සම්මානනීය රංගන ශිල්පියෙක් වන ඔහු ජනප්‍රිය දසුන් පතිරණ. කසුන් කියන්නේ ආන්දෝලනාත්මක සිනමා නිර්මාණ කිහිපයකම තම රංගන දායකත්වය ලබා දුන්න දක්ෂයෙක්. ඉතින් සිනමාව විතරක් නෙවෙයි දසුන්ව ව අපිට පුංචි තිරය හරහා දැකගන්නට ලැබෙනවා. මේ දිනවල මැස්සා ටෙලිනාට්‍යයේත් දසුන්ට ආදරය කරන ප්‍රේක්ෂකයාට ඔහුව දෑ ගන්න පුලුවන්.

මෝටර් බයිසිකල්, සයපෙති කුසුම, හුස්ම, දැවෙන විහගුන්, නිනෝ ලයිව් වැනි චිත්‍රපට හරහා දැක ගන්නට හැකියාව තියෙනවා. ඒ වගේම මේ දිනවල කවුරුත් කතා කරන ලංකාවේ පළවෙනි 3D චිත්‍රපටයක් වන ගජමෑන් චිත්‍රපටයටත් ඔහු දායකත්වය ලබාදීලා තියෙනවා. මේ වන විට විවාහ වෙලා දරුවන් දෙදෙනෙකුගේ පියෙක් වන දසුන් පතිරණ ළමා කාලය ගැන මේ විදියටයි එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී අදහස් දක්වලා තිබුණේ.

” අපේ අම්මයි තාත්තයි දෙන්නම මරදානේ. ඉතින් අපි මරදානෙ තට්ටු ගෙවල් වල තමයි ජීවත් වුණේ. අම්මලා තාත්තලා මාව ඇහැක් වගේ බලාගත්තේ. මොකද මම තමයි ගෙදර ඉන්න එකම ළමයා. ඒ විදිහට කාලයක් යනකොට ගෑණු ළමයෙක් වගේ තමයි මම හැදුනේ. මම පහ වසර ශිෂ්‍යත්වය ලිව්වහම ෆේල් වුණා. තාත්තා බලාපොරොත්තු වුනේ මම පාස් වෙයි කියලා. ඒ වෙනකොට මම ගියේ පෞද්ගලික පාසලකට.

ඉතින් තාත්ත ලා තීරණය කරලා තව ළමයෙක් හදන්න. ඒ විදියට තමයි නංගී එන්නේ. අපි දෙන්නා අතර බදාගෙන ඉන්න සහෝදර කමක් නෑ. මොකද නංගි ටිකක් එකක් ලොකු වෙනකොට මම තරුණ වයසට එනවනේ. නමුත් අපි දෙන්නගෙ තියෙන සහෝදර බැඳීම නම් මාරම එකක්. නංගි මට වඩා අවුරුදු එකොළහක් බාලයි. අපේ නංගිට හොඳට තේරුම් ගන්න ශක්තියක් තියෙනවා.”

මේ විදිහටයි දසුන් පතිරණ කුසලතා පරිපූර්ණ රංගන ශිල්පියා ඔහුගේ බාල කාලය ගැන කියලා තිබුණේ.

පැරණි පුවත් – මට එදා හිතුන මම ඒ ජීවත්වන අන්තිම තත්පර කීපය කියලා

ලාංකීය කලා ක්ෂේත්‍රයේ තුළ සිටිනා තරු අතරින් නිවේදනයටත් ගායනයත් නර්තනයටත් මෙන්ම රූ රැජිණ කිරුළ දිනා ගන්නට තරම් අසමසම සුන්දරත්වයෙන් යුතු ඇය ස්ටෙෆනි සිරිවර්ධන නම් තාරකාවයි.

සිරස නාලිකාවේ විකාශය වු the voice teen රියැලිටි වැඩසටහනේ නිවේදිකාවක් ලෙසින් ප්‍රේක්ෂකයන් අතරට ආ සුරූපී ඇය මේ වන විට ජනප්‍රිය ගායක දුෂ්‍යන්ත් වීරමන් සමග සාර්ථක යුග දිවියක් ගත කරමින් සිටී .

ඇයගේ ගමන් මග පිළිබඳ සඳහන් කිරීමේදී උපාධිධාරිනියක වන ඇය 2011 වර්ෂයේ ශ්‍රි ලාංකීය රූ රැජිණ කිරුළ දිනා ගනිමින් 2011 වර්ෂයේ මෙරට නියෝජනය කරමින් විශ්ව රූ රැජිණ කිරුළ සඳහා ද ඉදිරිපත් විය. එමෙන්ම 2013 වර්ෂය වන විට ශ්‍රී ලංකා ආසියා පැසිපික් ලෝක රූ රැජින කිරුළ ජයග්‍රහණය කිරීමට සමත් වූ ඇය වර්තමාන ස්ටෙෆනි සිරිවර්ධන පදනමේ හිමිකාරිය ලෙසින් කටයුතු කරයි

මෙසේ ඇයව නිරූපණ ක්ෂේත්‍රය තුළින් අපට දකින්නට ලැබෙන්නේ ඇය ශ්‍රී ලංකා කිරුළ දිනා ගැනීමත් සමඟයි.

කෙසේවෙතත් ඇයගේ ගමන් තුළ ඇය මුහුණ දුන් අමතක නොවන සිදුවීමක් පිළිබඳව මෙසේ අදහස් දක්වා සිටියා,

“ඇත්තටම මම ලැබෙන අභියෝග සහ අවස්ථාවන් විශ්වාස කරන කෙනෙක්.දවසක් මගේ බඩේ යම් ගැටලුවක් නිසා පොඩි ඔපරේෂන් එකක් කරනවා.එතනදී හැමෝවම මට පෙනුනේ බොඳ වෙලා.මට එදා හිතුන මම ඒ ජීවත්වන අන්තිම තත්පර කීපය කියලා.මට එවෙලෙ මගේ තාත්තාව දකින්න ඕන වුණා.ඒ වගේම තමයි එවෙලෙ මට මතක් උනා මම ජීවිතයේ විඳපු නැති ගොඩක් දේවල් තව තියෙනවා නේද කියලා.ඒ නිසා මම දෙවියන්ගෙන් මගේ ජීවිතය බේරලා දෙන්න කියලා ආයාචනා කළා.”

ඒ වගේම ඇයගේ කලා කටයුතු වලට ඇයගේ සැමියාගෙන් ලැබෙන සහයෝගය ගැන පැවසුවේ මේ විදියටයි.

“ඒ වගේම තමයි මට දෙයක් කරන්න කොච්චර අමාරු උනත් මං ඒක කොහොම හරි ට්‍රයි කරල ඉගෙන ගන්නවා .මට සිංහල කතා කරන්න හරි අමාරුයි.ඒ වගේම තමයි සින්දු කියන්නත් අමාරුයි.නමුත් මගේ ආදරණීය සැමියා මගේ තියෙන දක්ෂතා හඳුනගෙන මට උපරිම ශක්තියක් ලබාදෙනවා ඒ දක්ෂතා එළිදක්වන්න.ඉතින් මම හිතන්නේ මම හරි වාසනාවන්ත බිරිඳක්.”

ඇයගේ කලා කටයුතු සියල්ලක්ම සාර්ථක වේවා කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

මෙන්න බලන්න තවත් පුවත්