
සැකකාර කාන්තාවක් අත්අඩංගුවට ගැනීම සහ ඇය අපහසුතාවට පත් වන ආකාරයට කටයුතු කිරීම සම්බන්ධයෙන් බණ්ඩාරවෙල මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයාට එරෙහිව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
පොලිස්පතිවරයාගේ නියෝග මත පොලිස් විශේෂ විමර්ශන කොට්ඨාසය මඟින් අදාළ පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.
පොලිස්පතිවරයාගේ නියෝග පරිදි අදාළ පරීක්ෂණය ආරම්භ කර ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය.
ළමුන් හා කාන්තාවන් සම්බන්ධයෙන් ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳව පොලිස්පතිවරයා විසින් නිකුත් කර ඇති චක්‍රලේඛ අනුව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් එම පරීක්ෂණය ආරම්භ කර තිබේ.
අදාළ බිළිදාගේ මව පොලීසිය මඟින් අත්අඩංගුවට ගැනීම, සැකකාරියගෙන් ප්‍රශ්න කිරීම මෙන්ම විමර්ශනයේ තොරතුරු පිළිබඳව සැළකිලිමත් වීමකින් තොරව එම කාන්තාව අපහසුතාවට පත්වන ආකාරයට කටයුතු කිරීම සම්බන්ධයෙන් ද එම පරික්ෂණය පැවැත්වීමට නියමිතය.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දුම්රියක වැසිකිලියක් තුළ අතහැර ගොස් සිටි බිළිඳාගේ මව සහ පියා ඊයේ (11) අත්අඩංගුවට ගෙන තිබුණි.
කොළඹ කොටුවේ සිට – මඩකලපුව දක්වා ධාවනය වීමට නියමිතව තිබූ ”මීනගයා” රාත්‍රී තැපැල් දුම්රියේ වැසිකිලියේ අත්හැර ගොස් සිටියදී එම බිළිඳා පසුගිය 10 වනදා රාත්‍රියේ සොයාගත්තේය.
බිළිඳෙකු දුම්රිය මැදිරියක වැසිකිළියක් තුළ සිටින බවට දුම්රිය මගීන්ගෙන් ලැබුණු තොරතුරු මත
වහා ක්‍රියාත්මක වූ කොටුව දුම්රිය ආරක්ෂක අංශය එහි ගොස් පරීක්ෂා කර තිබුණි.
ඒ අනුව කූඩයක් තුළ බහා අත්හැරදා තිබූ මේ බිළිඳා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත ඇතුළත් කිරීමට පොලීසිය පියවර ගැණුනි.
මෙම සිද්ධිය මාධ්‍යයෙන් වාර්තාවීමත් සමග බණ්ඩාරවෙල පොලීසියේ විශේෂ ඒකකයට බිළිඳාගේ මව යැයි සැක සහිත කාන්තාවක් සම්බන්ධයෙන් තොරතුරක් වාර්තා වී තිබුණි.
එම තොරතුරට අනුව පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු බණ්ඩාරවෙල නායබැද්ද ප්‍රදේශයේ නිවසකට ගියේ එම කාන්තාව සොයාගැනීම සඳහාය.
ඇයගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙම කාන්තාව බිළිඳාගේ මව බවට තහවුරු කරගැනීමට පොලීසියට හැකිවිය.
අනතුරුව බණ්ඩාරවෙල පොලීසියේ විශේෂ ඒකකයේ තවත් නිලධාරීන් පිරිසක් ගොස් 25 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගනු ලැබීය.
පැරණි පුවත් -දුම්රියේ දමා ගිය බිලිදාගේ පියා සරසවි සිසුවෙක්. දරුවා සුවෙන් – බිලිදාගේ පියාගෙන් පාපොච්චාරණයක්
කොළඹ සිට මඩකලපුව දක්වා ධාවනය වීමට නියමිතව තිබූ මීනගයා දුම්රියේ වැසිකිළියකින් හමුවූ බිළිඳාගේ පියා විසින් පොලිසිය හමුවේ පාපොච්චාරණයක් කර තිබෙනවා.
සැකකරු පෞද්ගලික සරසවියක 4 වන වසරේ සිසුවෙක් බවටයි මේවන විට හෙළිවී ඇත්තේ.
25 හැවිරිදි ඔහු අද පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවේ කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ සිටියදීයි.
අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු පොලිසිය හමුවේ සඳහන් කර ඇත්තේ තමන් පෙම්වතිය සමග විවාහ වී නොමැති අතර ඇයට නිවසට යාමට අවශ්‍ය බවට පැවසීම හේතුවෙන් දරුවා මෙලෙස දුම්රියේ තබා ගිය බවටයි.
මෙම යුවළ විවාහ වී නොමැතිව දෙහිවල ප්‍රදේශයේ කුලී පදනම මත නතර වී සිට ඇතැයි සඳහන්.
සැකකාර සරසවි සිසුවා ඔන්ලයින් රැකියාවක නිරතව සිට ඇති අතර දරුවා දැමූ කූඩය ද ලබාගෙන ඇත්තේ ඔන්ලයින් ඇනවුම් කර බවට හෙළිකර තිබෙනවා.
දරුවා සහ තම පෙම්වතිය භාර ගැනීමට ද සූදානම් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
විවාහ නොවීම හේතුවෙන් දරුවා රැගෙන නිවෙස්වලට යාමට නොහැකි වීම හමුවේ බිළිඳාට ආදරය කරන අයෙක් රැගෙන යනු ඇතැයි අපේක්ෂාවෙන් දුම්රියේ දමා ගිය බව ද සැකකාර පියා ප්‍රකාශකර තිබෙනවා.
ඊයේ (10) රාත්‍රී 7ට පමණ මඩකලපුව බලා පිටත්ව යාමට සූදානම්ව තිබූ මීනගයා දුම්රියේ වැසිකිළියක දමා ගොස් සිටි මෙම බිළිඳා, මගියෙකු විසින් දැක දුම්රිය බලධාරීන් දැනුවත් කර තිබුණා.
අනතුරුව මෙම බිළිදාගේ මව්පියන් සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබූ අතර ලැබුණු තොරතුරක් අනුවයි මොවුන් දෙදෙනා හමුවී ඇත්තේ.
බණ්ඩාරවෙල නායබැද්ද හා කොස්ලන්ද යන ප්‍රදේශවලදී ඔවුන් පොලිස් භාරයට ගත් ඇති අතර ඔවුන්ගෙන් මේ වනවිට වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරන බව පොලිසිය සඳහන් කළා.