ම්රිය වැසිකිළියක් තුළ බිළිඳෙකු දමා යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර මව පොලීසියට පාපොච්ඡාරණයක් සිදුකර තිබෙන බව දෙරණ රූපවාහිනිය මගින් නිකුත් කරන ලද වීඩියෝවක දැක්විණ.

කවුරුන් හෝ බිළිඳාව රැගෙන ගොස් ආරක්ෂාකාරීව හදාගනී යැයි සිතා එලෙස දමාගිය බව ඇය එහිදී පවසා තිබේ.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ නතරකර තිබූ දුම්රියක වැසිකිළියක් තුළ දමා තිබියදී ඊයේ (10) රාත්‍රියේ මෙම බිළිඳාව සොයා ගැනුණු අතර, 26 හැවිරිදි අවිවාහක යුවළක් වන බිළිඳාගේ දෙමව්පියන්ව බණ්ඩාරවෙල සහ කොස්ලන්ද පොලිස් ස්ථාන මගින් අත්අඩංගුවට ගෙන තිබිණ.

කුඩා බිළිඳෙකු සහ කාන්තාවක් සම්බන්ධ මෙවැනි සංවේදී කාරණයක් සම්බන්ධයෙන් මේ ආකාරයෙන් බලපෑම් සහගත ලෙස ප්‍රසිද්ධ ජනමාධ්‍ය කැමරාවක් ඉදිරියේ ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් අදාළ මාධ්‍ය ආයතනය/ආයතන සහ පොලීසිය සතුව කුමන ආකාරයේ නීතිමය හෝ සදාචාරාත්මක අයිතියක් තිබේ ද යන්න ප්‍රශ්ණ කළ යුතු තත්ත්වයකි.

බිළිඳෙකු සහ කාන්තාවකගේ මිනිස් අයිතිවාසිකම් සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු නොකොට පොලිස් නිල ඇඳුම් ඇඳි නිලධාරියෙකු ඉතාම බලපෑම් සහගත ලෙස ප්‍රශ්ණ කරන ආකාරය සම්බන්ධයෙන් නීතිමය සහ සදාචාරාත්මක ගැටළු සමූහයකි.

උදාහරණයක් ලෙස මෙහි පොලිස් නිලධාරියා අදාළ කාන්තාවගෙන් ප්‍රශ්ණ කරන්නේ ‘බඳින්න කැමති ද?’ වැනි ප්‍රශ්ණ ය. එය මේ මොහොතේ ප්‍රශ්ණ කිරීමේ දී නිලධාරියා වෙතින් අධිකාරීමය බලපෑමක් ගෙන දෙන ප්‍රශ්න කිරීමක් බව පෙනී යයි. මෙවැනි බලපෑම් සමාජයෙන් ද එල්ල විය හැකි බැව් බියෙන් යම් විටෙක අදාළ කාන්තාව බිළිඳා මෙසේ දමා ගියා වන්නට ද පුළුවන. දැන් ඇය බිළිඳා ආපසු භාරගැනීමට කැමැත්තෙන් පසුවෙද්දීත් පොලිස් නිලධාරියා උපදෙස් දෙන්නේ ‘විවාහ වන ලෙස’ ය.

සැකකාරිය සම්බන්ධ තීන්දුව සහ දරුවාගේ අයිතිය සහ භාරකාරීත්වය සම්බන්ධ තීන්දු ලබාදෙන්නේ ගරු අධිකරණය විසිනි. ඒ සම්බන්ධයෙන් කිසිදු අදහසක් ප්‍රකාශ කිරීම අපගේ අයිතියක් නොවේ. කෙසේවෙතත් පොලීසියට සැකකරුවෙක් අරබයා ප්‍රශ්න කිරීමක දී මෙවන් අධිකාරී බලපෑමක් සිදු කිරීම යුතු නොවේ.

අනෙක් අතට මේ ආකාරයෙන් රූපවාහිනී මාධ්‍ය ඉදිරියේ පොලීසිය සහ ‘සැකකරුවන්’ අතර වන සංවාද දිග හැරෙන්නේ රූපවාහිනී ටෙලි නාට්‍ය දර්ශන සඳහා පමණක් වුවත් දැන් දෙරණ වැනි ජනමාධ්‍ය සැකකරු අයිතිවාසිකම් දෙකේ කොළයට දමමින් ක්‍රියාකිරීම අතිශය කණගාටුදායකය.

මෙන්න බලන්න තවත් පුවත්