උපේක්ෂා ස්වර්නමාලි කියන්නේ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ජනප්‍රිය තරුණ රංගන ශිල්පිනියක්. විවාහයෙන් පසුව ඇය කලාවෙන් මදක් ඈත් වුණත් දැන් ඇය නැවතත් ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට අවතීර්ණය වෙලා ඉන්නවා.

උපේක්ෂා පුංචි දියණියකගේ මවක් කියලා මේ වන විටත් ඔබ දන්නවා ඇති.

කලා ක්ෂේත්‍රයට අවතීර්ණය වෙන තරුණ පරම්පරාව ගැන මෑතකදී ඇගේ අදහස මාධ්‍යයට ප්‍රකාශ කරලා තිබුනා.

පහත දැක්වෙන්නේ ඇය කියූ දෑයි…

“මට නම් සමහර අය දක්ක ගමන් පෙන්නන්න බැහැ. දක්ෂතාවකුත් නැහැ. අත්දැකීමකුත් නැහැ. සමහර අය විතරයි. ඒත් දක්ෂතාවය තියෙන තරුන පරම්පරාවකුත් ඉන්නවා. රංගනය ගැන කිසිම දෙයක් හදාරලාත් නැති අපි කියන දේවල්වත් අහන්නේ නැති අලි ඔළුවෙන් ඉන්න අය ඕනේ තරම් ඉන්නවා. මේ දවස්වලත් රඟපානව ඒ වගේ අලුත් අයත් එක්ක… නමුත් අති දක්ෂ තරුණ පරම්පරාවකුත් අපිට ඉන්නවා. නමුත් ඒ අයට සුදුසු ක්ෂේත්‍රයක් අපිට නැහැ. ඒ නිසා එයාලා කලකිරෙනවා මම දැකලා තියෙනවා. ඒ අයගේ නිර්මාණවලම් සුලු චරිතයක් කරලා හරි එයාලට උදව් කරන්න සහයෝගය දක්වන්න මම කැමැතියි. නමුත් මෙලෝ රහක් නැති අයට නම් මූණට කියලා ප්‍රඩක්ෂන් එකෙන් අයින් වෙන්නත් මම කැමැතියි.”

පැරණි පුවත් – අපි දෙන්නම මස් මාලු කන්නෙ නෑ, රුපියල් 40ක වඩේ අරන් දුන්නොත් කස්තුරිට හොදටම ඇති

පුංචි තිරයේ ප්‍රේක්ෂක ආදරය ඉහලින්ම දිනා ගත්ත නව පරපුරේ දක්ෂ රංගන ශිල්පියෙක් තමයි සංගීත් ප්‍රභූ කියන්නේ. ඔහු රංගනයෙන් දායක වුණු ටෙලිනාට්‍යය අතරින් ඉහල රසික ආදරයක් ලැබුණ් ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වුණු ‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍යය හරහායි. එහි කවඩියා විදියට අවුරුත් දැන හදුන ගත්ත සංගීත් සම්මානනීය රංගන ශිල්පියෙක්.

පසු ගිය දා පැවත් වුණු සුමති සම්මාන උළෙලේ වසරේ හොදම නැගී එන ටෙලිනාට්‍යය නළුවා විදියට සම්මානයක් හිමි කරගන්නට වාසනාවන්ත වුණු සංගීත් ප්‍රභූ මේ වන විට ආදරවන්තයෙක් කියලා ඔහුට ආදරය අරන බොහෝ දෙනෙක් දන්නවා.

ඉතින් සංගීත් ප්‍රභූ ඔහුගේ ආදරය කාලයක් ප්‍රේක්ෂකයින්ට රහසක් විදියට කරගෙන ගියත් මේ වන විට ඔහුගේ සිහින කුමාරිය ජනප්‍රිය රංගන ශිල්පිනී කස්තුරි ජයවර්ධන කියලා දන්නවා. ඉතින් කස්තුරිත් සංගීත් ආදරය පටන් අරන් වසර කිහිපයක් වෙනවා. ඉතින් ඒ දෙන්නගේ හොදම ගැලපීම ගැන සංගීත් සහභාගි වුණු එක්තරා රූපවාහිනී මාධ්‍ය හමුවකදී කියලා තිබුණේ මේ විදියටයි.

” අපි දෙන්නගෙ හොදම ගැලපීම තමයි අපි දෙන්නම වෙජිටේරියන්. ඉතින් කස්තුරි රගපාපු පළවෙනි ටෙලිනාට්‍යයට ඇයට ආරාධනා කලේ මම. ඒ ටෙලිනාට්‍යයේ අපි සෙට් එකේ කෑම කන්න ඉන්නකොට කස්තුරිත් මස් මාලු කන්නෙ නෑ කිව්වා. ඊට පස්සේ ටික ටික කතා බහ කලේ. කස්තුරිට ඉස්සර රුපියල් 40ක වඩේ අරන් දුන්නොත් හොදටම ඇති. මොකද එයා වෙජිටේරියන් නිසා. දැන්නම් එයා වෙජිරෝල් එකයි අයිස් කොෆි බොන්නෙ. දැන් 700 ගානක් යනවා.”

මේ විදියටයි කඩවසම් නළු සංගීත් ප්‍රභූ ඔහුගේ සහ කස්තුරිගෙ ආදර කතාවෙ රසමුසු තැන් ගැන කියලා තිබුණේ.

මෙන්න බලන්න තවත් පුවත්