ලෝකේ කොහේ මොන රටක මොන තැනක හිටියත් තමන් වැදූ අම්මා කවුද කියලා නොදන්නවා නම් ඒ දැනෙන හැඟීම ඔබට හිතාගන්න පුළුවන්ද? මේකත් ඒ වගේ තමන්ගේ අම්මාව හොයාගෙන ලංකාවට ආපු පුතෙක්ගේ කතාවක්.

තම වැදූ මව සොයා වසර 31ට පසුව ශ්‍රී ලංකාවට පැමිණි එංගලන්තයේ පදිංචි තරුණ සංගීත ශිල්පියෙක් ගැනයි මේ කතාව.

තමා සතු ශ්‍රී ලාංකික උප්පැන්න සහතිකය අනුව තම මව එස්. ඒ. සුනීතා රංජනී බවත් ඇයගේ ලිපිනය A 21, නවගම්පුර, ස්ටේස් පාර, කොළඹ 14 බවත් පවසන ඔහු රාගම රෝහලේදී උපත ලබා ඇති බවත් පවසයි. දැනට සතියකට වැඩි කාලයක් තමා සතු තොරතුරු අනුව මව පිළිබඳව කොළඹ ප්‍රදේශයේ සොයා බැලූ බවත් තවත් සතියක කාලයක් ශ්‍රී ලංකාවේ නැවතී තම මව සොයා බලා යන බව ඔහු පවසයි.

“මගේ උප්පැන්න සහතිකය අනුව නම සඳහන් වන්නේ සඳවන් යනුවෙන්, උපන් දිනය 1991.06.15, මසකට පසුව මා එංගලන්තයේ පදිංචි යුවලකට හදා වඩා ගැනීමට දුන් තොරතුරු මා සතුව තියෙනවා, මා මෙවර පැමිණියේ පියා සමඟ, මා එංගලන්තයේ විවාහ වී එක් දරුවෙක් සිටිනවා, කවදා හෝ මා බිහි කළ ශ්‍රී ලංකාවේ මව දැකගැනීම එකම බලාපොරොත්තුවයි, බිරිය හා දරුවන් සමඟ නැවත ශ්‍රී ලංකාවට පැමිනීමට බලාපොරොත්තු වෙනවා,”

පැරණි පුවත් – බඩගින්නේ ඉන්න අය ක්‍රිකට් තරඟ බලන්න එපා- ඉන්දියාවේ ක්‍රීඩා ඇමැතිගේ ප්‍රකාශයෙන් රටවල් දෙකම මවිත වේ

කුසගින්නේ සිටින පුද්ගලයින් ක්‍රිකට් තරඟ නැරඹීමට නොයා යුතු බව ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ක්‍රීඩා ඇමැති V.Abdurahivanan පවසා තිබෙනවා.

ඔහුගේ එම ප්‍රකාශය මේ වනවිට ඉන්දියාවේ ආන්දෝලනයකට තුඩු දී ඇති අතර ඔහු මේ බව සඳහන් කර ඇත්තේ තිරුවානන්දපුරම්හි පැවැත්වෙන ශ්‍රී ලංකා ඉන්දියා සීමිත පන්දුවාර ක්‍රිකට් තරඟාවලියේ ප්‍රවේශ පත්‍ර වල මිල අධික මන්දැයි මාධ්‍යවේදීන් විමසා සිටිය අවස්ථාවේදී.

එහිදී ඇමතිවරයා පවසා ඇත්තේ බඩගින්නේ සිටින අය ක්‍රීඩාව නැරඹීමට නොයා යුතු බවත් බදු අඩු කළත් සාමාන්‍ය ජනතාවට සහනය නොලැබෙන නිසා බදු අඩු නොකරන බවත්ය.

මෙන්න බලන්න තවත් පුවත්