පුරාවිද්‍යාඥයින් විසින් මිනිස් හිස් කබලෙන් සාදන ලද දුර්ලභ’ පනාවක් සොයා ගැනීමට සමත් වී තිබෙනවා.

ලන්ඩන් පුරාවිද්‍යා කෞතුකාගාරයේ (MOLA) විද්‍යාඥයින් විසින් 2016 සහ 2018 අතර කාලය තුළ එකතු කරන ලද පොළී භාණ්ඩ 280,000 අතර මිනිස් හිස් කබලකින් කැටයම් කරන ලද මෙම ‘පනාවක්’ සොයාගැනීමට සමත් වී තිබෙන්නේ.

ඒ අනුව බ්‍රිතාන්‍යයේ ජීවත් වූ මිනිසුන් සත්ව හම් පිරිසිදු කිරීම ඇතුළු විවිධ මෙවලම් සෑදීම සඳහා අත් සහ පාදවල මිනිස් අස්ථි භාවිතා කර ඇති බව අධ්‍යයනයෙන් හෙළි වි තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පුරාවිද්‍යාඥයන් විසින් නිකුත් කරන ලද නිවේදනයේ දැක්වෙන්නේ එය ඇදහිය නොහැකි තරම් දුර්ලභ සොයාගැනීමක් වන අතර, එය බ්‍රිතාන්‍යයේ යකඩ යුගයේ (ක්‍රි.පූ. 750 – ක්‍රි.ව. 43) භාවිතයන් සඳහා යොදාගෙන ඇති බවයි.

මෙය කේම්බ්‍රිජ් සිට සැතපුම් 4ක් වයඹ දෙසින් පිහිටි බාර් හිල් ප්‍රදේශයේදී සොයා ගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පැරණි පුවත් – දෙවැනි ඉනිමෙන් පසුව මම මෙගානාට්‍යවලට සම්බන්ධ වෙන්නේ නැහැ

තිරගත වන “සිනේමා” චිත්‍රපටයේ ‘තිළිණි’ නමින් රංගනයක යෙදෙන ඇය ගැන ප්‍රේක්‍ෂකයින්ට අමුතුවෙන් හැඳින්වීමක් කළ යුතු නැහැ. පුංචි තිරයේ ප්‍රේමණීය රංගනය නිසාම නිරන්තරයෙන් ජනතාවගේ සම්මානයෙන් ජනප්‍රියත්වයේ කිරුළ ලබන ඇය, නයනතාරා වික්‍රමආරච්චි ය. පුංචි තිරයෙන් එහා පුළුල් සිනමා තිරයෙන් “සිනේමා” සමග හමුවන නයනතාරා අපට කියන්නේ මොනවා ද බලමු.

කොහොම ද කොහොම ද ඉතින්?

“වරදක් නැහැ. ‘සිනේමා’ නිසා ටිකක් කාර්ය බහුල වෙලා ඉන්නේ.”

‘සිනේමා’ ෆිල්ම් එක තිරගත වෙනවනේ. ඉතින් ඇයි කාර්ය බහුල?
“ඒ වෙනුවෙන් ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් එහි රඟපෑ ශිල්පීන් ලෙස අපිත් ඒවාට සහභාහි වෙනවා. විශේෂයෙන්ම පසුගිය කාලයේදී මිනිසුන් මුහුණ දුන් ලෝක වසංගත තත්ත්වය වගේම අපේ රටේ විවිධ හේතුන් නිසා චිත්‍රපටයක් නැරැඹීමට තරම් යහපත් වාතාවරණයක් තිබුණේ නැහැ. ඒ නිසා අපේ චිත්‍රපට කර්මාන්තය වෙනුවෙන් සහ සිනමාව වෙනුවෙන් හැකි උපරිමයෙන් දායකත්වය ලබා දීම අපි හැමෝගෙම වගකීමක්. විශේෂයෙන්ම ‘සිනේමා’ චිත්‍රපටය ගත්තොත් හොඳ නිර්මාණයක්.”

අද නිර්මාණය වන චිත්‍රපට බොහොමයක් හොඳයි කියලා ද හිතන්නේ?

“ඇත්නෙන්ම හොඳ සිනමාවක්, හොඳ චිත්‍රපට ප්‍රේක්‍ෂකාගාරයක් නිර්මාණය වීම ඉතා හොඳයි. මොකද ශ්‍රී ලංකාව කියන්නේ ඉතා හොඳ සිනමාවක් තිබූ රටක්. නවක සිනමාකරුවන් ප්‍රවීණයන්ගේ අදහස් ඇතිව හොඳ නිර්මාණ බිහි කිරීම අගය කළ යුතු දෙයක්.”

ඔබ කියූ පරිදි අපේ රටේ ඒ හොඳ සිනමාවේ අතීතයට ගියොත්, ඔබ වඩා කැමැති චිත්‍රපටය කුමක් ද?

“නිධානය.”

‘සිනේමා’ නයනතාරා රඟපෑ කීවැනි චිත්‍රපටය ද?

“රූගත කළ තුන්වැති චිත්‍රපටයයි. පළවැනියට රඟපෑ ‘එක දවසක අපි’ තිරගත වුණා. දෙවැනියට තිරගත වන චිත්‍රපටය තමයි ‘සිනේමා’.”

සිනේමා “තිළිණි” මොන වගේ ද?

“ඇය සිහිනයක් තුළ ජීවත්වන තරුණියක්. ඇයට තියෙන්නේ නිළියක වීමේ සිහිනයක්. ඒ වෙනුවෙන් සිහින දකින සුන්දර තරුණියක්.”

ඒ සිනේමා තිළිණිනේ. අද වන විට ජීවිතේ කළ කී දේ එක්ක නයනතාරාට නයනතාරා ගැන හිතෙන්නේ කොහොම ද? නයනතාරා දකින සිහින මොනවා ද?

“මම තවම මේ ක්ෂේත්‍රයට අලුත් කෙනෙක්. හැමදාම මම මාව අලුත් කෙනෙක් විදිහට දකින්න කැමැතියි. එතකොට මට මේ විෂයයට අදාළව බොහෝ දේ ඉගෙන ගන්න පුළුවනි. තවම මම දන්නේ දශමයකටත් වඩා අඩු දැනුමක් විතරයි. විශ්වය තරමට ගැඹුරු මේ කලාවේ ඉගෙනීමට හැදෑරීමට ඇති දේ බොහෝයි. හොඳ නිර්මාණවලට දායක වෙමින් දැනුවත් වීම මගේ අරමුණයි. සිනමාවට මම හරි කැමැතියි. තවත් සිනමා නිර්මාණවලට ආරාධනා ලැබිලා තියෙන්නේ. ඒවායේ පිටපත් කියවමින් සිටිනවා.”

නයනතාරා ජනප්‍රිය ලේබලය ලබාගත්තේ ටෙලි තිරය නිසයි. ඉතින් ඒ පුංචි තිරය අත්හැර ඊට වඩා විශාල වූ සිනමා තිරය ආක්‍රමණය කිරීමට ද සූදානම?

“ ‘සිනේමා’ චිත්‍රපයට මම දායක වුණේ 2017 වසරේදී. ඒ වසර පහක වගේ කාලයකට පෙරදී. එදා ඉඳලාම මම ප්‍රකාශ කළේ, කාලය කළමනාකරණය කරගන්න ඕනෑ නිසාත්, පුද්ගලික කළමනාකරණය කරගන්න ඕනෑ නිසාත්, දෙවැනි ඉනිමෙන් පසුව මම මෙගා නාට්‍යවලට සම්බන්ධ වෙන්නේ නැහැ කියලයි. ප්‍රේක්‍ෂකයින් මා කෙරෙහි තැබූ විශ්වාසය රකින්න ඕනෑ. ඒ වෙනුවෙන් මම කැප වී හොඳ නිර්මාණවලට දායක වීම වැදගත්. ඒ නිසා තෝරාගත් හොඳ ටෙලි නිර්මාණවලට ඉදිරියේදී දායක වේවි.”

නයනතාරා වඩා කැමැති සිනමාවට ද? ටෙලිනාට්‍යවලට ද?

“සිනමාවට බොහෝම කැමැතියි.”

නයනතාරා වේදිකාවට අකැමැති ද?

“මම පටන් ගත්තෙම වේදිකාවෙන් කිව්වොත් හරි. රංගනය ගැන හදාරන්න තිබූ වුවමනාව නිසාම මායාශක්ති රංග ශිල්ප නාලිකාවට බැඳී කටයුතු කළා. බර්ටෝල්ඩ් බ්‍රෙෂ්ට් පරිවර්තන නාට්‍යයක් වන ‘රැගෙන අවි මමද එමි’ නාට්‍යයේ රඟපැවා. ඒක හොඳ අවස්ථාවක් වුණා. වේදිකාව කියන්නේ හඬ පාලනය වගේම රංගනය ගැන හදාරන්න බොහෝ දේ එක්කාසු කරගත හැකි තැනක්. ඒ වෙනුවෙන් කාලය, නිදහස වැදගත් වගේම කැපවීමත් වැදගත්.”

අද නම් නයනතාරාගෙන් ආදරය ගැන ඇහුවොත් නොකියා ඉන්නම බැරි වේවි. එහෙම නේද?

“ආදරේ ලබන්න වගේම විඳින්න කැමැති, ආදරේට ලැදි කෙනෙක් මම. මගේ පුංචි කාලයේ ඉඳලාම මේ වන තෙක් සහ ඉදිරියටත් මගේ අම්මාගෙන් තාත්තාගෙන් අක්කාගෙන් සහ මගේ ප්‍රේක්‍ෂකයින්ගෙන් ලොකු ආදරයක් මට ලැබෙනවා. ඒ ආදරය මට ගොඩක් වටිනවා.”

අක්කයි නයනතාරයි අතරින් වඩා ලස්සන කවුද?

“අක්කා ලස්සනයි. එයාගෙ නම මධුෂිකා.”

අක්කා රඟපාන්නේ නැද්ද?

“එච්චර කැමැත්තක් නැහැ. හැබැයි මගේ රඟපෑම් බලලා අඩුපාඩු කියනවා. ඒ වගේම අගය කරනවා.”

ජීවිතේ රහස් කියන්නේ අක්කට ද? අම්මට ද? නැත්නම් වෙනත් කෙනෙක්ට ද?

“මම වැඩියෙන්ම සමීප අම්මට. අම්මා හරියට මගේ හොඳම යෙහෙළිය වගෙයි. ඒ නිසා බොහෝ දේ බෙදා හදා ගන්නේ අම්මා එක්ක. අක්කා එක්කත් කතා කරන දේ තියෙනවා.”

‘සිනේමා’ චිත්‍රපටයේ ‘ජාලිය’ වූ ‘මේඝ’ ගැන කතා කරමු. මේඝ ගැන හිතෙන්නේ කොහොම ද?

“මට මුලින්ම මේඝ හමු වුණේ 2017 වසරේදී මේ චිත්‍රපටයේ රූගත කිරීම් කරන කාලයේදී. මම එදා ඉඳලා දකින විදිහට හොඳ අරමුණක් ඇති, යම්කිසි දෙයකට කැප වුණොත් ඊට ඉතා කැපවී කටයුතු කරන දක්‍ෂයෙක්. සිනමාවේ හොඳ ගමනක් යා හැකි තරුණයෙක්. පුද්ගලික ජීවිතයේදී ඉතා සුහදශීලී නම්‍යශීලී නිහතමානී චරිතයක්.”

මෙන්න බලන්න තවත් පුවත්