
සුරියවැව මදුනාගල ප්‍රදේශයේ ගොවි පොළක අක්කර 20ක විස්සක පුරා අඹ වගා කර ඇති භූමියකට හොර රහසේ ඇතුළු වී රුපියල් ලක්ෂ 7 කට ආසන්න අඹ තොගයක් කඩා ගැනීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙම සැකකරුවන් සිව්දෙනා ඊයේ (27) පසුවරු 6.00 ට පමණ මෝටර් රථයකින් පැමිණ මෙම අඹ වගා භූමියට ඇතුළු වී මෙලෙස අඹ කඩාගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් ලැබුණු ගොවිපොළේ හිමිකරුට ලැබුණු තොරතුරකට අනුව ප්‍රදේශවාසීන් සමඟ එක්ව සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සූරියවැව සහ හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් ඔවුන් අතර වයස අවුරුදු 14 ක පාසල් සිසුවෙක් ද සිටින බව පොලීසිය කියයි.
සූරියවැව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
පැරණි පුවත් – අපේ ලංකාව තවම දූපත් මානසිකත්වයෙන් මිදිල නැහැ. කෙනෙක් ජාත්‍යන්තර තලයට යන්න හිතනව නම් ලංකාව දාල යන්න වෙනව
චුලක්‍ෂි රණතුංග… සිංහල සිනමාවේ නව පරපුරේ තරු අතර ඈ ගිනි සිළුවක් වැනියි.
ආකර්ෂණීය රුවකට හිමිකම් කියන ඈට කවුරුත් බෙහෙවින් ඇලුම් කරන බව රහසක් නෙවෙයි.
මේ ඇය සති අන්ත පුවත්පතකට දැක්වූ අදහස් කිහිපයක්…
ගින්දරී 3 චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොම?
මම රංගනයෙන් දායකත්වය ලබා දෙන්නෙ මෞද්‍රි කියන චරිතයට. මේක මනඃකල්පිත” රොමෑන්ටික්” ෆැන්ටසි මූවි එකක්. මේ වර්ගයේ චිත්‍රපට ලංකාවේ හැදෙනවා හරි අඩුයි. ඇවටර්” ස්පයිඩර් මෑන්” වොන්ඩර් වුමන් වගේ චිත්‍රපට අපේ රටේත් බොහොම ජනප්‍රියයි. මෙවැනි චිත්‍රපට අතර අපේ රටේ නිර්මාණකරුවෙක් විදිහට උදයකාන්ත වර්ණසූරිය ගත්ත සාර්ථක
උත්සාහයක තුන්වැනි අදියර තමයි අපිට ගින්දරී 3 හරහා දැකබලා ගන්න ලැබෙන්නෙ.
අවුරුදු හතකට පස්සෙ ලාංකීය සිනමාවේ ආදායම් වාර්තා බිඳ දැමූ නිර්මාණයකට ඔබටත් දායක වෙන්න අවස්ථාව ලැබුණා?
ඇත්තටම ආරාධනයක් භාරගන්න කලින් මම මුලින්ම හිතන්නෙ නිර්මාණයේ ගුණාත්මක බව ගැන. මොන ආකාරයෙක් ප්‍රේක්‍ෂකයන් භාරගනීවිද කියන දේ ගැන මම සැළකිලිමත් වෙනව. මම මේ නිර්මාණයේ රඟපාන්නෙ සෙකන්ඩ් රෝල් එකක්. කොහොම වුණත් මම හිතනව මම ගත්ත තීරණය හරි කියල.
අපූරු සිදුවීම්වලටත් මුහුණ දෙන්න ඇති?
මට රූගතකිරීම්වලට සහභාගි වෙන්න තිබුණෙ පිටකොටුවෙදි. ඒක බොහොම ජනාකීර්ණ නගරයක්. කොස්ටියුම් එහෙමත් ඇඳගෙන ඉන්න හරි අමාරුයි. තිරයේ ලස්සනට පෙණුනට රූගතකිරීම්වලදි විවිධ වෙනස්කම්වලට යන්න වුණාම අභියෝග රැසකට මුහුණ දෙන්න සිදු වුණා. මොකද අපිට රඟපාන්න තියෙන්නෙ යක්‍ෂ චරිත. පහසුකම් තිබුණ නම් මීටත් වඩා හොඳට චරිතය ඉදිරිපත් කරන්න තිබුණ.
අධ්‍යක්‍ෂවරයාගේ ප්‍රතිචාරය මොන වගේද?
අධ්‍යක්‍ෂවරයා මුලින්ම කිව්වෙ මට මේ චරිතය කරල දෙන්න කියල විතරයි. නිර්මාණය තුළ මට දෙබස් ගොඩක් කියන්න නැහැ. නමුත් මම දන්නව මේ චිත්‍රපටය සාර්ථක වෙනව කියල. උදයකාන්ත කියන අධ්‍යක්‍ෂවරයාගේ 25 වැනි චිත්‍රපටය වුණ ‘ගිනිමල් පොකුරු. සඳහාත් මම රංගනයෙන් දායක වුණා. ඇත්තටම කිව්වොත් ඔහු ගැන මම කතාකරනවාට වඩා ප්‍රේක්‍ෂකයන්ගෙන් ඇහුවොත් දැනගන්න පුළුවන් වෙයි.
මේ ආරාධනය භාරගන්නෙ මොන විදිහටද?
මෞද්‍රි කියන්නෙ යක්කුන්ගෙ ලෝකයේ නායිකාව. ඉන්ටර්විෂන් එකෙන් පස්සෙ තමයි එයා එන්නෙ. මේ චිත්‍රපටයේ කාස්ට් එකේ වැලිව් එක වැඩිකරගන්න තමයි ඔහුට මාව ඕනෑ වුණේ. මේ ආරාධනය ප්‍රතික්‍ෂේප කරන්න හේතුවක් මට තිබුණෙ නැති නිසා බොහොම කැමැත්තෙන් භාරගත්ත.
ඉදිරියේදී තිරගත වෙන්න තිබෙන නිර්මාණ?
මම ක්‍ෂේත්‍රයට ඇවිත් තවම සුළු කාලයයි. මේ වන විට චිත්‍රපට නවයකට විතර රංගන දායකත්වය ලබා දීල තියෙනව. එයින් හයක් පමණ තිරගත වෙන්න නියමිතව තියෙනව.
ඔබ ක්‍ෂේත්‍රය දකින්නෙ මොන විදිහටද?
සිනමාව කියන්නෙ මම ආසා කරන” හරි ලස්සන” මිනිස්සුන්ගෙ ආතතිය නැතිකරන්න පුළුවන් ක්‍ෂේත්‍රයක්. ඇත්තම කිව්වොත් මේ අවස්ථාවේ සිනමා කර්මාන්තය කඩාවැටිලයි තියෙන්නෙ. සිනමාහල් වැසීගෙන යනවා. පසුගිය කාලයේ ඇතිවුණ වසංගත තත්ත්වයන් සහ ආර්ථික අර්බුද මේකට ප්‍රධානම හේතුවක් වෙලා. අනාගතයේදී සිනමා කර්මාන්තයට එහෙම නොවේවා කියල ප්‍රාර්ථනා කරනව. මොකද ඒ තරමටම හොඳ චිත්‍රපට ගණනාවක් ඉදිරියේදී තිරගතවීමට නියමිතව තියෙනව.
ටෙලි නාට්‍ය ආරාධනා ප්‍රතික්‍ෂේප කරනවද?
ටෙලි නාට්‍යවලට මට ගොඩක් ආරාධනා ලැබෙනව කියල කියන්නෙ නැහැ. නමුත් ආරාධනයක් ලැබුණොත් මම බලනව චුලක්‍ෂි කියන චරිතයෙන් මිදිල වෙන චුලක්‍ෂි කෙනෙක් සමස්ත සමාජයට පෙන්වන්න පුළුවන්නම් අනිවාර්යයෙන්ම ඒ චරිතය භාරගන්නව.
චරිතවලට සීමා මායිම් තියෙනවද?
චරිතවලට කියල විශේෂ සීමා දාගෙන නැහැ. මොකද මම වෘත්තීය රංගන ශිල්පිණියක්. ඒ වෘත්තියට ගොඩක් ගරු කරනව.
නිරූපණයෙන් ඈත් වෙලාද?
නැහැ… නැහැ… තවමත් මම නිරූපණ ක්‍ෂේත්‍රයේ වැඩ කරනව.
නිරූපණ ක්‍ෂේත්‍රය ගැන මොන වගේ හැඟීමක්ද තියෙන්නෙ?
අපි හැමදේම බලන්නෙ සාමානාත්මක තත්ත්වයකින්. ලංකාව සමාන කරනවා ජාත්‍යන්තරය එක්ක. එතැනට යන්න පහසුකම් තිබුණත්” ඒ තත්ත්වයට ළඟා වෙන්න හරි අමාරුයි. රංගන ශිල්පිණියක් හෝ නිරූපිකාවකට ජාත්‍යන්තරයට යනකොට බාධක ගොඩක් තියෙනව. මොකද අපේ ලංකාව තවම දූපත් මානසිකත්වයෙන් මිදිල නැහැ. කෙනෙක් ජාත්‍යන්තර තලයට යන්න හිතනව නම් ලංකාව දාල යන්න වෙනව.