අප්‍රේල් මාසයේ සිදුවන මිල සංශෝධනයේ දී ජනතාවට සහන ලබාදීමට බලාපොරොත්තු වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ ඩොලරය පහත බැසීමත් සමග ඉන්ධන ආනයනය කිරීමේ දී ලැබෙන සහනය එහිදි ජනතාවට ලබාදෙන බවය.

මිල සුත්‍රයට අනුව සෑම මසකම පළමු දින ඉන්ධන මිල සංශෝධනය සිදුකරනු ලබයි.

ඒ අනුව අප්‍රේල් මාසයේ දි සිදුවන මිල සංශෝධනයේ දී ඉන්ධන මිල පහත දැමීමට බලාපොරෝත්තු වන බව කංචන විජේසේකර අමාත්‍යවරයා සඳහන් කළේය.

පැරණි පුවත් – අප රෝහල සතුව එවැනි පහසුකම් හෝ ඖෂධ මේ වනවිට තිබුණේ නෑ… ඒ හේතුවෙන් විකල්ප වැඩපිළිවෙළක් කඩිනමින් සෙවිය යුතු වුණා- ජීවිතයක් බේරාගත් තෙල්දෙණිය රෝහලේ වෙද දෙවිවරු

කෙසේ වුවද මේ අතිශය දුෂ්කර අවස්ථාවේදී මේ අර්බුදය ඇති කළේ කවුරුද? ඒ කෙසේද? යන්න සොයනවාට වඩා ජීවිතය බේරා ගැනීම සිය ඒකායන අරමුණ යැයි යළි යළිත් සිහිපත් කර දෙන්නට මහනුවර තෙල්දෙණිය මූලික රෝහලේ “සුව විරුවෝ” පිරිසක් කටයුතු කළහ.

එය සැබැවින්ම අභියෝගයක් වූයේ ඇතැම් විට ශික්‍ෂණ රෝහලක හෝ මහ රෝහලක තරම් පහසුකම් මෙම රෝහල තුළ නොතිබීම නිසා විය හැකියි.

නමුත් එම අභියෝගය හමුවේ සාර්ථකව මුහුණ දුන් විශේෂඥ ශල්‍ය වෛද්‍ය කෝසල සෝමරත්න මහතාද ඇතුළු තෙල්දෙණිය මූලික රෝහලේ ‘සුව විරු’ කණ්ඩායමට වයෝවෘද්ධ කාන්තාවක් (අවු:67) පිළිකා මාරයාගෙන් බේරා ගැනීමට හැකි විය.

අපේ වෛද්‍යවරුන්ගේ මේ අතිශය සුවිශේෂී ශල්‍යකර්මය පිළිබඳව රටට කියන්නට “මව්බිම” අපි මහනුවර තෙල්දෙණිය මූලික රෝහලට පිවිසුණෙමු.

කතාව ඇරැඹුණේ මෙලෙසිනි.

“අපි වෙත මේ රෝගියා ආවේ ගිලීමේ අපහසුවක් තියෙනවා කියලා. ඇය අවුරුදු 67ක පමණ වයස අම්මා කෙනෙක්. අපි මේ පිළිබඳව අදාළ වෛද්‍ය අංශ වෙත සාම්පල් යොමු කිරීමේදී තමයි තහවුරු වුණේ මේ හැදිලා තියෙන්නේ පිළිකාවක් කියලා. එය හැදිලා තිබුණේ අන්නසේ‍රා්තයේ.”

“සාමාන්‍යයෙන් පිළිකාවක් එකවර හඳුනාගත නොහැකිය. ඒ සඳහා පරීක්‍ෂණ ගණනාවක් කළ යුතුව ඇත. ඒ අනුව ඊට සම්බන්ධව සිටින විශේෂඥ වෛද්‍යවරයා එය පිළිකාවක්ද නැද්ද යන්න තීරණය කරනු ලබයි.”

මේ සියලු පරීක්‍ෂණ අවසානයේ ඇයට පිළිකාවක් වැලඳී ඇති බව ව්‍යාධිවේදී විශේෂඥ වෛද්‍ය තුෂාරි ජයමහ මහත්මිය සිය වාර්තා මඟින් තහවුරු කළාය.

ඉන් අනතුරුව මේ සඳහා කළ යුත්තේ කුමක්දැයි යන්න තීන්දු කිරීමේ බැරෑරුම් කාර්ය පැවැරුණේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය කෝසල සෝමරත්න මහතාටය.

“ඇත්තටම මේක අතිශය සංකීර්ණ ඔපරේෂන් එකක්. අපි මහනුවර මහ රෝහලේ පිළිකා රෝග විශේෂඥ ශල්‍ය වෛද්‍ය සේනක කන්දෙගෙදර මහතාගෙන් මූලික උපදෙස් ලබා ගත්තා. එතුමාගේ අදහස වුණේ ඖෂධ හා විකිරණ ප්‍රතිකාර මඟින් මේ රෝගය පාලනය කිරීමයි.”

“කෙසේ වුවත් වර්තමානය වන විට පවතින බරපතළ ඖෂධ හා උපකරණ හිඟය දිවයිනේ සෑම රෝහලකම පාහේ ප්‍රතිකාර හා ශල්‍යකර්ම අඩාල කර දමා ඇත.

“අප රෝහල සතුව එවැනි පහසුකම් හෝ ඖෂධ මේ වනවිට තිබුණේ නැහැ. ඒ හේතුවෙන් විකල්ප වැඩපිළිවෙළක් කඩිනමින් සෙවිය යුතු වුණා. ඒ අනුව තමයි අප රෝහලේ නිර්වින්දන වෛද්‍ය රොෂාන් මල්ලිමආරච්චි මහතා සමඟ සාකච්ඡා කරලා තීරණය කළේ ඔපරේෂන් එකකට යමු කියලා.”

“මූලික රෝහලේ වුවද සැත්කම් සඳහා අවශ්‍ය උපකරණ නැහැ. රෝගීන්ගේ ශරීරය තුළට ඇතුළු කරන කුමන උපකරණයක වුවද මිල ඉතා අධිකයි. මෙවැනි ශල්‍යකර්ම සඳහා අවශ්‍ය වන ලැප්ටොස් කොපි (Laptospcopy) වැනි යන්ත්‍රවල වෙළෙඳ වටිනාකම සාමාන්‍යයෙන් මිලියන 40-60ක් පමණ වෙනවා.”

මෙන්න බලන්න තවත් පුවත්