මහනුවර, අලවතුගොඩ ප්‍රදේශයේ කුඹුරක තිබී කාන්තා මළ සිරුරක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක් පොලිසිය විසින් අද (12) අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, මහනුවර නිල සුනඛ කොට්ඨාසයේ ද සහාය ලබාගනිමින් අලවතුගොඩ පොලිසීය විසින‍් කළ මෙහෙයුමකදීය.

මහනුවර අලවතුගොඩ ප්‍රදේශයේ කුඹුුරක තිබී ඝාතනය කළ බවට සැක කෙරෙන කාන්තා මළ සිරුරක් ඊයේ (11) උදෑසන හමුවී තිබුණි.

එලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 26 හැවිරිදි විවාහක තරුණියක් බව පොලීසිය සඳහන් කරයි.

එම තරුණිය නිවසේ නොමැති බවට සැමියා විසින් ඇයගේ මවට සිදුකළ දැනුම්දීමක් අනුව කළ සොයාබැලීමකදී සිරුර හමුවී තිබුණි.

එලෙස මිය ගොස් ඇත්තේ, 26 හැවිරිදි දනූකා මධුවන්ති නම් විවාහක තරුණියකි.

පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ සැමියා හා එක්ව ඇය වෙළෙඳසැළක් පවත්වාගෙන ගොස් ඇති බවය.

ඊයේ රාත්‍රී 9.50ට පමණ සැමියා වෙළෙඳසැළ වසා දමා අවමඟුල් උත්සවයකට සහභාගී වන බව පවසා තරුණිය එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.

පසුව ඔහු අලුයම 2ට පමණ නැවත නිවසට පැමිණ ඇති බව පොලීසිය සඳහන් කරයි.

අනතුරුව අලුයම් කාලයේදී ඔවුන් දෙදෙනා පදිංචි නිවස දෙසින් කෑගසන ශබ්ද ඇසුණු බවට ප්‍රදේශවාසීන් පොලීසියට පවසා තිබේ.

මියගිය තරුණිය සහ ඇයගේ සැමියා අතර පවුල් ආරවුල් පැවැති බවටද ප්‍රදේශවාසීන් පවසා ඇති බව පොලීසිය ප්‍රකාශ කරයි.

මෙය ඝාතනයක් බවට සැක මතුවන බැවින් සැමියාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් සිදුකරන බව පොලීසිය සඳහන් කළේය.

පැරණි පුවත් – කතකට ‘උම්මා’ දෙන්න ගිහින් බල්ලෙක් පාඩමක් උගන්වලා

නිවෙසේ තනි‍යෙන් සිටි කාන්තාවක බදාගත් තැනැත්තකුට සුරතල් බල්ලා පාඩමක් ඉගැන්වීමේ සිද්ධියක් අම්පාර මධ්‍යම කඳවුර ‍පොලීසියෙන් වාර්තා වේ.

සිද්ධිය මෙසේය.

දිනය 1 වැනිදාය. ඔහු මෙම සිද්ධියට මුහුණ දුන් කාන්තාවගේ නිවෙසේ සිට මීටර් 500ක් පමණ දුරින් පිහිටි නිවෙසක සිටි අයෙකි. දහවල් 11.00ට පමණ මෙම කාන්තාවගේ නිවෙසට පැමිණ ඔහුගේ පාපැදිය කඩුල්ල අසල නවතා තබා කාන්තාවට කතා කළේය.

ගෙතුල සිටි කාන්තාව ඉදිරිපස ආලින්දයට එනු දුටු අසල්වැසියා, බීමට වතුර වීදුරුවක් ඉල්ලා සිටියේ, තමන් වී වේළමින් සිටියදී දිව ගිලෙන්නට තරම් අධික පිපාසයක් ඇති වූ බව පවසමිනි.

සිත් ගන්නා‍ පෙනුමක් ඇති මෙම කාන්තාව එසැණින් ගෙතුළට යද්දී දිය ඉල්ලූ පුද්ගලයා ද ඇය පසුපසින් කුස්සියට ගියේය.

එහිදී කාන්තාව දුන් වතුර වීදුරුව බී, එක් වරම ඔහු ඇය බදාගෙන සිප ගන්නට තැත්කළේ කතට කිසිත් සිතාගත නොහැකිව තක්බීර් වෙද්දීය.

ක්ෂණයකින් ඇය ඔහුගෙන් ගැලවීමට කෑගසමින් ‍පොරබදන්නට වූවාය. මෙම කෑගැසීමත් සමග පොර බැදීම දුටු එම නිවෙසේ සිටි සුරතල් බල්ලා ස්වාමි දුවට මෙම මිනිසා අකටයුත්තක් කරන්නට යන බව ඉවෙන් මෙන් දැන එතැනට කඩා පැන ඔහුගේ සරමෙන් ඇද එය බිම දැමුවේය.

බිම වැටුණ සරම එක් අතකින් අහුලාගත් ඔහු, අනිත් අතින් කාන්තාව මෙල්ල කර ගැනීමට ප්‍රයත්න දැරුවේය.
අවසානයේ කාන්තාවගේ කෑමොර ගැසීමත්, බල්ලාගෙන් බේරීමට නොහැකිකමත් හේතුවෙන්, ඔහු සරම රැගෙන එම නිවෙසෙන් එළියට පැන ගියේ විදුලි වේගයෙනි.

කාන්තාව ‍මේ සම්බන්ධව මධ්‍යම කඳවුර ‍පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව සුළු කාලයක් ඇතුළත සැකකරු අත්අඩංගුවට ගෙන විමර්ශන සිදු කළේය.

සැකකරු අම්පාර අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ද පොලීසිය සඳහන් කළේය.

මෙන්න බලන්න තවත් පුවත්