හැරී කුමරු සහ මේගන් කුමරිය පසුගිය දිනෙක රාත්‍රී සමාජ ශාලාවක කාලය ගත කිරීම සඳහා පිටත්ව ගොස් ඇති අතර, මෙම අවස්ථාවේ වීඩියෝ සහ ඡායාරූප කිහිපයක් ම මේ වන විට සමාජ මාධ්‍ය උණුසුම් කරමින් හුවමාරු වනවා.

මේගන් මාකල් වටිනා කියන ඇඳුම් ආයිතම් පළඳාගෙන රථයේ ගමන් කර ඇති අතර, මුලින්ම රථයෙන් හැරි කුමරු බැස ගිය නමුත් මේගන් පසුපස අසුනේ මිතුරියක් හා අසුන්ගෙන මඳ වෙලාවක් සිටියා.

ලොස්ඇන්ජලීස් හි අදාළ සමාජ ශාලාව පිහිටා ඇති අතර, හැරී – මේගන් දෙදෙනාගේ මෙම ක්‍රියාව රජපවුලේ දෝශාරෝපණයට ලක්ව ඇති බවත්, චාල්ස් කුමරු මෙයින් දැඩි සේ කිපී ඇති බවත් යුවළගේ සමීප මිතුරෙකු ඩේලිමේල් වෙත අනාවරණය කර තිබෙනවා.

සසෙක්ස්වරුන්ට මෙම යුවළගේ පිළිකුල් සහගත හැසිරීම් දැඩි කළකිරීමක් ඇති කරඇති අතර, ඔවුන්ගේ වෛරය තෙගුණ වීමටත් මෙය හේතුවක් වී ඇති බවයි වාර්තා වන්නෙ.

හැරී සහ මේගන් මීට කලකට ඉහත රජ පවුලෙන් ඉවත්ව ගිය අතර, සියලු වරප්‍රසාදද ඔවුන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

අනතුරුව හැරී කුමරු විසින් ආන්දෝලනාත්මක කෘතියක් ද එළිදැක්වූ අතර, ඔවුන් දෙදෙනාගේ වාර්තාමය චිත්‍රපටයක් කිරීමට “නෙට්ෆික්ස්” ආයතනය ඉදිරිපත් වුණා.

මේ නිසාම යුවළට “සල්ලි මදි පාඩුකම්” නම් නැතිවේවී කියලයි ගොඩක් දෙනාගේ නිගමනය.

ඩේලිමේල් ඇසුරිනි.

පැරණි පුවත් – මං හේතු ඇහුවෙත් නෑ, එයා හේතු කිව්වෙත් නෑ-පෙම් සබඳතාවයට තිත තියපු කළිඳු හඬ අවදි කරයි

මාධ්‍යවේදියෙක් විදිහට බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගත්තු ගොඩක් දෙනෙක් අතර ප්‍රසිද්ධ වෙච්ච දක්ෂ පුද්ගලයෙක් තමයි කලිදු කරුණාරත්න කියන්නේ. ඉතාමත් කෙටි කාල සීමාවක් තුළ දී තමන්ගේ කටහඬ තුළින් ප්‍රේක්ෂකයන්ව ආකර්ෂණය කරගත් ඔහු දෙරණ රූපවාහිනි තිරයේ ප්‍රවෘත්ති නිවේදකයෙක් ඒ වගේම කාලීන වැඩසටහන ඉදිරිපත් කරන්නෙක් සහ දේශපාලන වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් විදිහට ඔහු ප්‍රේක්ෂකයන් හමුවට ආවා.

ගොඩක් දෙනෙක් දන්නවා 2019 වර්ෂයේ ඉඳන් ඔහු පෙම්වතෙක් බවට පත් උනා කියන දේ. කලිදු මේ විදිහට ආදරේ කරන්න තෝරාගත්තේ සිදු ටෙලි නාට්‍ය හරහා බොහෝ දෙනෙක්ගේ හදවත දිනා ගත්ත මනීෂා චංචලා කියන තරුණියයි. නමුත් අවාසනාවකට පසුගිය කාල සීමාව තුළ දී මේ ආදර සම්බන්ධතාවයට නැවතීමේ තිත තියලා කියලා ආරංචි වෙනවා.

ඉතින් ඒ සම්බන්ධයෙන් දෙදෙනාම මුනිවත රකිද්දී, කලිදු තීරණය කරනවා සති අග පුවත් පතකට පුවත්පතකට සිද්ද වෙච්චි දේ ගැන විවෘතව අදහස් ඉදිරිපත් කරන්න.

“ඉස්කෝලේ යන කාලේ පොඩි පොඩි ප්‍රේම සම්බන්ධතා තිබ්බා…. ඒත් හිත ගත්තු ප්‍රේමය ඇය කිව්වොත් හරි. 2019 වර්ෂය මැද තමයි අපි ආදරය කරන්න පටන් ගත්තෙ. අවුරුදු 03ක ආදර කතාවකට අප්‍රේල් මාස තිත තිබ්බා….. ඒ මගේ වුවමනාවට නෙවෙයි එයාගේ උවමනාවට. එදත් අදත් හෙටත් මම ඇයට ගරු කරනවා. එනිසා අපි ගෞරවනීය විදිහට කතා කතාබහ කරලා අයින් වුණා….

මම හේතු ඇහුවේ නෑ… ඇය හේතු කිව්වෙත් නෑ. හේතුව හොයන්න ගියොත් මට හිත හදාගන්න අමාරුයි….. ඒ නිසා එයාට ඇහුම්කන් දීලා සමුදුන්නා. හිතුවෙ නැති වෙලාවක තමයි එයා මට කතා කරලා අපි මේ සම්බන්ධ නතර කරමු කියලා කිව්වේ… එයාට නිදහස ඕන ඇති. ඒ නිසා අමාරුවෙන් උනත් මම එයාට යන්න දුන්නා…

මගේ කැමැත්තට විතරක් අපේ ආදරේ තිබිලා වැඩක් නෑ. එක පාරක් විශ්වාසය බින්ඳ කෙනා නැවත වතාවක් ඒ දේ කරන්න දෙපාරක් හිතන්නේ නෑ…. දැන් මගේ විශ්වාසය බිඳිලා ඉවරයි. ආයෙ බාරගන්නෙ නෑ. එයා ආයෙ එයි කියලා හිතන්නෙත් නෑ…. වෙන්න තිබ්බ දෙයක් වුණා

මෙන්න බලන්න තවත් පුවත්