කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ නතරකර තිබූ දුම්රියක වැසිකිළියක් තුළ දමා ගිය බිළිඳාගේ මව්පියන් සොයාගෙන තිබේ.

26 හැවිරිදි අවිවාහක යුවළක් වන ඔවුන් දෙදෙනාව බණ්ඩාරවෙල සහ කොස්ලන්ද පොලිස් ස්ථාන මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

ඊයේ (10) රාත්‍රී 7ට පමණ මඩකලපුව බලා පිටත්ව යාමට සූදානම්ව තිබූ මීනගයා දුම්රියේ දමා ගොස් සිටි මෙම බිළිඳා, මගීන් සහ දුම්රිය බලධාරීන් විසින් සොයාගෙන තිබුණි.

පසුව බිළිදාගේ මව්පියන් සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබූ අතර ඒ අනුව ලැබුණු තොරතුරක් අනුව මොවුන් සොයාගෙන ඇත.

සැකකාර තරුණයා දෙහිවල ප්‍රදේශයේ රැකියාවක නිරතවී ඇති අතර තරුණියට දරුවෙකු ලැබීමට සිටින බව ආරංචිවීමෙන් පසු ඇයව ද ගෙන්වාගෙන කොළඹ ප්‍රදේශයේ නතර කරගැනීමට ඔහු කටයුතු කර තිබේ.

ඒ අනුව පසුගිය 25 වනදා දරුවා ලැබී ඇති අතර ඒ අනුව ඊයේ මෙලෙස දුම්රිය තුළ දමාගොස් තිබේ.

බණ්ඩාරවෙල නායබැද්ද හා කොස්ලන්ද යන ප්‍රදේශවලදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් මේ වනවිට වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරන බව පොලීසිය පවසයි.

පැරණි පුවත් – ජාඇල පොලිසියේ නතර කර තිබූ ජීප් රියක කුණුහරුප ලියලා

ජාඇල පොලිස් භූමියේ නවතා තිබු ජිප් රථයේ තැන තැන අසභ්‍ය වැකි ලියා එම ජිප් රථයට සූරා අලාභහානි සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයකු යටතේ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම ජිප් රථය පදවන රියදුරු වන පොලිස් සැරයන්වරයකු ජිප් රථය සෝදා පිරිසිදු කිරීම සදහා ඊයේ (27) පොලිස් ගරාජයේ නවතා ගොස් පසුව පැමිණ බැලීමේ එහි දොරවල් වල, බොනට්ටුවේ,දොරවල් වල මෙම අසභය වැකි ලියා ඇති අයුරු දැක් ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ජිප් රථයේ අසභ්‍ය වැකි ලිවීමට අමතරව සුරා අලාභහානි සිදුකර ඇත.

මෙම පොලිස් ගරාජයට පිටස්තර පුද්ගලයන් ඇතුලු නොවන එම ආරංචි මාර්ග පවසයි.

මෙම ක්‍රියාව සිදුකළ පුද්ගලයන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.

මෙන්න බලන්න තවත් පුවත්