
තාරුණ්‍යයේ සිහින කුමරු ලෙසින් හද බැඳගත්ත ශිහාන් මිහිරංග කියන්නෙ අමුතුවෙන් ඔබට හඳුන්වා දිය යුතු චරිතයක් නෙවෙයි.
හිරු ස්ටාර් හි විනිසුරුවරයෙකු ලෙස ද කටයුතු කරන ශිහාන්, එදා තිබූ ජනප්‍රියත්වය අදත් එලෙසින්ම දිනාගෙන සිටිනවා.
වරක් හිරු හිතක මතක වැඩසටහනට එක්වෙමින් ඔහු, සිය විවාහ සංවත්සරය දා සිදුවූ සිදුවීමක් මෙසේ සිහි කළා.
“වෙඩින් ඇනිවසරිස් අවුරුදෙන් අවුරුද්දටනෙ එන්නෙ.. හැමදේටම කලින් සුදානම් වෙන එක හොඳයිනේ. මමත් ඒ නිසා ඇනුවසරි එකට දවස් දහයකට විතර කලින් සප්‍රයිස් කරන්න ගිහින් ලැජ්ජ වුණා. ඇත්තමයි ජීවිතේ බිරිඳට ලැජ්ජ වෙලා නම් නෑ. සෑහෙන පෞරෂ්‍යක් තියන් ඉන්නෙ. එදා නම් දුක හිතෙන්නම ලැජ්ජ හිතුණා…”
“එදා අද රෑ 12ට කලින් සප්‍රයිස් කරන්න හිතුවේ. ශැම්පේන් එකක් එහෙම ලෑස්ති කරලා. කන්න දෙයක් ලෑස්ති කරද්දිම මෙයා පහළට ආවා. පස්සෙ ෂැම්පේන් ග්ලාස් එක අතට දුන්නම ඔලුව කඩාගෙන එයා හිනාවෙන්න ගත්තා. එතකොට මට තේරුණා වැරදුණා වැඩේ කියලා. ඇනිවසරි එක 25, විශ් කළේ 15.. ආදරණීය වෙන්න වුවමනාවක් තිබුණේ.. ආදරේ කියන්නෙ විහිලුවක් නෙවේ.. හිතට එකඟව කරන දේ කරන්න..”
පැරණි පුවත් – මහනුවර ගමක් භීතියට පත් කරමින්, මඩ වගුරකින් මතුවූ සුරූපී මධුවන්තිගේ මරණයේ අභිරහස
නිවසේ තනිවම සිටි 25 හැවිරිදි කාන්තාවක ඝාතනය කර නිවස අසල වෙල් යායක මඩ ගොහොරුවක ඔබා තිබියදී අද 11 ප්‍රදේශවාසින් විසින් සොයා ගනු ලැබ තිබෙනවා.
මහනුවර අලවතුගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් විලාන පල්ලේගම ඇල්ලේකඩේ ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම කාන්තාව විවාහක කාන්තාවක් වන බවත් දරුවන් නොමැති බවත් සැමියා සමඟ නිවසේ තනිව ජීවත්ව ඇති බවත් පොලිසිය සඳහන් කළා.
ඊයේ 10 වනදා රාත්‍රීයේදී සැමියා ගමේ මළ ගෙදරකට ගොස් ඇති අතර මළගෙදර සිට පැමිණ බලද්දී බිරිඳ නිවසේ නොසිටි බව සැමියා පොලීසියට ප්‍රකාශ කර තිබෙනවා.
අද අළුයම සිට මෙම කාන්තාව සොයා ප්‍රදේශ වාසීන් අවට ප්‍රදේශ පීරා ඇති අතර අළුයම් කාලයේදී ඇයගේ මළ සිරුර නිවසේ සිට මීටර් 100ක් පමණ දුරකින් පිහිටි වෙල් යායේ මඩ ගොහොරුවක ඔබා තිබියදී ප්‍රදේශවාසින් විසින් සොයා ගනු ලැබ තිබෙනවා.
ප්‍රදේශවාසින් ප්‍රකාශ කරන්නේ රාත්‍රී 9.30 ට පමණ යටි ගිරියෙන් කෑ ගහන ශබ්දයක් ඇසුන බවත් දොරවල් ඇර බැලූ විට එම ශබ්දය නොඇසී ගිය බවයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් තරුණියගේ මව මෙසේ කියා තිබුණා.
“දොර අරිනකොට දුව හිටියේ නැහැ. පොඩි දුව පෙන්නුවා සපත්තු දෙකේ පස් කියලා. මං ගිහින් අහල පහල අයට කිව්වා. පොලීසියටත් ගියා. හොයලා බලනකොට එක්කෙනෙක් කිව්වා මෙන්න ඉන්නවා කියලා. මං හිතුවේ ඉන්නවා කියලා. මඩ වගුරක දාලා.”
මෙම මළ සිරුර සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරික්ෂණය අද 11 වනදා සිදු කිරිමට නියමිතව තිබිණා.
මෙසේ මිය ගොස් ඇත්තේ අලවතුගොඩ විලාන පල්ලේගම ඇල්ලේකඩේ ප්‍රදේශයේ පදිංචිව සිටි ධනුකා මධුවන්ති ජයතිලක නැමැති 25 හැවිරිදි විවාහක කාන්තාවක්.
මෙම කෲර ඝාතනය සම්බන්ධයෙන් සැකකරන පුද්ගලයින් දෙදෙනෙකු සම්බන්ධයෙන් පොලීසියේ අවධානය යොමු වී ඇති අතර අලවතුගොඩ පොලිසිය වැඩි දුර පරීක්ෂණ සිදු කරනවා.