මේ දිනවල සමාජ මාධ්‍යවල වගේම ප්‍රධාන මාධ්‍යවලත් කතාබහ කරන පුවත් අතර ප්‍රධාන තැනක් ගන්නේ මීනගයා දුම්රියේ වැසිකිලියක දමා ගිය බිළිදාගේ කතා පුවත.

මේ සමඟ සමාජ ජාලාවල බොහෝ පුවත් මැවෙන්න ගත්තා. මේ අතර වාරයේ ජනප්‍රිය ගායන ශිල්පී රුවන් හෙට්ටිආරච්චි සහ ජනප්‍රිය රංගන ශිල්පිනී ෂෙරිල් ඩෙකර් ඔවුන්ට දරුවන් නොමැති නිසා මේ බිළිඳාව ඔවුන්ට දරුකමට හදාගන්න ඉල්ලා සිටින බවට පුවතක් සමාජ මාධ්‍යවල සැරිසරනවා.

මේ පුවත ගැන හිරු ගොසිප් අපි රුවන් හෙට්ටිආරච්චිගෙන් විමසීමක් කළා.

පහත දැක්වෙන්නේ ඔහු අපට එම පුවත ගැන පැවසූ දේයි.

“ඒ කතාව බොරුවක්. අපි දෙන්නාගෙන් එක්කෙනෙක්වත් කොහෙදිවත් එහෙම දෙයක් කියලා නැහැ. දරුවෙක්ව එහෙම අපි හදාගන්න ගන්න බලාපොරොත්තුවක් නැහැ. මේ වැරදි පුවත පතුරුවන අයට විරුද්ධව මම ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙනවා…”

පහත දැක්වෙන්නේ සමාජ ජාලාවල සංසරණය වුණු ඒ සටහනයි…

පැරණි පුවත් – අටේ දැරිය අත ගෑ 70 සාදු ගුටි කා අපවත් වෙති

අට හැවිරිදි දැරියක ස්පර්ශ කළැයි පහරකෑමට ලක් වූ හිමි නමක පහරකා රෝහල්ගත කිරීමෙන් අනතුරුව අපවත්වී ඇතැයි හෙට්ටිපොල පොලිසිය පවසයි.

හෙට්ටිපොල පොලිස් වසමෙහි හිත්තරපොල, අගාරඋඩ ගම්මානයේ අගාරඋඩ ආවාසය විහාරස්ථානයේදී මෙම සිදුවීම සිදුව තිබේ.

මෙලෙස පහර කෑමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එලුවාපොල වගීශ්වර නමැති හැත්තෑ හැවිරිදි හිමිනමකි.

බෝධි පූජාවක් පැවැත්වීම සඳහා අගාරඋඩ ආවාසය විහාරස්ථානයට ගොස් බෝ මලුව පිරිසිදු කිරීම සඳහා ඉදලක් ගෙන ඒමට ගිය අට හැවිරිදි දැරියක මෙම සිද්ධියට මුහුණ පා ඇත.අ

දැරිය අතවර සිදුවූ බවට කණ වැකීමෙන් කෝපාවිෂ්ට වූ පියා ඔහුගේ සහෝදරයකුද කැටිව හිමිනම සොයා විහාරස්ථානයට ගොස් ඇති අතර එහිදී විහාරස්ථානයේ හිමිනම සිට නොමැති අතර එම ගම්මානයේම ඇති රාජමහා විහාරස්ථානයට ගොස් සොයා බැලීමේදී හිමිනම එම විහාරස්ථානයේ කාමරයක නිදාගෙන සිට ඇත.

එම කාමරය තුලදී හිමිනමට පහර කෑමට ලක්ව ඇති අතර යළි එම සිද්ධිය වූ විහාරස්ථානයට රැගෙන පැමිණ ඇතැයි ද වාර්තා වේ.

ගම්වාසීන් මෙම සිදුවීම සම්බන්ධව හෙට්ටිපොල පොලිසිය වෙත දන්වා ඇති අතර පොලිස් නිලධාරීන් පැමිණ 1990 හදිසි ගිලන්-රථයක් කැඳවා හිමිනමව කුලියාපිටිය මූලික රෝහලට රැගෙන ගොස් තිබේ. හිමිනමගේ තත්ත්වය බරපතල වූයෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට මාරු කර යවා ඇති අතර එහිදී අපවත්වී ඇත.

මෙන්න බලන්න තවත් පුවත්