
යුරේනි නොෂිකා කියන්නේ අපේ රටේ වර්තමාන රංගන ශිල්පිනියන් අතර ඉදිරි පෙළින් ඉන්නා ජනප්‍රිය ඒ වගේම දක්ෂ රංගන ශිල්පිනියක්. ඇයගේ රූසපුව සහ දඟකාර කම නිසාම හැමෝම ඇයට අසීමිතව ආදරේ කරනවා.
සතිඅන්තයේ රූපවාහිනී වැඩසටහන් අතර මේ දිනවල හැමෝම අතර ජනප්‍රිය වැඩසටහනක් හැටියට හිරු නාළිකාවේ විකාශය වන Happy Hour වැඩසටහන හඳුන්වාදෙන්න පුළුවන්. එම වැඩසටහන මෙහෙයවන්නේ යුරේනි නොෂිකා.
පසුගිය සතිඅන්තයේ මේ වැඩසටහනට සහභාගි වන්නේ ජනප්‍රිය රංගන ශිල්පී ධනංජය සිරිවර්ධන සහ ඔහුගේ බිරිඳ ශෂිනි සිරිවර්ධනයි.
වැඩසටහන අතරවාරයේදි විවාහය ගැන කතාබහකදි තවමත් විවාහ වන්නේ නැත්තේ ඇයිදැයි ධනංජය යුරේනිගෙන් ඇසූ පැනයකට යුරේනි නොෂිකා ලබාදුන්නෙ මේ වගේ පිළිතුරක්…
“මට විහිළුවටවත් බඳින්න ඕනේ නැහැ. මම මේ ඉන්න විදිහ හොඳයි. මම බඳින්න තියා යාළුවෙන්නෙවත් නැහැ කාත් එක්කවත්. මට මේ තනිකඩ ලයිෆ් එක හොඳයි. ඔය ඉඳලා හිටලා චූටි මල්ලි කෙනෙක්ව සයිඩ් එකෙන් තියාගෙන හිටියාම හොඳටම ඇති. මම නම් ගෙස්ට් හවුස්වලට යන්නේ නෑ ගෙදරට ගෙන්න ගන්නේ…”
පැරණි පුවත් – මමත් දැන් ආදරවන්තියක්.ඒ ලැබෙන ආදරය තමයි මගේ ලොකුම ශක්තිය-කාංචනා අනුරාධිටත් කරකාර බඳින්නට කාලේ හොඳයි ලු
උදුරාවී, දැනෙනා තුරු මා, නාදෙන් ගීත තුළින් ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම නැඟි ඇය මේ දිනවල ජනප්‍රියම චරිතයක් බවට පත් වී තිබෙනවා.
මේ ඇගේම නිර්මාණ වුවත් ලොකු පොඩි සැවොම ඇය බොහෝ සේ විඳින්නට පටන් ගත්තේ උපාලි කන්නන්ගරගේ “කරකාර බඳින්නට” ගීතය ගායනයෙන් පසුවයි. එහි ඇගේ ගායන ශෛලිය මෙන්ම ඉදිරිපත් කිරීමේ විලාශය ප්‍රේක්ෂක සිත් ආකර්ෂණයට හේතුවක් වුණා. ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි කාංචනා අනුරාධි සමඟ සතිඅන්ත පුවත්පතක් කල කතාබහයි මේ.
කාංචනා බොහෝ කාර්යබහුල චරිතයක් වෙලා වගේ. මොකද වෙන්නෙ මේ දවස්වල?
මේ දවස්වල ගොඩක් කාර්යබහුල වුණා. මගේ අලුත්ම ගීතය පහුගිය 22 එළිදැක්වුණා. එය නම් කරලා තියෙන්නේ ‘මගේ‘ කියලා. ලංකාවේ සංගීතය ජාත්‍යන්තරයට ගෙන ගිය චමත් සංගීත් තමයි ඒකෙ සංගීතය නිර්මාණය කළේ. නාදෙන් ගීතයෙන් පස්සේ ඔහු මට නිර්මාණය කළ දෙවැනි සින්දුව මේක. මටත් ලොකු සතුටක් ඔහු සමඟ වැඩ කරන්න ලැබීම. ගී පද දුලාන් ඒආර්එක්ස්. මේ වෙද්දි ඒක ලංකාවේ ට්‍රෙන්ඩින් ලිස්ට් එකේ පළමුතැනට ඇවිත් තියෙනවා. ඉතින් මගේ රසික රසිකාවියන්ට ගොඩක්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම කැම්පස් එකේ එක්සෑම් මේ දවස්වල. මං කොළඹ කලා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ තෙවැනි වසරේ සිසුවියක්. ගොඩක් දෙනා මගේම නිර්මාණ ඉල්ලනවා. මේ කාර්යබහුලත්වය අඩු වුණ ගමන්ම තවත් අලුත් නිර්මාණවලින් රසිකයන් අතරට එන්න බලාපොරොත්තු වෙනවා.
ඔබේම නිර්මාණවලටත් වඩා ඔබ ප්‍රේක්ෂකයන් අතරට ගියේ උපාලි කන්නන්ගරගේ කරකාර බඳින්නට ගීතයෙන් කිව්වොත්?
ඔව් ඒක ඇත්ත. ඒක වයස් සීමාවක් නැතුව ප්‍රේක්ෂකයන් ආදරෙන් වැලඳ ගත්තා. ඒ හරහා මට ලොකු ප්‍රේක්ෂක ආදරයක් ලැබුණා. ඒ පවුලේ අයගේ ආරාධනයෙන් උපාලි කන්නන්ගර මහත්තයට උපහාරයක් විදිහටයි මං ඒක ගායනා කළේ. එතුමා වගේම පවුලේ හැමෝමත් ආදරයෙන් සිහිපත් කරනවා. කොහේ ගියත් අනිවාර්යයෙන්ම ඕක කියන්නම ඕන. ඒක කිව්වෙ නැත්නම් නිකන් අඩුවක් වගේ.
කාංචනා අනුරාධි දැන් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි චරිතයක් වෙලා. විදෙස් ප්‍රසංගවලටත් ආරාධනා ලැබෙනවා නේද?
ඒක ගැන නම් මට ගොඩක් සතුටුයි. නිහතමානී සතුටක් තියෙන්නේ. සමහර වෙලාවට මං කරන වැඩයි, අධ්‍යාපන කටයුතුයි නිසා ලැබෙන අවස්ථා මඟහැරෙන වෙලාවලුත් තියෙනවා. විදෙස්වල ඉන්න ශ්‍රී ලාංකිකයන් තමයි ගොඩක් ආරාධනා කරන්නේ. ඔවුන්ව මම ආදරෙන් මතක් කරනවා. ඉදිරියටත් ආරාධනා ලැබිලා තියෙනවා. කොහේ ගියත් ශ්‍රී ලාංකිකයන්ගේ ආදරේ ලැබෙනවා. ඒ හැම එකකටම සහභාගිවෙන්න උපරිමයෙන්ම උත්සාහ කරනවා. ඒ ආදරණීය ආරාධනාවන්ට, ප්‍රේක්ෂක ආදරයට මං ගොඩක් ආදරෙයි.
කාංචනාගේ කලාවට පිවිසීම ගැන සඳහන් කළොත්?
පාසලේදී තමයි හැකියාව හඳුනගන්නේ. තාත්තයි, අම්මයි නම් පුදුමාකාර සහයෝගයක් ලබාදෙනවා. පාසල් මට්ටමින් ජයග්‍රහණ ගොඩක් ලබල තියෙනවා. උසස් පෙළ හදාරන කාලේ වසරේ ප්‍රශස්තම සාම්ප්‍රදායික ජන ගායිකාවට හිමි රාජ්‍ය සම්මානය හිමිවුණා. ඒ වසරේම වෝකලයිස් අන්තර් පාඨශාලීය ජයග්‍රහණයත් හිමිවුණා. ඒත් එක්කම වගේ තමයි රූපවාහිනී වැඩසටහන්වලට ආරාධනා ලැබුණේ. සිරස සික්ස්ටීන් ප්ලස් වැඩසටහන තමයි ගොඩක් ජනප්‍රිය වුණේ. කිඩ්ස් ස්ටුඩියෝ වැනි සංගීත වැඩසටහන්වලට ආරාධනා ලැබුණා. ඔය අතරේ තමයි මගේම ගීත නිර්මාණයට පෙලඹුණේ. මොන වාසනාවකට හරි මෙතෙක් රිලීස් කරපු ඔක්කොම වගේ ප්‍රේක්ෂකයන් ආදරෙන් වැලඳ ගත්තා.
කොණ්ඩය දැන් කාංචනාගෙ අනන්‍යතාව වෙලා. ඔබටම ආවේණික කොණ්ඩ සැරසිල්ල දැන් ට්‍රෙන්ඩ් එකක් වෙලා නේද?
තාත්තා තමයි කොණ්ඩෙට ගොඩක්ම ආස. කපන්න දෙන්නෙ නෑ. සින්දු කියන්න පටන් ගත්තම කොණ්ඩෙ දිග නිසා මට හෙයාර් ස්ටයිල් එකක් නැතිව ගියා. දාන්නෙ කොහොමද කියලා හිතාගන්න බැරි වුණා. මුලදි එක කොණ්ඩයක් උඩින් දැම්මා. ඒකත් ප්‍රේක්ෂකයන් අතරට ගියා. පස්සේ ඒක රිදෙන්න ගත්තා. ඊට පස්සෙ තමයි කොණ්ඩ දෙක ගොතන්න පටන් ගත්තේ. මගේ රූපලාවණ්‍ය ශිල්පිනියක් වුණු දිල්රූ අක්ක තමයි මේක මට මැච් වෙනවා කියලා තීරණය කළේ. ඒකත් දැන් ට්‍රෙන්ඩ් එකක් වෙලා. එක අතකින් මට ගොඩක් සතුටුයි. අද කාලේ ගොඩක් අය කොණ්ඩය කපනවනේ. දැන් ගොඩක් අය කොණ්ඩෙ වවලා මේ ස්ටයිල් එක දානවා. මේ වගේ කාලෙක මේ වගේ මැසේජ් එකකින් හරි ඒ විදිහට කරන්න පුළුවන් වුණ එක ගැන සතුටුයි. මොකද කොණ්ඩය කියන්නේ ගෑනු ළමයෙකුට ආභරණයක්. හැමදේම පවතින්නේ කෙටි කාලයයිනේ. මේ වගේ හරි පවත්ව ගන්න එක වටිනවා.
අද වෙද්දි ඔබ ආදරවන්තියක් නොවෙයි කීවොත් නම් පුදුමයක්?
මට මගේ මුළු රටෙන්ම ආදරය ලැබෙනවා. ඒ නිසා මමත් ආදරවන්තියක් කියලා තමයි මට දැනෙන්නේ. ආදරය ඉතාම සුන්දර දෙයක් හරියාකාරව ලැබෙනවනම්. ඒ ලැබෙන ආදරය තමයි අපිට ලොකුම ශක්තිය. මං ජීවිතයෙන් අඩියක් ඉදිරියට තියන්නේ මගේ පවුලෙන් ලැබෙන අසීමිත ආදරය ආශීර්වාදය එක්ක . ඒක තමයි මගේ ප්‍රොටෙක්ෂන් එක වෙලා තියෙන්නේ. මට ඒ ආදරය දැනෙන කොට හිතෙනවා මේ ලෝකෙ ඕනම දෙයක් කරන්න පුළුවන් කියලා.