නෙ මෙහෙම…
“අපේ වෙඩින් එක ගත්තෙ බණ්ඩාරවෙල.හනිමූන් එක තිබ්බෙ හපුතලේ හොටෙල් එකක්.මේ හොටෙල් එක සෙට් කළේ හබීගෙම යාලුවෙක්.අපි හුඟක් ආසාවෙන් හිටියේ ඒ වෙලාව එනකන්..”
“හොටෙල් එකට ගියත් අමුත්තක් දැණුනේ නෑ.අපි දෙන්නම රූම් එකට ගිහින් ලයිට් නිව්වා.එතකොට ම මොකක් හරි සද්දයක් ඇහුණා.මම වැඩි අවධානයක් නොදී ඇස් පියාගෙනම හිටියා.මෙන්න එකපාරම කවුදෝ එකෙක් අපි අතරින් දිවුවා..”
“මම කෑ ගැහුවා දෙවනත් වෙන්න. හබී පැනලා අරූව අල්ලගත්තා. එයාට මළපැන්න පාර ඒ පොරට ගැහුවා නිල් වෙන්නම. පස්සෙ තමා අපි සිද්ධිය
දැනගත්තෙ. මේ කොල්ලා අපේ හනිමූන් එක හොරෙන් ෂූට් කරන්න තමා ඇවිත් තියෙන්නෙ. එතන පොඩි හිඩැසක් තියෙනවා, සඳලුතලයත් එක්ක.
එතන හැංඟිලා ශේප් එකේ ෂූට් කරන්න හැදුවේ..”
“වැඩේ කියන්නෙ අපේ වාසනාවට මුගේ ෆෝන්එක රිංග් යන්න අරන් මූ ඒකට බයේ පැනලා තියෙන්නෙ. හස්බන් අල්ලගත්තෙ හොඳ වෙලාවට. ඌ මෙතනම වැඩ කරන එකෙක්. හොඳම දේ තමා මේ වැඩේට හස්බන්ගේ යාලුවත් සම්බන්ධයිලූ. පස්සෙ අපි මේ ගැන පොලිසියත් දැනුවත් කළා..”
“මෙයාලා මෙහෙම ෂූට් කරලා ඒ වීඩියෝ ඉන්ටනෙට් දානවලූ. ඒවට මාර ඉල්ලුමක් තියෙනවලූ..”
“මට අදටත් මතක් වෙනකොට ඒ දවස ඇඟ හිරිවැටිලා යනවා..”
පැරණි පුවත් – ලොව ඕනෑම තැනක සිට පෙම්වතියව සිපගන්න හැකි උපාංගයක් නව මුහුණුවරකින්
ලොව ඕනෑම තැනක සිටින පෙම්වතා හෝ පෙම්වතියව සිප ගැනීම සදහා නව උපාංගයක් නිර්මාණය කිරීමට චීනයේ Jiangsu පළාතේ විශ්වවිද්‍යාල කණ්ඩායමක් සමත් වී තිබෙනවා.
මිට පෙරද මෙවැනිම උපාංගයක් නිර්මාණය කර තිබු අතර එම උපාංගය තවත් වැඩි දියුණු කර මෙම උපාංගය නිර්මාණය කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙය චලනය වන සිලිකන් “තොල්” විශේෂාංගී වන උපාංගය පරිශීලකයින්ට ඔවුන්ගේ සිපගැනීම් “උඩුගත කිරීමට” සහ යෙදුමක් හරහා අන් අයගේ හාදු “ලැබීමට” ඉඩ සලසන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එය “සිපන්නෙකුගේ තොල්වල සැබෑ පීඩනය, චලනය සහ තාපය” අනුකරණය කිරීමට සංවේදක භාවිතා කිරීම නිසා සැබෑ සමීපත්වය අත්විඳීමට හැකි බවයි විශ්වවිද්‍යාල කණ්ඩායම පවසන්නේ.
මෙම කණ්ඩායමේ සිසුවෙකු මාධ්‍ය වෙත පවසා ඇත්තේ “මගේ විශ්ව විද්‍යාලයේ, මම මගේ පෙම්වතිය සමඟ දුරස්ථ සම්බන්ධතාවයක සිටි නිසා අපි එකිනෙකා සමඟ සම්බන්ධ වන්නේ දුරකථනයෙන් පමණි. මේ උපකරණයේ ආභාසය ඇති වුණේ එතැනින්” බවයි.
මෙම උපාංගයට පේටන්ට් බලපත්‍ර ලබා දී ඇති බව වාර්තා වේ.