
අම්බලන්ගොඩ ප්‍රදේශයේ නිවෙස් ආශ්‍රිතව ගැවසෙන, නයි පොළඟුන් ආදී විෂ සහිත සර්පයන් නිරුපද්‍රිතව අල්ලා සත්ත්ව අභය භූමි වෙත නිදහස් කිරීමේ පුණ්‍ය කර්මයක යෙදී සිටි 29 හැවිරිදි තරුණ සත්ත්වවේදියකුට 07 දා නාගයකු දෂ්ට කිරීම නිසා මියගොස් ඇත.
ගුස්තින්නා වඩු අනුරාධ නමැති මෙම තරුණයා ඒ වනවිට නාගයන් දහසකට වැඩි පිරිසක් නිවෙස් ආශ්‍රිතව ගැවසෙමින් සිටිය දී ආරක්ෂිතව අල්ලාගෙන ගොස් සත්ත්ව අභය භූමි වෙත නිදහස් කර ඇත. එසේ අල්ලා ගන්නා නාගයින් ඇතුළු විස කුරු සර්පයන් විවිධ පුද්ගලයන්ගේ හිංසා හේතුවෙන් තුවාල වූ අවස්ථාවල දී එම සර්පයන්ට ප්‍රතිකාර කිරීමට ද ඉදිරිපත්වූ මෙම තරුණයා 07 දා අම්බලන්ගොඩ ප්‍රදේශයේ දී නිවසකට පැමිණි නාගයකු ඇල්ලීමට ගිය අවස්ථාවේ දී මෙසේ නාගයාගේ දෂ්ට කිරීමකට ලක්ව මියගොස් ඇත.
පැරණි පුවත් – රෝද තුනෙන් ඇවිත් යාචක කතගේ දරුවා උස්සයි
බම්බලපිටිය නගරයේ පිහිටි සිඟමන් යදිමින් සිටි බව කියන කාන්තාවකගේ මාස එකහමාරක් පමණ වයසැති දරුවා කාන්තාවක් සහ තවත් පුද්ගලයන් දෙදෙනකු පැමිණ පැහැරගෙන ත්‍රිරෝද රථයකින් පලාගොස් ඇතැයි බම්බලපිටිය පොලීසිය පවසයි.
සිඟමනේ යෙදෙන බව කියන කාන්තාව මේ බව බම්බලපිටිය පොලිසියට පැමිණිලි කරනු ලැබුවාය.
බම්බලපිටිය නගරයේ පිහිටි ආයතනයක් අසල මෙම කාන්තාව අත දරුවාද වඩාගෙන සිඟමනේ නිරතව සිටි ඇත.
ත්‍රිරෝද රථයකින් පැමිණි කාන්තාවක් සහ තවත් පුද්ගලයකු දරුවාට ඇඳුම් පැළඳුම් මිලදීගෙන දෙන බව කියා ඇය දරුවා ද සමඟ එම ත්‍රිරෝද රථයේ ගොඩ කරවාගෙන දෙමටගොඩ ප්‍රදේශයේ පිහිටි රෙදි සාප්පුවක් වෙත රැගෙන ගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.
ඔවුන් පැමිණි ත්‍රී රෝද රථයේ රියදුරාට කුලිය ගෙවා ඔහු පිටත් කර යවා තිබේ.
ත්‍රීරෝද රථයේ පැමිණි කාන්තාව සහ පුද්ගලයා එම රෙදි සාප්පුවෙන් දරුවාට රුපියල් 1900ක් පමණ වටිනා රෙදිපිළි මිලදී ගෙන දී ඇත. පසුව එම කාන්තාව සහ පුද්ගලයා විසින් ගෙන්වාගත් වෙනත් ත්‍රීරෝද රථයක නංවාගෙන කාන්තාව සහ දරුවා කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ පිහිටි හෝටලයක් අසල පිහිටි රථ ගාලකට කැඳවාගෙන ගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.
ත්‍රිරෝද රථයෙන් ආ කාන්තාව සිඟමනේ යෙදී සිටි බව කියන කාන්තාවගෙන් අත දරුවා වඩා ගැනීමට ඉල්ලා සිටි අවස්ථාවේ ඇය දරුවා වඩා ගැනීමට දීම ප්‍රතික්ෂේප කර ඇත.
මේ අවස්ථාවේ කාන්තාව සමඟ පැමිණි පුද්ගලයා සහ ත්‍රිරෝද රථ රියදුරාඅත දරුවා උදුරා ගෙනයාචක කාන්තාව ත්‍රිරෝද රථයෙන් බිමට ඇද දමා අත දරුවාද පැහැර ගෙන පලාගොස් ඇතැයි පොලිසිය කීය.
සිඟමනේ යෙදෙන බව කියන කාන්තාව පොලීසියට පැමිණ මෙම තොරතුරු හෙළිකරමින් පැමිණිලි කරනු ලැබුවාය.