වැරදි කණ්ණාඩියෙන් බලා සැමියාගේ යතුරු පැදියේ පිටු පස සිටි නෑනාට කුඩයක් කැඩෙන තෙක් නෙළු නෝනා කෙනෙක් පිළිබඳව දකුණේ නගරයකින් වාර්තාවේ.

දෙදෙනාම එකම නගරයේ දෙතැනක රැකියාව කළහ. සැමියා වැඩ කරන තැනින් ඔහු පිළිබඳ ලැබුණු තොරතුරු ඒතරම්ම යහපත් වූ ඒවා නොවීය. එය කනින් කොනින් ලැබුණු තොරතුරු නිසා ඇය ඒවායේ නොඑල්ලු‍ණාය. එහෙත් ඒවා බැහැර නොකර යටි සිතේ ගබඩා කරගෙන සිටීමට ද අමතක නොකළාය.

එදා දහවල සිය ආයතනය ආසන්නයේ ඖෂධ අලෙවි සලකට ගොඩවීමට ඇය ගියේ හදිසි අවශ්‍යතාවක් සඳහා යම් දෙයක් මිලදී ගැනීමටය. එසේ යන දිහාවේ තමා යන දිහාවට මුහුණලා සිය සැමියා නතර කරගෙන සිටි යතුරු පැදියට ඖෂධ අලෙවි සලෙන් කඩිමුඩියේ එළියට පැමිණි කතක් හිස් ආවරණයක් ද පැලද ගොඩවනු දුටු කළ දෙඇස් පැටළුනු ඇයට දෙලොව සිහිවිය.

ඒ සමගම මරු විකලෙන් මෙන් ඉදිරියට දිව ගිය ඇය අත මිට මොලවා ගෙන සිටි කුඩයෙන් සැමියාගේ යතුරු පැදියේ පිටුපස වාඩිවී යාමට සූදානම්වූ කාන්තාවට අත දිගහැර නෙළුවේ අද අතටම අසුවුණා යයි කියමිනි.

සැමියා යතුරු පැදිය හරවාගෙන සිටි අන්තයේ කුලියට කාමර දෙන තැන් අනන්තවත් ඇති හෙයින් සහ තමා සහේට ගත් දා සිට තමා හැර වෙනත් කාන්තා පරාණයක් ඔහු යතුරු පැදියේ නංවාගෙන යනු නොදුටු නිසාත් ඖෂධ අලෙවි සලට කාන්තාව ගොස් ඒමත් සමගම ඇය තව තවත් අවේශවී මේ කතට කුඩෙන් ගැසුවාය.

‘‘ඕයි මොකද මේ අඳුනන්නේ නැද්ද? මේ මගේ නංගි…. අපේ තාත්තාට අමාරුයිලු‍ නංගියි මායි මේ පාමසියෙන් බෙහෙතක් අරන් ඉස්පිරිතාලෙට යන්න යනවා. ඔහේටවත් කියන්න වෙලාවක් වුණේ නැහැ. නංගි මට තාත්තාගේ තත්ත්වය කිව්වේ නංගි බෙහෙත් ගන්න පාමසියට ආපු වෙලාවේ. මමයි කිව්වේ නංගිට මම එනකම් ඉන්න කියලා, යැයි ඔහු කීවිට ඇය දෙවරක් නොසිතා නෑනාගෙන් සමාව අයැද සිටියාය.

පැරණි පුවත් – අභිෂේකා බෝගම්බර හිර ගෙදරට

එදා ඔය ඇස් දිහා නොබලම බිම බලාගෙන යන්න තිබුණා. මං එහෙම ලිව්වෙ කොළඹ අහස යට. හැබැයි මේ සෙංකඩගල කී දෙනෙක්ට එහෙම හිතිල ඇද්ද. සංසාරෙ හරි නිස්සාරයි. මං එහෙම ලිව්වෙ 2016 දි. හැබැයි තමන්ගෙ දරුවො තමන්ගෙම ඇස් ඉස්සරහ බෝගම්බර වැවේ ගිල්ලල මරද්දි ඇහැළේපොල කුමාරිහාමිටත් එහෙමම හිතෙන්න ඇති. එකම සිංදුව එක එක ජීවිතවලට රිලේට් වෙන විදිහ කොච්චර වෙනස්ද?. තමන්ට ආදරේ නොහිතෙන මනුස්සයෙක්ට ආදරේ කරන්න බෑ කිව්වම ජීවිතෙන් වන්දි ගෙව්වෙ ඇහැළේපොල කුමාරිහාමි විතරක්ම නෙමෙයි. මිනිස්සු කොච්චර දියුණු වුණත් තාමත් අපිට එහෙම කතා ඇහෙනවා. හැබැයි මේ නුවර මිනිස්සු කියන විදිහට ඒ හැම ආත්මෙකටම තාමත් පණ තියෙනවා.
ආදරේ කියන්නෙ නිදහස කියල හිතන හැමෝම බෝගම්බර හිර ගෙදරට එන්න… නිදහස් වෙන්න.
මෙහෙම කියන්නෙ අපි නෙමෙයි. අභිෂේකා විමලවීර. අභී බෝගම්බර හිර ගෙදරට යන්න හිතුවෙ ඇයි කියල දැනගන්න අපි කතාවට මුලපිරුවෙ මෙහෙමයි.

අභී, මොකක්ද මේ නුවර ගමන?

කොළඹ පැවැත්වුණ ප්‍රසංගයෙන් පස්සෙ මම ෆේස් බුක් සටහනක් දැම්ම. ඒකට වැඩිම ප්‍රතිචාර තිබුණෙ නුවරින්. ඒ නිසා මෙවර ප්‍රසංගය සඳහා නුවර තෝරා ගත්තා.

මේ යන්නෙ බෝගම්බර හිර ගෙදරට?

නුවර ප්‍රසංගයක් කරන්න හොඳ තැනක් බලන්න ගියා. නමුත් හිතට හරියන තැනක් ලැබුණෙ නැහැ. බෝගම්බර පැත්තට ගිහින් ඒ මිනිස්සුත් එක්ක කතාකරද්දි ගොඩක් තොරතුරු

දැනගන්න ලැබුණා. ඇහැළේපොල කුමාරිහාමි ගැන” බෝගම්බර හිරගෙදර ගැන. ඒ වගේම සිරකරුවන් බිත්තිවල ලියල තිබුණ දේවල් අපි දැක්ක. ඒවා හරිම නිර්මාණශීලියි. අපිට කියන්න ඕන හිරගෙයක් ඇතුළෙ මිනිස්සුන්ගෙ කලාත්මක දේවල් හිර කරන්න බැහැ කියන දේ වගේම ආදරේ නම් නිදහස දෙන්න කියලයි. බෝගම්බර සිර ගෙදර තුළ ලංකාවේ පළමු වතාවටයි මේ වගේ ප්‍රසංගයක් පවත්වන්නෙ.

මොන වගේ ප්‍රතිචාරද මේ අදහසට ලැබෙන්නෙ?

බොහෝ දෙනෙක් පුදුම වුණා. ඇයි මෙතැන කරන්නෙ” අම්මෝ බයයි. හිරගෙදර කියන්නෙ කලාව කරන්න හොඳ තැනක් නෙමෙයි වගේ ප්‍රතිචාර අවට මිනිස්සුන්ගෙන් අපිට ලැබුණා. නමුත් මම නම් හිතන්නෙ මනුස්සයා කියන කෙනා තුළ කලාකාරයෙකුත් ජීවත් වෙනව. සිරකරුවෝ ද මනුෂ්‍යයෝය කියල තේමාවක් තියෙනවනෙ. අපිට හිතුන ඒක සිරකරුවෝද කලාකාරයෝය කියල වෙනස් කරන්න. මොකද ඒ තරම් ලස්සන දේවල් ඒ බිත්ති මත ලියල තියෙනව.

අභී එක්ක කවුද මේ ගමන යන්නෙ?

මගෙත් එක්ක මේ ගමන යන්නෙ ඊ5 කියන සංගීත කණ්ඩායම. බුද්ධික දයාරත්න අයිය තමයි සංගීත අධ්‍යක්‍ෂණය කරන්නෙ.

සංගීත කණ්ඩායම විරුද්ධ වුණේ නැද්ද?

ඔවුනුත් මං වගේම වෙනස් දෙයක් කරන්න කැමැති අය. ඒ නිසා අදහස කියපු ගමන් එයාල කැමැති වුණා. නමුත් ඒ වගේ තැනක සංගීතය සපයන එක අමාරු වැඩක්. වටේට තාප්පය තියන නිසා එළිමහන් සංගීත ප්‍රසංගයකටත් වඩා සවුන්ඩ් බැලන්සිං කරන්න අමාරුයි. මේක අපි හැමෝටම අභියෝගයක්.

එදාට ඔබ ගායනා කරන්නෙ?

මගේ ගීත දහ අටක් එදිනට ගායනා කරනව. ඒ වගේම මගේ තාත්තා සහ ලොකු තාත්තා පද රචනය කළ ගීත තුනක් හෝ හතරක් ගායනා කරන්නත් බලාපොරොත්තු වෙනව.

මේ ගමන පිටුපස වෙන කවුද ඉන්නෙ?

‘නිස්සාර මතකයක් නොවන්නට. යන්න තමයි අපේ සංගීත ප්‍රසංග මාලාවේ මූලික තේමාව වෙන්නෙ. ඒ අතරට මේ ගමනෙදි ‘ප්‍රේමය නම් නිදහස දෙන්න. යන අමතර තේමාවක් අපි එකතුකරගෙන තියෙනව. මේ ගමනෙදි මගෙත් එක්ක ඉන්න අය අතර සංගීත කණ්ඩායම විශේෂයෙන්ම මතක් කරන්න ඕනෑ. ඒ වගේම මගේ ආදරණීය ප්‍රේක්‍ෂකාගාරය මතක් කරන්නම ඕන. නුවර ප්‍රසංගය වෙනුවෙන් මුද්‍රණය කළ ප්‍රවේශපත්‍ර දෙදහසක් සහ ඔන්ලයින් එක්දහස් දෙසිය පනහක් දැම්මා. ඒ සියල්ල පැය විසිහතරක් තුළ අලෙවි වී අවසන් වුණා. ඒක කොළඹ ප්‍රසංගය සමග සැසඳුවොත් දෙගුණයක්.

මේ ප්‍රේක්‍ෂක ආදරය ඔබට දැනෙන්නෙ කොහොමද?

කලාකාරයකුට තියෙන ලොකුම ශක්තිය වෙන්නෙ වියදම් කරන ප්‍රමාණයවත්” එයා වටා ඉන්න යහළුවො ප්‍රමාණයවත් නෙමෙයි. කලාකරුවෙක් උපයාගන්න ඕන මිනිස්සුන්ව. මම මේ අවුරුදු දහයක් තුළ ඒ දේ කරගෙන තියෙනව. ඇත්තටම ලොකු ආඩම්බරයක් දැනෙනව මං ගැනම.

ඔබේ ගීත ප්‍රේක්‍ෂකයා වැළඳ ගැනීමේ රහස මොකක්ද?

ඇත්තටම මම දන්නෙ නැහැ මම කරන හැම දෙයක්ම ඇයි ප්‍රේක්‍ෂකයා වැළඳ ගන්නෙ කියල. සරලව කිව්වොත් මම කරන්නෙ මගේ ජීවිතයට දැනෙන දේවල්. ඒ වගේම ප්‍රේක්‍ෂකයන්ටත් ඒ දේ දැනෙනව ඇති. උදාහරණයක් විදිහට චන්ද්‍රමණ්ඩලේ කියන ගීතය ගත්තොත්” ඒක හරිම සාම්ප්‍රදායික ගීතයක්. නමුත් ඒකෙන් කතා කළේ තාත්තා අහිමි වුණ දුවකුට දැනෙන දේ. ඒ මට දැනුණ හැඟීම දැනුණ තවත් දූවරු ලංකාවේ හිටිය. නිස්සාර ගීතයත් ඒ වගේ.

මේ නිර්මාණවල තියෙන්නෙ ඔබේම අත්දැකීම් ද?

අත්දැකීම් සහ අත්විඳීම් කියන දෙක අපි හැමෝගෙම ජීවිතවල තියෙනව. මම අන්තිමට කළ ගීතය ‘භූමියට තාම පණ තියෙනව.. ඒකෙදි මම පාවිච්චි කළේ භූමි හරේන්ද්‍ර. එයා ට්‍රාන්ස් ජෙන්ඩර් කෙනෙක්. ඒ අත්දැකීම මට නෑ. නමුත් අත්විඳීමක්. මේ හැම කාරණාවක්ම නිර්මාණකරණයට වැදගත්. මූලිකම දේ කලාකාරයකුට තව කෙනකුගේ අත්දැකීමක් තමන්ගේ කරගන්න පුළුවන් තරම් සංවේදි හදවතක් තියෙන්න ඕන.

භූමි යොදාගැනීම සාර්ථක වුණාද?

මම මුලදි හිතුව ඒ තරම් හොඳ ප්‍රතිචාරයක් ලැබෙන එකක් නැහැ කියල. මම වෙනස් දෙයක් කළා වුණත් මිනිස්සු ඒක කොහොම භාරගනීවිද කියල

හිතාගන්න බැහැනෙ. නමුත් කියන්න සතුටුයි” මේ වනතුරු ඒ වීඩියෝ එකට ඩිස්ලයික් එකක්වත් වැටිල නැහැ.

මේ ප්‍රසංගයටත් ඇය සහභාගි වෙනව?

ඔව්. ඒක වෙන්නෙ වෙනස්ම විදිහකට. ඒ කියන්නෙ සප්‍රයිස් එකක්.

අභියෝගයට බයක් දැනුණෙ නැද්ද?

මම ව්‍යාපාරිකාවක්. ඒ නිසා ජීවිතේ ගොඩක් තැන්වලදි මට අවදානම් ගන්න සිද්ධ වෙනව. අනිත් අයටත් මම කියන්නෙ අවදානම අරගන්න. එහෙම නොකළ කිසිම කෙනකුට කවදාවත් වාර්තා තියන්න පුළුවන් වුණේ නැහැ.

මහේෂ් එදිරිසිංහ

මෙන්න බලන්න තවත් පුවත්