උමාලි තිලකරත්න කියන්නෙ වැඩිපුර සමාජ මාධ්‍ය තුළ දකින්න නොලැබුණා වුණත් ඉදහිට රූප පෙට්ටියේ නිර්මාණවලින් ඔබට සමීප වෙන චරිතයක්. ඒ වගේම රිදී තිරයේ නිර්මාණ ගණනකත් ඇය විශිෂ්ට රංගන හැකියාවන් පෙන්නුම් කළා. උමාලි ගැන මුහුණු පොතේ හුවමාරු වන සටහනකින් කොටසක් තමයි මේ..

අපි කවුරුත් මිනිස්සු … හැමෝම මේ අයගේ ජීවිතය ගැන කතාවෙන්නේ එයාලා ප්‍රසිද්ධ චරිත නිසා… නැත්නම් මේ වගේ දේවල් සමාජයේ ඕන තරම් වෙනවා.. අපි නිතරම පුරුදු වෙමු හැම දෙයකම හොද පැත්ත දකින්න … ඔයාලට මට කියන්න ඕන උනේ අපි ඕනම තැනකට අනුගත වෙන්න ඕන කියන්නයි…

අපි කවුරුත් එක්ක ආවත්, යන්න ඕන ජීවත් වෙන්න ඕන තනියම කියන එකයි… උමාලි ඒක ලස්සනට කියලා දෙනව … තමන් එක්ක ඇගිලි පටලවාගෙන ඔහේ ඇවිදගෙන ගියපු.. නිදි මරාගෙන පැය ගානක් කෝල් කරපු… ලස්සනට මනාලියක් වෙලා හනිමූන් ගියපු… එක වහලක් යට පුංචි පැටියෙකුට හීන මවපු ඒ තමන් ආදරය කරපු ස්වාමියා තමන් ඉදිරියේ දැන් පිට මිනිහෙක් වෙලා…

ඉතින් … අපි ඇත්ත තේරුම් ගනිමු… කවදමහරි අපිටත් තනියම හැමදේකටම මුහුණ දෙන්න වෙනවා.. ඔයා ලග හිටපු කවුරුත් නැතිව … ඉතින් dependants වෙන්න එපා… යන්න ඉදිරියට උමාලි වගේ…

පැරණි පුවත් – මම එක එක්කෙනාට අරවා මේවා දීලා නෙවෙයි මේ තැනට ආවේ – ජනප්‍රිය නිලි මේධා ජයරත්න

කළා ලෝකයේ ඉන්න ජනප්‍රියම රංගන ශිල්පිනියන් අතරින් හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි මේධා ජයරත්න කියන්නේ, මේධා ගැන කතාකරදී කතා නොකරම බැරි මාතෘකාවක් තමයි ඇයගේ සුන්දරත්වය, ඉතින් මේධා කොහොමද මෙච්චර හැඩට ඉන්නේ ”මම බබාලා පොඩි කාලේ මම හිතුවේ එයාලා ගැන විතරයි, හැබැයි දැන් මම මගේ ගැන හිතනවා, ඒ වගේම මම සතියට දවස් හතරක් ජිම් එකට යනවා, ඒ වගේම කෑම ගන්නෙත් හරිම පරිස්සමින්, ගොඩක් කාන්තාවන් හිතාගෙන ඉන්නේ අවුරුදු හතලිගෙන් පස්සේ රිවස් එකට යනවා කියලා හැබැයි ඉතින් උත්සාහය සහ උනන්දුව තියෙනවනම් හැඩට ඉන්න පුළුවන්”

මේධා කියන්නේ රංගනයේදී තෝරාගැනීම් කරන කෙනෙක්ද..? ”බොරු කියන්නේ මොකටද ලංකාවේ හැටියට එහෙම ලොකුවට තෝරාගැනීම් කරන්න බෑ, මොකද අපිට නිර්මාණ ලැබෙන්නේ බොහොම අඩුවෙන්, මට දිගටම මේ ක්‍ෂේත්‍රයේ රැඳිලා ඉන්න ඕන, ඉතින් මම එහෙම ලොකුවට තෝරන්නේ නෑ, හැබැයි ඒකෙන් කියන්නේ මම ලැබෙන හැම නිර්මාණයක්ම බාරගන්නවා කියන එක නෙවෙයි, මම මට ගැලපෙන්නේ නැති නිර්මාණ මම ප්‍රතික්ෂේප කරනවා, හැබැයි මේ පවතින තත්වය එක්ක මෙගා කරන්නේ නෑ කියන තැන මම ඉන්නවා”

මේ ක්‍ෂේත්‍රයේ හැමෝටම කාලයක් රඳාපවතින්න අමාරුයි, ඔබ කාලයක් ගියත් ජනප්‍රියත්වය ඒ විදියටම තියාගෙන ඉන්නවා කොහොමද එහෙම කලේ ”මෙහෙමයි අද වෙනකන් මම වැඩ ඉල්ලගෙන කාගේවත් පස්සෙන් ගිහින් නෑ, මම මේ වෙද්දී බාරගත්ත වැඩ වලට අත්හැරපු වැඩ වැඩියි, මම මුලින්ම මේ ක්‍ෂේත්‍රයට සම්බන්ද වෙන්නේ නිවේදිකාවක් විදියට, එහෙම ඉද්දී තමයි මට රංගනයට ආරාධනා ලැබෙන්නේ, මම මටම කියලා වෙනම අනන්‍යතාවයක් හදාගත්තා, මම කලින් අවුරුදු පහක් රංගනයෙන් ඈත්වෙලා හිටියා, එහෙම ඉඳලා ආවත් මට ආරාධනා ලැබුනා, මේක මගේ ධක්ෂතාවය නිසා ආව ගමනක්, එක එක අයට ඒවා මේවා දීලා ආවගමනක් නෙවෙයි මේක”

මේ වෙද්දී ඔබ තනිවුන කාන්තාවක් ඉතින් ඒ ගැන මොකද හිතන්නේ ”මම තනි වුන කාන්තාවක් නෙවෙයි මට දැන් බෝයි ෆ්‍රෙන් කෙනෙක් ඉන්නවා, හැබැයි අපි විවාහයකට යනවද කියලා අපි තාම තීරණය කරලා නෑ, මම කලින් විවාහ වෙලා තනිවුන කාන්තාවක්, මට ආයේ විවාහ වෙන්නත් හිතෙනවා, හැබැයි මම දන්නේ නෑ මගේ අදහස වෙනස් වෙයිද කියලා, අපි ආදරේ කරනවානම් විවාහ වුනා කියලා ඒක බිඳෙන්නේ නෑ, විවාහ නොවුනා කියලත් ඒ ආදරේ බිඳෙන්නේ නෑ”

මෙන්න බලන්න තවත් පුවත්