නිවසේ තනිවම සිටි 25 හැවිරිදි කාන්තාවක ඝාතනය කර නිවස අසල වෙල් යායක මඩ ගොහොරුවක ඔබා තිබියදී අද 11 ප්‍රදේශවාසින් විසින් සොයා ගනු ලැබ තිබෙනවා.

මහනුවර අලවතුගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් විලාන පල්ලේගම ඇල්ලේකඩේ ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම කාන්තාව විවාහක කාන්තාවක් වන බවත් දරුවන් නොමැති බවත් සැමියා සමඟ නිවසේ තනිව ජීවත්ව ඇති බවත් පොලිසිය සඳහන් කළා.

ඊයේ 10 වනදා රාත්‍රීයේදී සැමියා ගමේ මළ ගෙදරකට ගොස් ඇති අතර මළගෙදර සිට පැමිණ බලද්දී බිරිඳ නිවසේ නොසිටි බව සැමියා පොලීසියට ප්‍රකාශ කර තිබෙනවා.

අද අළුයම සිට මෙම කාන්තාව සොයා ප්‍රදේශ වාසීන් අවට ප්‍රදේශ පීරා ඇති අතර අළුයම් කාලයේදී ඇයගේ මළ සිරුර නිවසේ සිට මීටර් 100ක් පමණ දුරකින් පිහිටි වෙල් යායේ මඩ ගොහොරුවක ඔබා තිබියදී ප්‍රදේශවාසින් විසින් සොයා ගනු ලැබ තිබෙනවා.

ප්‍රදේශවාසින් ප්‍රකාශ කරන්නේ රාත්‍රී 9.30 ට පමණ යටි ගිරියෙන් කෑ ගහන ශබ්දයක් ඇසුන බවත් දොරවල් ඇර බැලූ විට එම ශබ්දය නොඇසී ගිය බවයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් තරුණියගේ මව මෙසේ කියා තිබුණා.

“දොර අරිනකොට දුව හිටියේ නැහැ. පොඩි දුව පෙන්නුවා සපත්තු දෙකේ පස් කියලා. මං ගිහින් අහල පහල අයට කිව්වා. පොලීසියටත් ගියා. හොයලා බලනකොට එක්කෙනෙක් කිව්වා මෙන්න ඉන්නවා කියලා. මං හිතුවේ ඉන්නවා කියලා. මඩ වගුරක දාලා.”

මෙම මළ සිරුර සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරික්ෂණය අද 11 වනදා සිදු කිරිමට නියමිතව තිබිණා.

මෙසේ මිය ගොස් ඇත්තේ අලවතුගොඩ විලාන පල්ලේගම ඇල්ලේකඩේ ප්‍රදේශයේ පදිංචිව සිටි ධනුකා මධුවන්ති ජයතිලක නැමැති 25 හැවිරිදි විවාහක කාන්තාවක්.

මෙම කෲර ඝාතනය සම්බන්ධයෙන් සැකකරන පුද්ගලයින් දෙදෙනෙකු සම්බන්ධයෙන් පොලීසියේ අවධානය යොමු වී ඇති අතර අලවතුගොඩ පොලිසිය වැඩි දුර පරීක්ෂණ සිදු කරනවා.

පැරණි පුවත් – මගීන් දහස් ගණනකගේ ජිවිත අවදානමට ලක් කළ දුම්රිය නිවේදිකාව

කොළඹ කොටුවේ සිට මීගමුව බලා ධාවනය වන අර්ධ සීග්‍රගාමි දුම්රිය ධාවනය කරන අයුරු මරදාන දුම්රිය ස්ථානයේ සේවිකාවක කළ නිවේදනයෙන් දුම්රිය මගීහු අන්දමන්ද විය.

‘‘දෙවන වේදිකාවට ආ දුම්රිය මීගමුව බලා පිටත්වේ. එය මීගමුව දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නතර කරනවා ඇත.‘‘

එම දැනුම් දීමට අනුව දෙමටගොඩ සිට රාගම දක්වා ඇති දුම්රිය ස්ථාන හරහා ගමන් පහසුකම් සලසා ගන්නා මගීහු එම දුම්රියට ගොඩ වූහ. දුම්රිය ගමන් ආරම්භ කිරීමට සූදනම්වනවත් සමග යළි නිවේදනයක් කළාය. ඒ දෙවන වේදිකාවට ආ දුම්රිය දෙමටගොඩ සහ කැලණිය දක්වා නවත්වන බවත් කැලණියේ සිට රාගම දක්වා නොනවත්වන බවත් එම නිවේදනයෙන් කියැවිණි.

ගමන් ආරම්භ කළ දුම්රිය යළි නතර කෙරිණි. කැලණියෙන් පසු හොරපේ දක්වා ඇති දුම්රිය ස්ථාන හරහා ගමන් පහසුකම් ලබා ගන්නා මගීහු දැඩි අපහසුවෙන් එම දුම්රියෙන් බැස ගත්තේ සෙමින් සෙමින් ඉදිරියට ඇදෙන දුම්රියෙනි. වගකීම් විරහිත සේවිකාවක නිසා දුම්රිය මගීහු දහස් ගණනකගේ ජීවිත අවදානමට ලක්වන බව මගීහු චෝදනා කළහ.

මෙන්න බලන්න තවත් පුවත්