
මිලාන් සිල්වා කියලා කියන්නෙ මාධවී වත්සලාගේ හිටපු සැමියා.
මේ දෙන්නාගේ පෙම් කතන්දරේ ඉවරයි කියන එක මුලින්ම මාධ්‍ය හරහා අනාවරණය නොවුණා වුණත් ඒක ඉවර වුණු බව කියන ගොඩක් දේ මුහුණු පොතෙන් අපිට දැකගන්න ලැබුණා.
මාධවීගේ හිටපු සැමියා මිලාන් ඔහුගේ මුහුණු පොතෙන් තවමත් මාධවීගේ සේයාරූ ඉවත් කරගෙන හෝ නැහැ.
මිලාන් ගේ ෆේස්බුක් පෝස්ට් බොහෝමයකටත් විවිධ පුද්ගලයින් මාධවීගේ අලුත්ම පෙම් කතාවේ වතගොත කමෙන්ට් ලෙස පළ කරනවා දැකගත හැකියි.
නමුත් මිලාන් කිසිදු විටෙක ඒවාට ප්‍රතිචාර නොදැක්වීම විශේෂයි.
පැරණි පුවත් – දිව්‍යාගේ මරණය මත්පැන් පානය නිසා වූවක්ද ? හස්බන් කෙරෙව්වද ? නැත්තම් ශ්‍රී දේවිගේ ප්ලෑන් එකක්ද ?” – බොලිවුඩයේ සුරූපිනිය දිව්‍යා භාරතීගේ අද්භූත මරණය පිටුපස තිබූ රහස් තොරතුරු මෙන්න
දිව්‍යා භාරතී හිටියා නම් 49 ක්.. මේ අද්භූත සටහන ඇගේ ජන්ම දිනය වෙනුවෙන්..
ශ්‍රී දේවි බොලිවුඩයේ එදා මෙදා තුර බිහිවූ නිළි අධිරාජිණිය ලෙසයි සැලකෙන්නේ.. 80 දශකයේ මැද භාගයේ සිට 90 දශකයේ මුල භාගය දක්වා ඈ බොලිවුඩයේ සේම කොලිවුඩයේත් , ටොලිවුඩයේත් ජය කෙහෙලි නැංවූවා.. බොලිවුඩයේ ඇගේ කිරුලට 90 දශකයේ ප්‍රභලම අභියෝගය එන්නේ දිව්‍යා භාරතී සහ මාධුරී දික්ශිත්ගෙන්..
ඉනුත් ඈට ප්‍රභලම අභියෝගය ලෙස සැලකෙන්නේ දිව්‍යා භාරතී. ඊට ප්‍රධාන හේතුව ඇගේ පෙනුම බොහෝ දුරට ශ්‍රි දේවිය හා සමාන විමයි.
ඒ නිසාම ශ්‍රී වෙනුවෙන් ලියැවුනු බොහෝ චිත්‍රපට දිව්‍යා කරා යන්නට වුනා.
මේ නිසාම ශ්‍රී සහ දිව්‍යා අතර සීතල යුද්ධයක් නොදැනීම ඇතිවෙමින් පැවතුනා.
මාධ්‍යවේදීන් මේ සීතල යුද්ධය එලිපිට අවුලුවන්නට පිදුරු නොදැම්මාම නොවේ. ඒ නිසාම ශ්‍රී සහ දිව්‍යා කෙදිනකවත් තිරයෙන් පිටත මිතුරියන් නම් වූයේ නෑ…!!
කෙසේ නමුත් ලාඩ්ලා චිත්‍රපටය මුලින්ම යොමුවන්නේ ශ්‍රී දේවි වෙතටයි.
කෙසේ නමුත් ශ්‍රී දේවි ඒ වෙනුවෙන් විශාල මුදලක් ඉල්ලා සිටින නිසා නිශ්පාදක මඬුල්ල දිව්‍යා භාරතී වෙත ශීතල් චරිතය යොමු කරනවා. අවසානයේ ඈ සමඟින් ලාඩ්ලාහි රුගත කිරීම් ඇරඹුනත් චිත්‍රපටය අවසන් කිරීමට පෙර දිව්‍යා අනතුරකින් මිය යනවා.
ඇගේ වියෝවෙන් පසුව නිශ්පාදක මඬුල්ල නැවත ශ්‍රී දේවි යොදාගෙන චිත්‍රපටය නැවත රූගත කරනු ලබනවා.
මෙහි රූගත කිරීම් අතරතුර එක්තරා අද්භූත සිදුවීමක් සිදු වනවා.. ශක්ති කපූර් , රවීනා තන්ඩන් සහ දිව්‍යා භාරතී සහභාගී වූ එක්තරා රාත්‍රී දර්ශණයක් මධ්‍යයේ දිව්‍යාට එකම දෙබස කිහිප වරක් අමතක වීම නිසා නැවත නැවත ඒ දර්ශණය රූගත කිරීමට සිදු වනවා.
පුදුමයට කරුණ නම් එම දර්ශණය ශ්‍රී දේවි සමඟ රූගත කිරීමේදීද ඒ ලෙසම ඈ එම දෙබස් අමතක වෙමින් නැවත නැවත රූගත කිරීමයි. අදාල අවස්ථාවේදී රවීනා සහ ශක්තී කපූර් අතිශය බියට පත්ව සිට ඇති අතර එහිදී ගයත්‍රී මන්ත්‍රය ජප කරමින් අදාල රූගත කිරීම නිම කළ බව රවීනා මෑතක පවසා තිබුනා.
පහත වීඩීයෝවේ තියෙන්නෙ ශ්‍රී සහ දිව්‍යා දෙදෙනාම ලාඩ්ලා වෙනුවෙන් කළ රංගනයන්..
දිව්‍යාගේ අකල් මරණයට හේතුව ලෙස සැලකුණේ අධික ලෙස මත්පැන් භාවිතා කරසිටියදී උඩුමහලෙන් ඇද වැටීමක් ලෙසයි.
නමුත් ඊට ඇගේ සැමියා දෙසටද ඇඟිල්ල දික් වු අතර සමහරුන් ඇගේ මරණයට ශ්‍රී දේවි සම්බන්ධ බවටද අභූත චෝදනා කළා.
කෙසේ වෙතත් ඒ මරණය අදටත් අභිරහසක්.
මේ අයුරින්ම ශ්‍රී දේවියගේ මරණයද අකාලයේ සිදු වූවක් වන අතර ඈද මත්පැන් පානය කර සිටි බවට නොයෙකුත් මාධ්‍ය වාර්තා කළා.
එසේම ඇගේ මරණයටද ඇගේ ස්වාමියාට අභූත චෝදනා සමහරුන් එල්ල නොකලාම නොවේ. දිව්‍යා සේම ඒ මරණයද අදටත් අභිරහසක්.
කොටින්ම කියනවා නම් මේ මරණ ද්විත්වයම ස්වභාවික නොවන අද්භූත අහේතුක මරණයන් ද්විත්වයක් වූ අතර මේ මරණ දෙකම මුළු භාරතයම කැළඹූ මරණ දෙකක් වුනා.. මේ මරණ ද්විත්වයේ තවත් අද්භූත සම්බන්ධයක් තිබෙනවා..
ඒ මොකක්ද?
ශ්‍රී දේවියගේ මරණය සිදුවුනේ පෙබරවාරි 24 වනදා මධ්‍යම රාත්‍රිය ආසන්නයේ වන අතර දිව්‍යා භාරතීගේ උපන්දිනය යෙදී තිබෙන්නේත් පෙබරවාරි 25 වනදායි..!!!