අම්බලන්තොට රිදියගම පාරේ ධාවනය වෙමින් තිබූ යතුරු පැදියක් එහි පැදි කරුට යතුරු පැදිය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් පාරෙන් ඉවතට යතුරුපැදිය පැනිම හේතුවෙන් සිදු වූ අනතුරකින් යතුරු පැදියේ ගමන් ගත් තරුණයින් තිදෙනාගෙන් පසුපස ගමන් ගත් තරුණයින් දෙදෙනා ජීවිතක්ෂයට පත් වී ඇති බව අම්බලන්තොට පොලීසිය කියයි.

මෙම යතුරු පැදි අනතුර අම්බලන්තොට රිදියගම පාරේ බෝලාන හංදියට ආසන්නයේ දී සිදු වී ඇති බව පොලීසිය කියයි. යතුරු පැදියේ පසුපස ගමන් කල තරුණයින් දෙදෙනා හිස් වැසුම් නොමැතිව ගමන් කර ඇති බව පොලීසිය කියයි.

අනතුරු සිදු වූ ස්ථානයේ දි එක් තරුණයෙක් මිය ගොස් සිටි අතර තවත් තරුණයෙක් 1990 ගිලන් රථයෙන් හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ අම්බලන්තොට රුහුනු රිදියගම දියවර ගම්මානයේ පදිංචි තල්පාවිල විදාන කංකානම්ගේ ලසිඳු තිසර (21) සහ වත්තල එඩේරමුල්ල පදිංචි තුසිත ශ්‍රී නාත් ප්‍රනාන්දු (25) යන අය බව පොලීසිය කියයි.

පැරණි පුවත් -කාන්තා පියයුරු යුගලයෙන් හෙළි වන රහස්

කාන්තාවන්ගේ ශරීරයේ විවිධ අවයව වලින් විවිධ ආකාරයේ රහස් හෙළි වනවා. අද අප ඔබට කීමට යන්නේ කාන්තාවකගේ පියයුරුවලින් හෙළිවන රහස් කිහිපයකි.

ඝන බවට පත් වූ පුෂ්ඨිමත් පියයුරු යුගල එක සමාන වූ ආකාරයෙන් යුක්ත වූවා නම් එවැනි කාන්තාව වාසනාවන්ත ජිවිතයක් ගතකරයි. ඔවුන් නොයෙක් සැප සම්පත් භුක්ති විඳි. විවාහය උසස් ආකාරයෙන් පවත්වාගෙන යයි.

මටසිලිටු පියයුරු යුගලය වාසනාවන්තය. එවැන්නන්ගේ ජීවිතය බොහෝ සැහැල්ලූවෙන් ගෙවේ. ප‍්‍රශ්න ගැටළු දුක් දොම්නස් ඇති නොවේ. බලාපොරොත්තු පැතුම අනුවම ඉටු වේ.

දැකුම්කළු භාවයෙන් යුත් තනපුඩු තද කාලවර්නයෙන් යුක්තව පිහිටියා නම් ධන සම්පත් ඇති කෙරේ. විවාහය තරුණ වයසේදීම සිදු වේ. උසස් තනතුරු ලාභ, කිර්ති ප‍්‍රසංසා ලැබේ.

වැහැරුණු පියයුරු ඇත්ති සැපසම්පත් නොලබයි. නිතර අනුන්ගේ අඩුපාඩු සොයන්නිය. කේලාම් බස් කීමට වැඩි කැමැත්තක් දක්වන්නිය. පවුලේ සාමය, සමගිය තහවුටු නොවේ. නිතර රෝගාබාධයන්ට ගොදුරු වේ. හිතේ එකඟතාවයක් නොමැත.

පියයුරු මුල මහත්ව අග භාගය ක‍්‍රමයෙන් සිහින් වුයේ නම් ජිවිතයේ මුල් කාලය තුල සැප සම්පත් ලැබුණු නමුත් මැදි වයසේ සිට එම සැප සම්පත් ක‍්‍රමයෙන් ගිලිහි ගොස් පශ්විම යාමයේදී විවිධ දුක් දොම්නස් විඳීමට සිදුවේ.

පියයුරු අතර පරතරය දුරස් වුවා නම් හිතේ එකඟතාවය අඩුය. වරින් වර පදිංචි ස්ථාන මාරු කිරීමටද සිදුවේ. සැප සම්පත් හීන වේ. බලාපොරොත්තු ඉටු නොවේ. යුගදිවිය කටුකොහොලින් ගහනය.

දකුණු පියයුරුව උස්ව පිහිටා ඇත්නම් ජිවිතයේ අන්තිම කාලයේ උසස් සැප සම්පත් භුක්ති විඳින අතර වැඩි වශයෙන් පිරිමි දරුවන් ලබයි. විවාහයේ මුල් කාලය තුල කරදර ඇති වුවත් මැදි වයසේදී යම් සහනයක් සතුටක් ලැබේ.

වම් පියයුරුව උස්ව පිහිටීම නිසා ඇය වැඩියෙන් ගැහැණු දරුවන් ලබන අතර එම දරුවෝ වාසනාවන්තයන් බවට පත් වෙති. ධන සම්පත්වලින් පොහොසත්ය.

ගෝලාකාර පියයුරු ඇත්තී වාසනා ගුණයෙන් හීනය. විවාහයට පොරොතුව අනියම් සම්බන්ධතා ඇති වේ. විවාහයෙන් පසුව චරිතය යහපත්ව පවත්වාගෙන යාමට අසීරුය. තම සම්පත්වලින් නිසි ප‍්‍රයෝජන ලබාගැනීමට නොහැකි වේ.

තනපුඩු යුගලය බොහෝසෙයින් විශාලව කළුවන් පැහැයෙන් යුක්තනම් දුගී දුප්පත් පැල්පතක උපත ලැබුවත් ඇය උසස් සැප සම්පත් භුක්ති විඳින්නිය.

පියයුරු යුගලය එකට බැඳී පවතී නම් ආත්මාර්ථකාමී ගතිය වැඩි දියුණු වේ. බොහෝ අවස්ථාවලදී තම මතයම ක‍්‍රියාවට නැංවීම උත්සහ ගනී. එබැවින් සමාජ සම්බන්ධතා බිඳ වැටේ. විවාහය තරුණ වයසේදීම සිදු වේ.

මෙන්න බලන්න තවත් පුවත්