
පස්සර ගෝනකැලේ වත්තේ දී සිය 18 හැවිරිදි පුතා දැලිපිහියකින් කැපූ පියෙකු අද (9) සැකපිට අත්අඩංගුවට ගත් බව පස්සර පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පස්සර ගෝනකැලේ වත්තරේන්දපොල පදිංචි 49 හැවිරිදි සිව්දරු පියකු යැයි පොලිසිය පවසයි.
පියා විසින් දැලිපිහියකින් කපා දැමීමෙන් බරපතළ තුවාල ලැබු 18 හැවිරිදි පුතා පස්සර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා බදුල්ල මහ රෝහලට මාරු කර යැවූ බවද පොලිසිය පැවසීය .
දැලිපිහියකින් කපා දැමීමෙන් මොහුගේ වම් අතට සහ උදරය ප්‍රදේශයේ බරපතළ කැපුම් තුවාල සිදු වී ඇති බවත් රෝහල් ප්‍රකාශයකු කීය .නිවසේ ඇතිවූ ආරවුලකදී පියා මෙලෙස පුතාට දැලි පිහියකින් පහරදී බරපතල තුවාල සිදු කර ඇතැයි තොරතුරු අනාවරණය වු බව පොලීසිය කියයි.
පැරණි පුවත් – මම මියුසික් කරන්න බලපෑ ප්‍රධාන හේතුවත් සීයායි–වික්ටර් රත්නායකගේ මුණුබුරා
ආචාර්ය වික්ටර් රත්නායක මහතා ලාංකේය සංගීතයට විශාල සේවයක් ඉටු කළ සංගීතඥයෙකි. ඔහුගේ මුණුබුරා වන විනුජ තරුෂ්කද මේ වනවිට සංගීත ක්ෂේත්‍රයට පිවිස සිටින අතර ඔහු සීයා මෙන් සංගීතයේ වෙනස් ගමනක යන තරුණ නිර්මාණකරුවෙකි. මේ ඔහු සමග සිදුකළ සාකච්ඡාවකි.
ඔබව හඳුන්වා දුන්නොත්?
මගේ නම විනුජ තරුෂ්ක ගුණසේකර. මගේ වයස අවුරුදු 18යි. සංගීතය තමයි මම කැමතිම දේ.
ඔබ වික්ටර් රත්නායක ශූරීන්ගේ මුණුබුරා?
ඔව්. වික්ටර් රත්නායක මහතාගේ දුව චාන්දනී රත්නායක තමයි මගේ අම්මා. මගේ පවුලේ මමයි, අප්පච්චියි, අක්කායි. අම්මා නැතිවුණේ දැනට අවුරුදු පහකට කලින්.
විනුජ සංගීතය කරන්නේ සීයාගේ සහ පවුලේ තිබුණු සංගීත වටපිටාව නිසාමද?
මම හිතන්නේ එහෙම වෙන්න ඕනේ. මම පොඩි කාලේ ඉඳලාම අපේ ගෙදර තිබුණේ සංගීත පරිසරයක්නේ. සීයායි මමයි අපි එක ගෙදර හිටියේ. පොඩි කාලේදි කනට ඇහෙන්නේ සංගීතය. ගේ පුරා දකින්නේ සංගීත භාණ්ඩ. ඒ දේවල් එක්කනේ මම හැදුණේ.
ඔබ ජාතික රූපවාහිනියේ සංගීතමය වැඩසටහකට සම්බන්ධ වනවා?
ඔව්. ජාතික රූපවාහිනියේ මේ වෙද්දි විකාශය වන ජනප්‍රිය වැඩසටහනක් තමයි Coke Red කියන්නේ. ඒ වැඩසටහනට සංගීතය සපයන්න අපේ සංගීත කණ්ඩායමට අවස්ථාව ලැබිලා තියෙනවා. මම සහ මගේ යාළුවෝ එකතු වෙලා දැනට අවුරුද්දකට විතර කලින් පටන් ගත්තා MID LANE කියලා සංගීත කණ්ඩායමක්. ඒක තමයි මේ සතියේ ඉඳලා Coke Red වැඩසටහනේ සංගීතය සපයන්නේ. මේ දවස්වල වැඩ කරන්නේ ඒකත් එක්ක.
MID LANE ගැන කිව්වොත්?
මම තමයි කණ්ඩායමේ නිත්‍ය ගායන ශිල්පියා. එතකොට ඩබල් කීබෝඩ් ගහන්නේ චාතූර් සමරසිංහ. චන්දු ජයවර්ධන දෙවැනි කීබෝඩ් වාදන ශිල්පියා. ලීඩ් ගිටාර් ප්‍රමෝද් ජයවර්ධන. බේස් ගිටාර් බිම්සර පෙරේරා. අනූප කහන්ගමගේ ඩ්‍රම්ස් වාදකයා. අපේ බෑන්ඩ් එකේ ඔක්කෝම හය දෙනයි. අපි හැමෝම යාළුවෝ. අපිට නායකයෙක් නැහැ. අපි යාළුවෝ හැමෝම හොඳ තේරුම්ගැනීමකින්, අනෙකාට සවන් දීලා වැඩ කරන්නේ.
ඔබේම ගීත නිර්මාණය කර තිබෙනවාද?
ඔව්. පොඩි කාලේ සීයා මට ගොඩක් සින්දු හදලා දීලා තියෙනවා. 2015 ‘පැණිමොර මල්’ කියලා මම ළමා ගීත තැටියකුත් කළා. ඒකට ‘රාජ්‍ය සංගීත සම්මාන උළලේදී’ හොඳම ළමා ගීත සංයුත තැටිය ලෙසින් සම්මානයකුත් ලැබුණා. ඊටපස්සේ මෑතකදී මම සින්දු හදන්න පටන්ගත්තා. මම ටිකක් සීයාගේ සංගීතයෙන් වෙනත් පැත්තකට ගිහිල්ලා ගීත නිර්මාණය කරනවා. මම අන්තිමටම කළේ ‘ආහල්‍යා’ ගීතය. මේ මාසේ මගේ අළුත් ගීතය ‘මාවතේ’ එන්න නියමිතයි.