සැකකරුවකු සමග පොලිස් බාරයට ගත් විශාල ඇත් දළ යුගළය තමාගේ නිවෙසින් අතුරුදහන් වූ ඇත් දළ යුගලය නොවන බවට හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා අද තහවුරු කර ගත්තේය.

ඒ මෙම සිද්ධිය සම්බන්ධ නඩුව මොරවක මහේස්ත්‍රාත් ගිහාන් බුද්ධික බස්නායක මහතා ඉදිරියේ අද (27) කැඳවූ අවස්ථාවේ මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කළ ඉල්ලීමකට අනුව අධිකරණ නිලධාරීන් ඉදිරියේ එම ඇත් දළ යුගල හඳුනා ගැනීමට මන්ත්‍රිවරයා අවසරය ලැබිණි.ඒ අනුව එය පරීක්ෂා කළ ඇමැතිවරයා එය තමාගේ නිවසින් සොරාගත් ඇත් දළ යුගල නොවන බවට තහවරු කර ගත් අතර මෙම නඩු විභාගය ජූනි 19 දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මේ සම්බන්ධයෙන් අධිකරණයෙන් පිටව යද්දී අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා මෙසේ පැවැසීය.

මගේ ගේ ගිණි තියපු වෙලාවේ නිවසේ තිබූ ඇත් දළ ජෝඩුවක් අතුරුදහන් වුණා. වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය ඉකුත් (12) වන දින ඇත්දළ ජෝඩුවක් අත්අඩංගුවට ගත් බව දැනගන්නට ලැබුණා.

ඒක නිවසේ තිබී නැතිවුණු ඇත් දළ ජෝඩුව දැයි සොයා බැලීම සඳහා අධිකරණයෙන් අවසර ලැබුණා.

මහේස්ත්‍රාත් වරයාගේ අවසරය මත රෙජිස්ටාර් ඉදිරියේ එය පරික්ෂා කළා. එම ඇත් දළ ජෝඩුව පරික්ෂා කිරීමෙන් අනතුරුව එය තමන්ගේ නිවසේ තිබී අතුරුදහන් වූ ඇත් දළ ජෝඩුව නොවන හෙයින් නැවත පිටව යනවා.

පැරණි පුවත් – මගේ තනි තීරණයට තමයි හැම දෙයක්ම තෝරා ගන්නේ ” චමත්කා ලක්මිණි

වර්තමාන ටෙලි නිර්මාණ තුළ දක්නට ලැබෙන විවිධ චරිත නිරූපණයන් අතරේ ගිනියම් රෑ රූප රචනය තුළින් සරාගී චරිතයක් නිරූපණය කරන චමත්කා ලක්මිණි බොහෝ දෙනා අතර ඉතාමත් කතාබහට ලක්වූ චරිතයක්.

‘හුස්ම’ චිත්‍රපටයත් ඇගේ රංගන හැකියාවන් දැකගන්නට ලැබෙන තවත් එක් නිර්මාණයක්.

මේ දිනවල සිංහල රිදී තිරයට අලුතින්ම එකතු වන ‘පියාඹන්න ආයෙත්’හි ප්‍රධාන චරිතය හරහා ඇයට ඔබට දැක ගන්නට පුලුවන්.

ඇයගේ කලා භූමිකාව තුළ චරිත තේර්‍රිමේදි ඊට සැමියගෙන් කිසිදු බලපැමක් ඇති නොවන බව ඇය පවසා තිබුණා.

මම කිසිම විධියකට මගේ නිර්මාණයක් තිර පිටපතක් මම මගේ පවුලේ අය සමඟ සාකච්ඡා කරන්නේ නැහැ. මගේ තනි තීරණයට තමයි ඒ හැම දෙයක්ම තෝරා ගන්නේ. මගෙ පෞද්ගලික ජීවිතය වෙනයි. මගෙ නිර්මාණ කටයුතුවල ජීවිතය වෙනයි. මම තිර පිටපතක් කියවලා කරනවා කියන තැනට ආවට පස්සෙ තමයි ගෙදරට කියන්නේ මම මේ චරිතය කරනවා කියලා. එයාලගෙන් එයට ලැබෙන ප්‍රතිචාර මට අදාළ නැහැ. මගෙ නිර්මාණ කොපමණ සාධාරණව කරනවද කියන එකයි මට අදාළ.

මේ වන විට සුරතල් පුතකුගේ මවක් වන ඇයගේ කලා කටයුතු පිලිබද මෙසේ අදහස් දක්වා තිබුණා.

මගේ පුතා බියෝන් අග්‍ර. ඔහුට වයස අවුරුදු දෙකහමාරක් වෙනවා. දරුවා සමඟ ගෙවන කාලය හරිම සුන්දරයි. බියෝන් මට වඩා එකතු නැනීට. මවක් විධියට දරුවට අවශ්‍ය නිදහස දරුවට ලබාදී තිබෙනවා. මගේ කලා කටයුතුවලට පුතාව සම්බන්ධ කර ගන්න මගේ අදහසක් නැහැ. ඔහුට කැමැති කාලයකදී ඔහු කැමැති නම් සම්බන්ධ වේවි.

මගේ පුංචි පුතා ලැබුණට පස්සේ කරපු පළමුවැනි සිනමා නිර්මාණය තමයි මේක. මේ නිර්මාණය වෙනුවෙන් සති දෙකකට අධික කාලයක් මට එක දිගට වැඩ කරන්න සිදු වුණා. ඒක ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. ඒ කාලය ඇතුළත ලංකාවේ බොහෝ ප්‍රදේශවලට අපිට යන්නට සිදු වුණා. සීතල නුවරඑළිය වගේම උණුසුම් ප්‍රදේශ වන අම්පාර, යාපනය වගේ ප්‍රදේශවලටත් යන්නට සිදු වුණා. ගමන් මහන්සිය ඉතාමත් දැඩිව දැනුණා.

ඒ වගේම චරිතය කරද්දි මගේ ශරීරයේ බර ටිකක් වැඩි වෙලා තිබුණේ. විදෙස් රටක ජීවත් වෙමින් සිට ලංකාවට පැමිණෙන තරුණියක් වටා තමයි මේ කතාව ගෙතෙන්නේ. පිටපත කියෙව්වම මේ චරිතය කරන්න පුළුවන් කියලා මට දැනුණා. පුංචි පුතා ගැන වගකීම ගනිමින් ගෙදරින් ලැබුණු සහයෝගය නිසා මට මේ චරිතය සාර්ථකව කරන්න පුළුවන් වුණා. ඒ වගේම චිත්‍රපටයේ දකිනවට වඩා දැන් ශරීරයේ බර අඩු කරගෙන කෙට්ටු වෙලා ඉන්නේ. මේ චරිතය තුළ නිරුවත් රඟපෑමක් තිබුණේ නැහැ. මට හුස්ම චිත්‍රපටයේ නිරුවත් දර්ශනවලට පෙනී සිටින්නට වුණා. මෙහි එහෙම චරිත නිරූපණයක් තිබුණෙ නැහැ. ඒ නිසයි මේ චරිතය මම භාර ගත්තේ.

චිත්‍රපට වගේම අනෙකුත් රස වින්දන මාධ්‍යයන් අපේ ජීවිතයට අත්‍යවශ්‍යයි. නමුත් අපේ රටේ මිනිස්සුන්ට ප්‍රශ්නවලින්ම පීඩා විඳින්න සිදුවෙලා. ඒ නිසා මිනිසුන්ගෙන් රස වින්දන මාර්ග අෑත් වෙලා. ඒ පිළිබඳ මට කනගාටුයි. මම රංගනයෙන් දායක වුණු චිත්‍රපට හතරම මාස පහක් වගේ ඇතුළත තිරගත වෙලා තිබෙනවා. නමුත් මේ චිත්‍රපටය තරමක් ප්‍රමාද වුණේ සිනමා ශාලා එක දිගට වහලා තිබුණ නිසයි. කොවිඩ් තත්ත්වය වගේම රටේ දේශපාලන අස්ථාවර වීම එයට තදින් බලපෑවා.

මම ‘බ්ලැක් පූල්’ කියන ටෙලි නාට්‍යයට රංගනයෙන් දායක වුණා. නමුත් රටෙහි තිබෙන ගැටලු සමඟ එය අතරමඟදී නතර කරන්න සිදුවුණා. ඉදිරියේදී එය විකාශය වේවි. මගේ පළමුවැනි සිනමා නිර්මාණය කරපු කණ්ඩාය මමයි මේ ටෙලි නාට්‍යය නිර්මාණය කරන්නෙත්. ඔවුන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට නොහැකි නිසා මම මේ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න සිතුවා. හැදුනුම්කම මත කරපු ටෙලි නාට්‍යයක් කිව්වොත් හරි.

මෙන්න බලන්න තවත් පුවත්