
ජාඇල පොලිස් භූමියේ නවතා තිබු ජිප් රථයේ තැන තැන අසභ්‍ය වැකි ලියා එම ජිප් රථයට සූරා අලාභහානි සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයකු යටතේ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙම ජිප් රථය පදවන රියදුරු වන පොලිස් සැරයන්වරයකු ජිප් රථය සෝදා පිරිසිදු කිරීම සදහා ඊයේ (27) පොලිස් ගරාජයේ නවතා ගොස් පසුව පැමිණ බැලීමේ එහි දොරවල් වල, බොනට්ටුවේ,දොරවල් වල මෙම අසභය වැකි ලියා ඇති අයුරු දැක් ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ජිප් රථයේ අසභ්‍ය වැකි ලිවීමට අමතරව සුරා අලාභහානි සිදුකර ඇත.
මෙම පොලිස් ගරාජයට පිටස්තර පුද්ගලයන් ඇතුලු නොවන එම ආරංචි මාර්ග පවසයි.
මෙම ක්‍රියාව සිදුකළ පුද්ගලයන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.
පැරණි පුවත් – මට එදා හිතුන මම ඒ ජීවත්වන අන්තිම තත්පර කීපය කියලා
ලාංකීය කලා ක්ෂේත්‍රයේ තුළ සිටිනා තරු අතරින් නිවේදනයටත් ගායනයත් නර්තනයටත් මෙන්ම රූ රැජිණ කිරුළ දිනා ගන්නට තරම් අසමසම සුන්දරත්වයෙන් යුතු ඇය ස්ටෙෆනි සිරිවර්ධන නම් තාරකාවයි.
සිරස නාලිකාවේ විකාශය වු the voice teen රියැලිටි වැඩසටහනේ නිවේදිකාවක් ලෙසින් ප්‍රේක්ෂකයන් අතරට ආ සුරූපී ඇය මේ වන විට ජනප්‍රිය ගායක දුෂ්‍යන්ත් වීරමන් සමග සාර්ථක යුග දිවියක් ගත කරමින් සිටී .
ඇයගේ ගමන් මග පිළිබඳ සඳහන් කිරීමේදී උපාධිධාරිනියක වන ඇය 2011 වර්ෂයේ ශ්‍රි ලාංකීය රූ රැජිණ කිරුළ දිනා ගනිමින් 2011 වර්ෂයේ මෙරට නියෝජනය කරමින් විශ්ව රූ රැජිණ කිරුළ සඳහා ද ඉදිරිපත් විය. එමෙන්ම 2013 වර්ෂය වන විට ශ්‍රී ලංකා ආසියා පැසිපික් ලෝක රූ රැජින කිරුළ ජයග්‍රහණය කිරීමට සමත් වූ ඇය වර්තමාන ස්ටෙෆනි සිරිවර්ධන පදනමේ හිමිකාරිය ලෙසින් කටයුතු කරයි
මෙසේ ඇයව නිරූපණ ක්ෂේත්‍රය තුළින් අපට දකින්නට ලැබෙන්නේ ඇය ශ්‍රී ලංකා කිරුළ දිනා ගැනීමත් සමඟයි.
කෙසේවෙතත් ඇයගේ ගමන් තුළ ඇය මුහුණ දුන් අමතක නොවන සිදුවීමක් පිළිබඳව මෙසේ අදහස් දක්වා සිටියා,
“ඇත්තටම මම ලැබෙන අභියෝග සහ අවස්ථාවන් විශ්වාස කරන කෙනෙක්.දවසක් මගේ බඩේ යම් ගැටලුවක් නිසා පොඩි ඔපරේෂන් එකක් කරනවා.එතනදී හැමෝවම මට පෙනුනේ බොඳ වෙලා.මට එදා හිතුන මම ඒ ජීවත්වන අන්තිම තත්පර කීපය කියලා.මට එවෙලෙ මගේ තාත්තාව දකින්න ඕන වුණා.ඒ වගේම තමයි එවෙලෙ මට මතක් උනා මම ජීවිතයේ විඳපු නැති ගොඩක් දේවල් තව තියෙනවා නේද කියලා.ඒ නිසා මම දෙවියන්ගෙන් මගේ ජීවිතය බේරලා දෙන්න කියලා ආයාචනා කළා.”
ඒ වගේම ඇයගේ කලා කටයුතු වලට ඇයගේ සැමියාගෙන් ලැබෙන සහයෝගය ගැන පැවසුවේ මේ විදියටයි.
“ඒ වගේම තමයි මට දෙයක් කරන්න කොච්චර අමාරු උනත් මං ඒක කොහොම හරි ට්‍රයි කරල ඉගෙන ගන්නවා .මට සිංහල කතා කරන්න හරි අමාරුයි.ඒ වගේම තමයි සින්දු කියන්නත් අමාරුයි.නමුත් මගේ ආදරණීය සැමියා මගේ තියෙන දක්ෂතා හඳුනගෙන මට උපරිම ශක්තියක් ලබාදෙනවා ඒ දක්ෂතා එළිදක්වන්න.ඉතින් මම හිතන්නේ මම හරි වාසනාවන්ත බිරිඳක්.”
ඇයගේ කලා කටයුතු සියල්ලක්ම සාර්ථක වේවා කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.