
ක්ශේෂ්ත්‍රයේ කාලයක සිට වේදිකාව, සිනමාව සහ පුංචි තිරය හරහා ප්‍රේක්ෂක ආකර්ෂණය ඉහලින්ම ලබා ගත්ත ජනප්‍රිය ප්‍රවීන රංගන ශිල්පිනියක් තමයි කුසුම් රේණු කියන්නේ. ඇය රංගනය කල ජනප්‍රිය ටෙලිනාට්‍යයක් පසු ගිය දා විකාශය වුණා. ඒ ස්වර්ණවාහිනී නාලිකාවේ ‘බන්ධනා’ ටෙලිනාට්‍යය හරහා. ඉතින් ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ඇය විවාහ වෙලා ඉන්නේ ක්ශේෂ්ත්‍රයේ ඉන්න ප්‍රවීනයෙක් සමගයි.
ශ්‍රියන්ත මෙන්ඩිස් කියන්නේ අපේ ක්ශේෂ්ත්‍රයේ ඉන්න දක්ෂතා පරිපූර්ණ කලා කරුවෙක්. ඉතින් ඔහු සහ කුසුම් රේණුට සමාජ මාධ්‍යයේ විවිධ කතා බහට ලක් වෙන චරිතයන් දෙකක් වෙනවා. විවිධ දේශපාලනික මතවාදයන් නිසාම ඔවුන්ට ඒ චෝදනාව ප්‍රේක්ෂකයන්එන් හිමි වෙනවා. ඉතින් කුසුම් රේණු කියන ආදරණීය රංගන ශිල්පිනිය එන්න එන්නම තරුණ වෙනවා.
ඇය සහභාගි වුණු එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී මානසික රෝගියෙක් කියලා හදුනගන්න විදිය ගැන මේ විදියටයි ලිපියකින් කියවලා තිබුණේ.
” මම පහුගියදවසක මනෝ වෛද්‍යවරයෙකුගේ ලිපියක් කියෙව්වා. ඒකේ තිබ්බා කොහොමද මානසික ලෙඩෙක් හදුනා ගන්නේ කියලා. එක දිගට සෙල්ෆි 3ක් ගන්නවනම් ඒ කෙනා මානසික ලෙඩෙක් කියලා තිබුණා. ඒ කතාවනම් ඇත්තම තමයි.”
මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිනී කුසුම් රේණු ඇගේ අදහස් දක්වලා තිබුණේ.
පැරණි නිවුස් – අම්මා කෙනෙක් වෙන්න මමත් ආසයි – ප්‍රංශ කුමාරයා සමග සැප ජිවිතයක් ගෙවන උමාරියා
මෑත යුගයේ සංගීත ක්ෂේත්‍රයේ මහා පෙරළිකාර හඬ පෞරුෂයෙන් ප්‍රේක්‍ෂකාගාරයම නතු කරගනිමින් ලාංකේය ගායන ක්ෂේත්‍රය වෙනත් මානයකට රැගෙන යමින් සුමියුරු හඬින් රසික සිත් වාසඟයට පත් කරගත් සුරූපිනිය උමාරියා සිංහවංශ යි.
විවිධ භාෂා ශෛලින්ගෙන් ගී ගැයීමට විශේෂ දක්‍ෂතාවක් ඇති උමාරියා පිළිබඳ ශ්‍රී ලාංකීය ප්‍රේක්‍ෂකයන්ගේ ආදරයෙන් අවධානයෙන් තව තවත් ඇයව ඇඳ බැඳගත්තේ පසුගියදා වනිතාභිමානී වසරේ ජනප්‍රියතම කාන්තාව ලෙස පිදුම් ලැබීමත් සමගිනි. මුළු රටක් ආදරය කරන ඇයට සිරිකත කතාබහ වෙනුවෙන් කළ ඇරයුමට ඇය බොහොම කාර්යබහුල වුවත්, එකතු වුණේ මෙලෙසනි.
උමාරියා ක්ෂේත්‍රයට ඇවිත් දැන් කෙතරම් කල්ද?
මම ක්‍ෂේත්‍රයට ඇවිත් දැන් අවුරුදු 17 ක් වෙනවා. මගේ කලා ජීවිතේ දිහා ආපස්සට හැරිලා බැලුවොත් මට මාර සතුටක් දැනෙන්නේ. මොකද මට එක එක නිර්මාණවලට දායක වෙන්න ලැබිලා තියෙනවා. විවිධ ගීත කියන්න, අත්හදාබැලීම් කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. සුබ කාල, අසුබ කාල සියල්ල විඳගෙන තමයි මේ ගමන ආවේ. සුන්දර තැන් වගේම අසුන්දර තැන් වලටත් නොසෑහෙන්න මූණ දීගෙන තමයි ගමන ආවේ.
විශේෂයෙන් මට ශක්තිමත් පවුල් පසුබිමක් තියෙනවා. මම කඩා වැටුණු හැම මොහොතකම මගේ පවුලේ අය, මගේ යාළුවෝ වගේම ක්ෂේත්‍රයට ආ දවසේ ඉඳලා මාත් එක්ක මුළු ප්‍රේක්ෂකාගාරයක්ම හිටියා. කටුක සිදුවීම්වලට මුහුණ දුන්නත් එය මට නොදැනෙන්නේ මට ආදරය කරන ලොකු මිනිස් පවුරක් මා වටා ඉන්න නිසයි. ඒ අතින් මම හරිම වාසනාවන්තයි.
විවේචන, දෝෂාරෝපන මුලදී මට විඳගන්න අමාරු වුණා. මානසිකව වැටුණා. එක එක කාලවල් තිබුණා ගෙවා දමන්න අමාරු. ඒ අවස්ථාවලදි මට හිටපු ලොකුම ශක්තිය මගේ පවුල සහ පේක්‍ෂක ආදරය, බාධක එනකොට ඔක්කොම පැත්තකට දාලා ඒවා එක්ක හැප්පෙනවට වඩා මම ශක්තිය ගන්නේ මගේ ගමන එන්න. මම කොතනකදීවත් මගේ ගමන නතර කළේ නැහැ.
ඇත්තටම උමාරියාට ඔබ ගැන හැඟෙන්නේ කොහොමද?
මම ගොඩක් සංවේදී කෙනෙක්. නිතරම පැත්තකට වෙලා ඉන්න ආස කෙනෙක්. කාටවත් කරදරයක් නොවන විඳිහට ජීවත් වෙන්න කැමති කෙනෙක්. මට මගේ සැමියා, ගෙදර අය එක්ක කාලය ගත කරන්න ආසයි.