
ශ්‍රී ලංකා නිරූපණ ශිල්පිනී සඳනි විශ්මිතා පීරිස් ලෝකයේ හොඳම නිරූපණ ශිල්පිනී 2023 තරඟයේ තුන්වැනි ස්ථානය දිනා ඇත.
ලෝක රූපලාවන්‍ය සංවිධානය විසින් විසි නව වෙනි වරට සංවිධානය කර තිබූ මෙම තරඟය ඊජිත්තුවේ සන් රයිස් වයිට් හිල්ස් නිවාඩු නිකේතනයේ දී පැවැත් විය.
තරගකාරියන් හතළිස් තුන් දෙනකු අතරින් අවසාන ජයග්‍රාහිකාවන් තෝරාගත් අතර තරඟය සති දෙකක් පුරාවට පැවැත්විණ.
ලෝකයේ හොඳම නිරූපණ ශිල්පිනිය කිරුළ මෙක්සිකෝ රූ රැජින මෙරියානා මෙසියස් දිනාගත්තාය.
ශ්‍රී ලංකා නිරූපණ ශිල්පිනී සඳනි විශ්මිතා පීරිස් ලෝකයේ හොඳම නිරූපණ ශිල්පිනී 2023 තරඟයේ තුන්වැනි ස්ථානය දිනා ඇත.
ලෝක රූපලාවන්‍ය සංවිධානය විසින් විසි නව වෙනි වරට සංවිධානය කර තිබූ මෙම තරඟය ඊජිත්තුවේ සන් රයිස් වයිට් හිල්ස් නිවාඩු නිකේතනයේ දී පැවැත් විය.
තරගකාරියන් හතළිස් තුන් දෙනකු අතරින් අවසාන ජයග්‍රාහිකාවන් තෝරාගත් අතර තරඟය සති දෙකක් පුරාවට පැවැත්විණ.
ලෝකයේ හොඳම නිරූපණ ශිල්පිනිය කිරුළ මෙක්සිකෝ රූ රැජින මෙරියානා මෙසියස් දිනාගත්තාය.
පැරණි පුවත් – අපේ සිනමාව අලලුත්ම මානයකට අරගෙන ගියපු සුපිරි සිනමාපටයක් තමයි මහේෂ් මුණසිංහ අධ්‍යක්ෂණය කළ ‘රෂ්’ කියන්නේ, ඉතින් මේ ‘රෂ්’ සිනමාපටයේ චරිතයක් වුන පූජා ඔබට මතකද..? පූජා චරිතයට පන පෙව්වේ ගොඩක් සුන්දර රංගන ශිල්පිනියක වන අසංකි ද සිල්වා විසින්, ඉතින් අද අපේ කතාබහට එකතු කරගන්න සුදානම් වෙන්නේ ඔයාල ගොඩක් ආස කරන අසංකි ද සිල්වායි,
ඉතින් අසංකි මොකද වෙන්නේ මේ දවස්වල..? ” පහුගිය කාලේ මම යූ.ඒ. පල්ලියගුරුගේ ‘ජිගලෝ’ කියන සිනමාපටයට සම්බන්ද වෙලා හිටියා, ඒ වගේම චන්න පෙරේරා අධ්‍යක්ෂණය කල යුගාත්‍රා ෆිල්ම් එක එන්න තියෙනවා, තව මම ලබන මාසේ අලුත් ෆිල්ම් එකකට සම්බන්ද වෙනවා, ඒ වගේම මම දැන් රූපගත කිරීම් කරන්න දිනත් දාගෙන ඉන්නේ, තව ලැබුන පිටපත් කිහිපයක් බලනවා, හිතට දැනුන එකක් තිබ්බොත් බාරගන්නවා” අසංකි කියන්නේ කළා පවුලකින් එන රංගන ශිල්පිනියක් නෙවෙයි,
හැබැයි අසංකි දැන් ලංකාවේ ගොඩක්ම ජනප්‍රිය රංගන ශිල්පිනියක් ඉතින් පහසු උනාද ඔබට මේ ගමන එන්න ” මෙහෙමයි කළා පවුලකින් එන අයට දෙමාපියන්ගෙන් ලැබෙන සහයෝගය එක්ක මේ ක්‍ෂේත්‍රයට එන්න ලේසියි, හැබැයි එහෙම නැහැ කියලා මේ ක්‍ෂේත්‍රයට එන්න බැරි නෑ හැබැයි විශාල කැපකිරීමක් කරන්න ඕන, තමන්ගේ උත්සාහය කැපවීම තියෙනවනම් ඔඅනම දෙයක් කරන්න පුළුවන්, කළා පවුලකින් වෙන්නම ඕන නෑ හැබැයි ටිකක් අමාරුයි තැනකට එන්න, උත්සාහය තමයි අංක එක”
පවුලේ බාලයෙක් වෙලා කලාවට එද්දී ගෙදර අයගෙන් ලැබුන සහයෝගය කොහොමද?මට අයියලා දෙන්නෙක් ඉන්නවා, ඉතින් අයියලා දෙන්නක් එක්ක හැදෙනවා කියන්නේ එච්චර ලේසි වැඩක් නෙවෙයි, මටනම් මතක් වෙද්දීත් බය හිතෙනවා, ඉස්සර ක්ලාස් යද්දී අයියලා දෙන්නම පස්සෙන් එනවා, සමහර කොල්ලෝ දන්නේ නෑ මගේ පිටිපස්සෙන් එන්නේ අයියලා දෙන්නා කියලා, කොල්ලෝ වැරදිලා හරි විහිළුවක් කලොත් එයා ඉවරයි, මට පාසල් ප්‍රේමයක් තිබ්බෙම නෑ, මොකද අයියලා දෙන්නා නිසා, මගේ පස්සෙන් ආපු සමහර අයට මමත් හොඳට දීලා තියෙනවා ආයේ නොඑන්නම,
මෑතම කාලේ තමයි මට තනියම යන්න දුන්නේ, අයියලනම් එකට වැඩිය කැමති වුනේ නෑ, හැබැයි තාත්තා මට ගොඩක් උදවු කළා, කටකතා ගැන ගොසිප් ගැන මොකද හිතෙන්නේ, ”ඒවා ඉතින් සාමාන්‍ය දේවල් නේ, ජනප්‍රිය වුනාම කට කතා හැදෙනවා වැඩියි, හොඳ දේට වඩා අද සමාජයේ තැන තියෙන්නේ නරක දේවල් වලට නේ, අපි පොඩ්ඩක් කොට ඇඳුමක් ඇඳලා පොටෝ එකක් දැම්මම ඒකට එක එක ඒවා කියලා කතා හදලා වයිරල් කරනවා, මමනම් ඕවා ගණන් ගන්නේ නෑ,”අපේ සිනමාව අලලුත්ම මානයකට අරගෙන ගියපු සුපිරි සිනමාපටයක් තමයි මහේෂ් මුණසිංහ අධ්‍යක්ෂණය කළ ‘රෂ්’ කියන්නේ,
ඉතින් මේ ‘රෂ්’ සිනමාපටයේ චරිතයක් වුන පූජා ඔබට මතකද..? පූජා චරිතයට පන පෙව්වේ ගොඩක් සුන්දර රංගන ශිල්පිනියක වන අසංකි ද සිල්වා විසින්,ඉතින් අද අපේ කතාබහට එකතු කරගන්න සුදානම් වෙන්නේ ඔයාල ගොඩක් ආස කරන අසංකි ද සිල්වායි, ඉතින් අසංකි මොකද වෙන්නේ මේ දවස්වල..? ” පහුගිය කාලේ මම යූ.ඒ. පල්ලියගුරුගේ ‘ජිගලෝ’ කියන සිනමාපටයට සම්බන්ද වෙලා හිටියා, ඒ වගේම චන්න පෙරේරා අධ්‍යක්ෂණය කල යුගාත්‍රා ෆිල්ම් එක එන්න තියෙනවා, තව මම ලබන මාසේ අලුත් ෆිල්ම් එකකට සම්බන්ද වෙනවා, ඒ වගේම මම දැන් රූපගත කිරීම් කරන්න දිනත් දාගෙන ඉන්නේ, තව ලැබුන පිටපත් කිහිපයක් බලනවා, හිතට දැනුන එකක් තිබ්බොත් බාරගන්නවා”