
යාපනය, හම්බන්තොට, බදුල්ල සහ අනුරාධපුර දිස්ත්‍රික්ක වල පිලිකා රෝහල් හතරක් ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.
අදාල රෝහල් පිහිටුවීම සඳහා සුදුසු ස්ථාන තීරණය කොට අවශ්‍ය ක්‍රියාමාර්ග සම්පාදනය කරන්නැයි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇත.
අදාල දිස්ත්‍රික්ක ආශ්‍රිතව විශේෂිත නවීන ළමා රෝහලක් පිහිටුවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග සම්පාදනය කරන ලෙසට ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලබාදුන් උපදෙස්වල සඳහන්ය.
යාපනය, හම්බන්තොට, බදුල්ල සහ අනුරාධපුර දිස්ත්‍රික්ක වල පිලිකා රෝහල් හතරක් ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.
අදාල රෝහල් පිහිටුවීම සඳහා සුදුසු ස්ථාන තීරණය කොට අවශ්‍ය ක්‍රියාමාර්ග සම්පාදනය කරන්නැයි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇත.
අදාල දිස්ත්‍රික්ක ආශ්‍රිතව විශේෂිත නවීන ළමා රෝහලක් පිහිටුවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග සම්පාදනය කරන ලෙසට ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලබාදුන් උපදෙස්වල සඳහන්ය.
පැරණි පුවත් – රාජකීය අනියම් භාර්යාවන් වූ ආච්චී හා මිණිපිරි
එළිසබෙත් රැජිනගේ අභාවය සමග රාජකීය පවුලේ බොහෝමයක් හුටපට ගැන කතාබහ නැවතත් අලුත් වූවා.
චාල්ස් කුමරු තුන්වන චාල්ස් රජු ලෙස අභිෂේක ගැන්වීමත් සමග ඔහුගේ ප්‍රියම්භිකාව කැමිලා පාකර් රාජකීය බිසව හෙවත් ලෙසින් හැඳින්වීමට පටන් ගැනුනා.
කාලයක් ලෝකය පුරා බොහෝ දෙනා මේ චාල්ස් කැමිලා පෙම් පුවත ගැන කතාබහ කරත් ඒ බොහෝ දෙනෙක් නොදත් කතාවක් තිබෙනවා.
ඒ කැමිලා චාල්ස් හා ඩයනාගේ විවාහය අතරට තුන්වැනියෙකු වූවා සේම කැමිලාගේ මී මිත්තණියද එංගලන්ත රජෙකුගේ අනියම් භාර්යාවක් වෙමින් රාජකීය බිසවකගේ සැනසීම අහිමි කළ බව.
චාල්ස් හා කැමිලා තරුණ වියේදි
“කැමිලා පාකර් බොව්ලස්” හට එංගලන්තයේ රජුගේ බිසව වීමට වරම් හිමි වුවද, නමුත් කිසිම දිනක ඇගේ මිත්තණියට නම් ඒ වාසනාව හිමි වූයේ නෑ. ඇයට සිදු වූයේ රජුගේ අනියම් බිසවක් ලෙස සමාජ අපවාදයට ලක්ව ඉතිහාසගත වෙන්නට පමණයි.
චාල්ස් හා ඩයනා
ඒ කතාවේ ආරම්භය වික්ටෝරියානු යුගයට දිව යනවා, හත්වන එඩ්වර්ඩ් රජු ලෙස 1901 සිට 1910 අතර කාලය තුළ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ රජු ලෙස කටයුතු කළ වික්ටෝරියා රැජිණගේ පුත්‍රයා තමයි මෙලෙස කැමිලාගේ මී මිත්තණිය සමග අනියම් සම්බන්ධයක පැටලෙන්නේ.
VII වන එඩ්වර්ඩ් රජු
චාල්ස් රජු හා ඔහුගේ සම්බණ්ධය දෙස බැලුවහොත්, චාල්ස් රජුගේ අම්මා දෙවන එළිසබෙත් මහ රැජිණ, ඇගේ පියා වන්නේ හයවන ජෝර්ජ් රජතුමා, හයවන ජෝර්ජ් රජුගේ පියා වූයේ පස්වන ජෝර්ජ් රජතුමා මෙන්න මේ පස්වන ජොර්ජ් රතුමාගේ පියා තමයි හත්වන එඩ්වර්ඩ් රජු වන්නේ. ඒ ආකාරයෙන් ඔහු චාල්ස් රජුගේ සීයාගේත් සීයා වනවා.
1901 සිට 1910 අතර කාලය තුළ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ රජු ලෙස කටයුතු කරන ඔහු 1863 වර්ෂයේ මාර්තු 10 වන දින, ඔහුට වයස අවුරුදු 21 දී විවාහ වෙනවා, ඒ ඩෙන්මාර්කයේ කුමරියක් වූ 18 හැවිරිදි ඇලෙක්සැන්ඩ්‍රා සමග.
ඇලෙක්සැන්ඩ්‍රා බිසව
නමුත් ඉතිහාසගත රාජකීය ගැහැණු සොඬෙකු වූ ඔහු විවාහ වූවා යැයි කියා සිය ගති සිරිත් අත්හරින්නේ නෑ. ජීවත් වූ කාලය පුරාවට කාන්තාවන් 60 කට ආසන්න ගණනකගේ නම් සමග ඔහුගේ නම් පැටලෙන්නට තරම් ඔහුගේ ගැහැණු සම්බන්ධයෙන් තිබුණු ඇල්ම දරුණු වනවා.
ඔහු හා සම්බන්ධ වූ නම් අතර බොහෝ ජනප්‍රිය කාන්තාවන්ගේ නම් තිබුණා වාගේම, ඒ නම් අතර එංන්ගලන්තයේ බලවත් පුද්ගලයන්ගේ බිරිඳෑවරුන් රාශියකගේ නම්ද වූවා. එලෙස සම්බන්ධ කාන්තා චරිත අතර තිබූ එක් නමක් වුණු ඇලිස් කෙපල් කියන නම ඉතිහාස ගත වන්නේ ඇලිස් කේපල්ගේ දුවණිය වූ සෝනියා කේපල්ගේ මිණිබිරිය වත්මන් රාජකීය බිසව වීම හේතුවෙනුයි.
ඇලිස් කේපල්
1868 අප්‍රේල් 29 දා උපත ලබන ඇලිස්, ජෝර්ජ් කේපල් නම් එංගලන්ත වංශාධිපතියෙකු සමග විවාහ වන අතර එම විවාහයෙන් වසර අටක් ඉක්මව තැන එවකට 56 හැවිරිදිව සිට හත්වන එඩ්වර්ඩ් කුමරුගේ හා ඇගේ හමුව සිදු වී තිබෙනවා.
වංශාධිපතියෙකු උවත්, දිළිඳෙක් වූ ජෝර්ජ් කේපල් සිය බිරිඳ හා ධනවත් පිරිම කිහිප දෙනෙක් අතර තිබූ සම්බන්ධකම් දැක දැකත් ඒවා නොදුටු ලෙස ජීවත් වීමට හුරු වූණේ පිරිමින් ඇසුර කර සිය බිරිඳ ලබා ගන්නා ධනය නිසාවෙන්.
කොහොම නමුත් එඩ්වර්ඩ් රජු හා ඇලිස් අතර තිබුණු සම්බන්ධය පිළිබඳව කරුණු දක්වන ඉතිහාස මූලාශ්‍ර සඳහන් කර සිටින්නේ එවකට එංගලන්තයේ අනාගත රජු සමග ඇලිස්ගේ සම්බන්ධය ඇති වීමෙන් පසුව එඩ්වර්ඩ් කුමරු නිතරම පාහේ කේන්ට් හි පිහිටි කේපල් නිවසට පැමිණියත් තම බිරිඳට සිය අනියම් පුරුෂයා සමග රිසි සේ ආලිංගනයේ යෙදීමට ඉඩ හැර ජෝර්ජ් කේපල් එම අවස්ථාවන් වලට නිවසින් පිට වී ඇති බවයි.
එමෙන්ම ඇලිස් කේපල්ගේ බාල දියණිය සෝනියා කේපල් නොහොත් කැමිලා පාකර්ගේ මිත්තණිය, එඩ්වර් රජුට දාව උපන් දරුවෙක් බවටද සමාජයේ කටකතා පැතිර පවතිනවා.
සෝනියා රෝස්මෙරි කේපල්
නමුත් එඩ්වර්ඩ් රජු විසින් සිය නීත්‍යානූකූල බිරිඳ වූ ඇලෙක්සැන්ඩ්‍රා කුමරියට හැර අන් කිසිඳු ගැහැණියකට උපත ලැබූ දරුවන් තමාගේ ලෙස පිළිගෙන නෑ.
ඇලිස් එඩ්වර්ඩ් පෙම් කතාවෙන් පරම්පරා කීපයකට පස්සේ, රජ ගෙදර ගිණි තියන්න පුළුවන් වෙන තවත් අහඹු හමුවීමක් සිද්ද වෙනවා, ඒ කැමිලා චාල්ස් හමුව, මේ දෙදෙනා මුල් වරට කවදා හමුවූවාදැයි හරි හැටි සඳහන් නොවුනත්, නවසිය හැත්තෑවේ මුල, සාදයකදි සිය මී මුතුන්ගේ ප්‍රේම කතාව ගැන දැන සිටි කැමිලා, ඒ ගැන චාල්ස්ගෙන් ඇසූ බව සඳහන් වෙනවා.
ඒ ” මගේ මවගේ මිත්තණිය , ඔබේ මී මුත්තෙකු සමග කාලයකදි හොඳ ආදරවන්තයන් වී සිටියා, කොහොමද ඒ කතාව .. ” යනුවෙනුයි.
එතනින් ආරම්භ වූ කැමිලා චාල්ස් කතාව, ඇයව යෙහෙළියක්, පෙම්වතියක්, අනියම් බිරිඳක්, බිරිඳක් කරමින් පසුව ඇයව එංගලන්තයේ රාජකීය බිසව දක්වා වූ දුරක් ගෙන එනවා.