ගම්පොළ දැල්පිටිය සෙවනක් ජනපදයේ පදිංචි පියෙකු සිය දරු තිදෙනාට වස පොවා ඔහුද වස පානය කිරීමෙන් සිව්දෙනාම

ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව ගම්පොළ පොලිසිය පවසයි.

මෙසේ රෝහල් ගතකර ඇත්තේ වයස අවුරුදු හතරක් වූ පිරිමි දරුවකු, අවුරුදු දහතුනක් හා අවුරුදු හතක් වන ගැහැණු ළමුන් දෙදෙනකු සමග හතළිස් හැවිරිදි ඔවුන්ගේ පියාය.

අඹුසැමියන් අතරේ දීර්ඝ කාලයක සිට පවුල් ආරවුලක් තිබී ඇති බව පරීක්ෂණ පවත්වන ගම්පොළ පොලිසිය අනාවරණය කරගෙන ඇත. බිරිඳ නිවසින් පිටව ගොස් ඇති අතර පියා සමග මෙම දරුවන් තිදෙනා නිවසේ සිට ඇත.

පෙරේදා (07 දා) රාත්‍රී 10 ට පමණ නිවසට පැමිණ ඇති පියා දරුවන්ට නොදැනෙන සේ පැණිබීම බෝතලයකට වස දමා දරුවන් තිදෙනාට බීමට සලස්වා ඇති අතර ඔහුද ඔහුගේ කාමරයට ගොස් අරක්කු සමග වස පානය කර ඇත.

රාත්‍රී 11.30 ට පමණ දරුවන් දෙදෙනකු වමනය කිරීම හා පියාද වමනය කිරීම සමග දහතුන් හැවිරිදි වැඩිමහල් දියණිය මේ බව අසල නිවසේ සිටින ලොකු තාත්තාට එනම් පියාගේ වැඩිමහල් සොයුරාට දැනුම් දී තිබේ. පසුව ඔවුන් එක්ව මේ සියලු දෙනා ගම්පොළ රෝහලට ඇතුළත් කොට තිබේ.

පානය කිරීමට ගෙනා වස බෝතලය ද පසුව නිවසේ තිබී සොයාගෙන ඇත. වස පානය කිරීමට ප්‍රථම මෙම සැමියා විසින් සිය බිරිඳගේ හා දරුවන්ගේ ඡායාරූප ඇඳ මත තබාගෙන බලමින් සිට ඇති බවද පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

ගම්පොළ මුලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු, ළමා හා කාන්තා අංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා රසීකා රණවීර, පො.ප. දීපාල්, උ.පො.ප. කොබ්බෑකඩුව, පො.සැ. වරුන් වන (82711) රුචිශ්‍රී, (45145) පියසේන, කා.පො.කො. (4995) වාසනා යන නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

ගම්පොළ – සුරංග දිල්හාන්

පැරණි පුවත් – කඳුකර කොටියෙකු වැසිකිළියක සිරවෙයි

සුනඛ දඩයමේ පැමිණි කඳුකර කොටියෙකු වැසිකිළියක සිර වී තිබෙනවා.

අද (26) අලුයම වතු නිවාසයක වැසිකිළියක අදාළ කොටියා සිර වී ඇති බවයි වාර්තාවන්නේ.

හැටන් පොලිස් වසමට අයත් හැරල්ඩ් වතුයායේ වතු නිවසක එහි හිමිකරු උදෑසන වැසිකිළියට ගිය අවස්ථාවේදියි මෙම කඳුකර කොටියා එහි වැතිර සිට ඇත්තේ.

මෙම වතු යායට නිරතුරුව කඳුකර කොටීන් පැමිණෙන බවත්, එසේ පැමිණ සුනඛයින්ව දඩයම් කරගන්නා බවත් වතුවාසීන් පවසනවා.

පසුව හැටන් පොලිසිය විසින් නල්ලතන්නිය වනජීවී නිලධාරින්ට අදාළ කඳුකර කොටියා ගැන දැනුම්දී තිබෙනවා.

මෙන්න බලන්න තවත් පුවත්