
විවාහ මංගල්‍යදා තම හොඳම මිතුරාගේ දෙපා වැද මින් මතු කිසිම දිනක තම නිවසට පැමිණෙමින් වළකින ලෙස ඉල්ලා සිටි අපූරු මනාලයකු පිළිබඳ පුවතක් දඹුල්ල නාගරික බල ප්‍රදේශයට නොදුරු ගමකින් වාර්තා විය.
කාලයක සිට අඹ යහළුවන් ලෙස මිතුරුන් දෙදෙනෙකු එකම ප්‍රදේශයේ ජීවත්ව සිට ඇත. වයසින් බාල වූ එක් අඹ යහලුවෙකු විවාහ වී සිටී අයෙකි, වයසින් වැඩිමහළු වූ අවිවාහක ලෙස ජීවත් වූ අනෙක් අඹ යහළුවා විවාහ නොවී සිටීමට තීරණය කර සිටි අයෙකි. දෙමව්පියන්ගේ දැඩි පෙරැත්ත මත දෙමව්පියන් සොයා දුන් යුවතියක සමග ඔහු විවාහ විය.
මෙම මංගල අවස්ථාවට දෙපාර්ශ්වයේම ඥාතීන් මිතුරු මිතුරියන් පැමිණ සිටින අවස්ථාවක වයසින් වැඩිමහල් වූ අඹ යහළුවාගේ විවාහ මංගල්‍යයට වයසින් බාල වූ අඹ යාළුවා ඔහුගේ බිරිද සමග පැමිණ තිබේ.
එකවරම සිය මනාලිය අතින් අත ඇර අඹ යහළුවා දුටු මනාලයා දිවයන්නට විය. සාදයේ සිටි සියලුදෙනාම හිතාගෙන සිටියේ අඹ යහළුවා නිසා මිතුරු දම නිසා ඔහුව සිප ගැනීම්ට හෝ වැළඳ ගැනීමට මෙසේ දිවයන බවය. මිතුරාගේ බිරිද ද සිනාහා මුසු මුහුණින් මනාලයා පිළිගැනීමට සුදානම් වෙද්දීම වයසින් බාල අඹය යහළුවා ළඟ දනණගසා මනාලයා වඳින්නට විය.
“මචං අපි දෙන්නා යාළුවෝ තමයි ඒත් අද අපේ ගෙදරට ආවට කමක් නෑ. මීට පස්සේ කවදාවත් අපේ ගෙදරට එන්න එපා. අපේ යාළුකම අතරමගදී තියාගමු. මෙහෙම කිව්වට මාත් එක්ක තරහ වෙන්න එපා මොකද අපි දෙන්නා දන්නවා ඉස්සර හැසිරුනේ කොහොමද කළ කී දේ මොනවද කියලා. ඒ විස්තර සියල්ල අදින් ඉවරයි උඹෙන් මම ඉල්ලන තෑග්ග තමයි අපේ ගෙදර මින් පස්සේ එන්න එපා.” මනාලයාගේ මුවින් පිටවුණේ එවැනි වදන් පෙළකි .
මිතුරාගේ බිරිදගේ මුහුණ දෙස මංගල සාදයේ බොහෝ දෙනාගේ දෙනෙත් ගැටෙන්නට විය.
දැඩි ලෙස සිත් වේදනාවට පත් වයසින් බාල අඹ යාළුවා කිසිත් කර කියා ගැනීමට නොහැකිව අවට අයගේ හොර රහසේ මුහුණ බලා බිම් බලාගෙන එම ස්ථානයෙන් පිටව යද්දී මනාලිය ද දෑස් වල කඳුළු පුරවාගෙන මනාලයාගේ දෑත තදින් අල්ලා ගෙන නිවස තුලට ගොස් ඇත.
පැරණි පුවත් – මම මියුසික් කරන්න බලපෑ ප්‍රධාන හේතුවත් සීයායි–වික්ටර් රත්නායකගේ මුණුබුරා
ආචාර්ය වික්ටර් රත්නායක මහතා ලාංකේය සංගීතයට විශාල සේවයක් ඉටු කළ සංගීතඥයෙකි. ඔහුගේ මුණුබුරා වන විනුජ තරුෂ්කද මේ වනවිට සංගීත ක්ෂේත්‍රයට පිවිස සිටින අතර ඔහු සීයා මෙන් සංගීතයේ වෙනස් ගමනක යන තරුණ නිර්මාණකරුවෙකි. මේ ඔහු සමග සිදුකළ සාකච්ඡාවකි.
ඔබව හඳුන්වා දුන්නොත්?
මගේ නම විනුජ තරුෂ්ක ගුණසේකර. මගේ වයස අවුරුදු 18යි. සංගීතය තමයි මම කැමතිම දේ.
ඔබ වික්ටර් රත්නායක ශූරීන්ගේ මුණුබුරා?
ඔව්. වික්ටර් රත්නායක මහතාගේ දුව චාන්දනී රත්නායක තමයි මගේ අම්මා. මගේ පවුලේ මමයි, අප්පච්චියි, අක්කායි. අම්මා නැතිවුණේ දැනට අවුරුදු පහකට කලින්.
විනුජ සංගීතය කරන්නේ සීයාගේ සහ පවුලේ තිබුණු සංගීත වටපිටාව නිසාමද?
මම හිතන්නේ එහෙම වෙන්න ඕනේ. මම පොඩි කාලේ ඉඳලාම අපේ ගෙදර තිබුණේ සංගීත පරිසරයක්නේ. සීයායි මමයි අපි එක ගෙදර හිටියේ. පොඩි කාලේදි කනට ඇහෙන්නේ සංගීතය. ගේ පුරා දකින්නේ සංගීත භාණ්ඩ. ඒ දේවල් එක්කනේ මම හැදුණේ.
ඔබ ජාතික රූපවාහිනියේ සංගීතමය වැඩසටහකට සම්බන්ධ වනවා?
ඔව්. ජාතික රූපවාහිනියේ මේ වෙද්දි විකාශය වන ජනප්‍රිය වැඩසටහනක් තමයි Coke Red කියන්නේ. ඒ වැඩසටහනට සංගීතය සපයන්න අපේ සංගීත කණ්ඩායමට අවස්ථාව ලැබිලා තියෙනවා. මම සහ මගේ යාළුවෝ එකතු වෙලා දැනට අවුරුද්දකට විතර කලින් පටන් ගත්තා MID LANE කියලා සංගීත කණ්ඩායමක්. ඒක තමයි මේ සතියේ ඉඳලා Coke Red වැඩසටහනේ සංගීතය සපයන්නේ. මේ දවස්වල වැඩ කරන්නේ ඒකත් එක්ක.
MID LANE ගැන කිව්වොත්?
මම තමයි කණ්ඩායමේ නිත්‍ය ගායන ශිල්පියා. එතකොට ඩබල් කීබෝඩ් ගහන්නේ චාතූර් සමරසිංහ. චන්දු ජයවර්ධන දෙවැනි කීබෝඩ් වාදන ශිල්පියා. ලීඩ් ගිටාර් ප්‍රමෝද් ජයවර්ධන. බේස් ගිටාර් බිම්සර පෙරේරා. අනූප කහන්ගමගේ ඩ්‍රම්ස් වාදකයා. අපේ බෑන්ඩ් එකේ ඔක්කෝම හය දෙනයි. අපි හැමෝම යාළුවෝ. අපිට නායකයෙක් නැහැ. අපි යාළුවෝ හැමෝම හොඳ තේරුම්ගැනීමකින්, අනෙකාට සවන් දීලා වැඩ කරන්නේ.
ඔබේම ගීත නිර්මාණය කර තිබෙනවාද?
ඔව්. පොඩි කාලේ සීයා මට ගොඩක් සින්දු හදලා දීලා තියෙනවා. 2015 ‘පැණිමොර මල්’ කියලා මම ළමා ගීත තැටියකුත් කළා. ඒකට ‘රාජ්‍ය සංගීත සම්මාන උළලේදී’ හොඳම ළමා ගීත සංයුත තැටිය ලෙසින් සම්මානයකුත් ලැබුණා. ඊටපස්සේ මෑතකදී මම සින්දු හදන්න පටන්ගත්තා. මම ටිකක් සීයාගේ සංගීතයෙන් වෙනත් පැත්තකට ගිහිල්ලා ගීත නිර්මාණය කරනවා. මම අන්තිමටම කළේ ‘ආහල්‍යා’ ගීතය. මේ මාසේ මගේ අළුත් ගීතය ‘මාවතේ’ එන්න නියමිතයි.
පවුල් පසුබිමෙන් ඔබට ලැබුණු සහයෝගය ගැන දකින්නේ කොහොමද?
පවුලෙන් තමයි මට ලොකුම සහයෝගය ලැබෙන්නේ. විශේෂයෙන් සීයා, අම්මා, අප්පච්චි, අක්කා ලොකු සහයෝගයක් සහ උපදෙස් ලබා දෙනවා. පොඩි කාලේදී සීයා හැමවෙලාවේම සංගීත ක්ෂේත්‍රය ගැන කියලා දුන්නා. මම මියුසික් කරන්න ප්‍රධානම හේතුවත් සීයා. ඒ වගේම ජයන්ත රත්නායක සහ ලෙලුම් රත්නායක කියන මගේ මාමලා දෙන්නාත් ලොකු සහයෝගයක් දෙනවා. මට පොඩි කාලේ ඉඳලා මියුසික් පැත්තෙන් දෙන්න ඕනේ හැම හයියක්ම දුන්නා. ඒ වගේම දැන් අප්පච්චි තමයි මගේ පිටිපස්සෙන් හැමවෙලාවේම ඉන්නේ.