
අරලගංවිල දම්මින්න ප්‍රදේශයේ පුද්ගලයෙක් ඊයේ (26) පස්වරුවේ වල් අලියකුට තැබූ වෙඩි ප්‍රහාරයක් කාන්තාවකට වැදී ඇය බරපතල තුවාල ලබා පොලොන්නරුව මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.
තුවාල ලබා ඇත්තේ දම්මින්න හංදිය ගම ප්‍රදේශයෙන් පදිංචි ටී එ් රූප මාලනී (52) කාන්තාව බව පොලිසිය සඳහන් කරයි.
මෙම කාන්තාව නිවස ආසන්නයේ සිටියදී වෙඩි ප්‍රහාරයට ගොදුරු වී ඇති බවද පොලිසිය පවසයි.
වෙඩි ප්‍රහාරය එල්ල කළ සැකකරු බෙහෙත් කොටන තුවක්කුව ද සමග අත්අඩංගුවට ගෙන අැත.
පැරණි පුවත් – හැබැයි ඒ ආදරේ ගැන මට පොඩි සැකයක් තියෙනවා ” තරින්දි ප්‍රනාන්දු
ලාංකීය කලාව තුළ නව පරපුරේ රංගන ශිල්පිනී විවිධ නිර්මාණ ඔස්සේ අපට නිරන්තරව ඇස ගැටෙනවා. ඒ අතරින් මේ දිනවල ” ද ගේම් ” සිනමාපටයෙහි ප්‍රධාන චරිතයකින් ප්‍රේක්ෂකයන් අතරට එන තරින්දි ප්‍රනාන්දු රංගනයට මෙන් ම නර්තනයටත් අතිශය දක්ෂකම් දක්වන තාරකාවියක්.
බැංකු ක්ෂේත්‍රයේ රැකියාවකින් පසු කලා ක්ෂේත්‍රයට පිවිසි ඇය හිරු නාලිකාවේ විකාශය වන රැල්ල වෙරළට ආදරෙයි , අයිටීඑන් නාලිකාවේ පිච්ච මල් සුවඳයි , VTV නාලිකාවේ විකාශය වන රෝස් සන්ධ්වනිය යන ටෙලි නිර්මාණ අතරින් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනු කලා ශිල්පිනියක්.
මෙලෙස ප්‍රේක්ෂක ආදරය ඉහළින්ම ලද ඇය සිය කලා කටයුතු පිළිබඳ මෙසේ අදහස් දක්වා තිබුණා.
කොහොමද ඔබට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර
“මේ දවස් ගෙවෙන්නේ “ද ගේම්“ චිත්‍රපටයට ලැබෙන උණුසුම් ප්‍රතිචාර එක්ක.
මම ප්‍රධාන චරිතයකින් දායක වුණු ප්‍රථම සිනමා නිර්මාණය සුරංග ද අල්විස් අයියාගේ ද ගේම් චිත්‍රපටය. ඒ ප්‍රතිචාර අතරේ සිනමා ප්‍රේක්ෂකයන් සේම මේ සිනමා ක්ෂේත්‍රයේ දැවැන්තයින්ගෙන් ජේයෂ්ඨයින්ගෙන් ලැබෙන ප්‍රතිචාර ඉතාමත් ඉහළයි. ඒ නිසා දරා ගන්න බැරි තරමටම පුදුම සතුටක් සහ නිහතමානී ආඩම්බරයක් තියෙනවා ලැබෙන ප්‍රතිචාර ගැන. “ද ගේම්“ චිත්‍රපටය ඉවර වුණු ගමන් තව සිනමා නිර්මාණවලට ආරාධනා ලැබුණා. මේ දවස්වල ලැබුණු පිටපත් කියවලා බලනවා.
රංගනයේදී ඔබට හමුවන චරිත පිළිබඳ විශේෂ තේරීමක් තියෙනවද?
හිරු නාළිකාවේ “රැල්ල වෙරළට ආදරෙයි“ හි කැතරින්, ITN නාළිකාවේ “පිච්ච මල් සුවඳයි“හි කුසුමලතා සහ VTV හි විකාශය වන “රෝස සංධ්වනිය” හි සුලෝචනාගේ චරිතය. ඒ හැම චරිතයක්ම එකිනෙකට වෙනස්. මම චරිත භාර ගනිද්දී වුණත් එකහා සමාන චරිත භාර ගන්නේ නැහැ. එකිනෙකට වෙනස් වූ මිනිසුන්ට ආදර්ශවත් චරිත තමයි මම භාරගන්නේ.
මගේ රූපය මට වාසනාව ගේනවා කියලා මම හිතනවා. මගේ රූපය ඕනෙම චරිතයකට, ඕනෙම කෝණයකට හැඩගස්වා ගැනීමේ හැකියාවක් තියෙනවා කියලා. ගැමි චරිතයක් නම් ඒ විදියට. බටහිර චරිතයක් නම් ඒ පෙනුමට මාව හැඩගස්වා ගැනීමේ නම්‍යශීලි ගුණයක් මම දකිනවා. ඒ නිසාම වෙන්න ඇති අධ්‍යක්ෂවරු විවිධ චරිතවලට මාව තෝරා ගන්නේ.
ඒ වගේම මම රඟපාන හැම චරිතයක්ම මගේ මුළු ආත්මයෙන්ම කැපවෙනවා. ඒ චරිතය ගැන අධ්‍යයනය කරලා තිර පිටපත කියවලා ඒ චරිතයට ආත්මගත වෙලා මම නිරූපණය කරනවා. ඒ වෙනුවෙන් මම විශාල කැපකිරීම් පවා කරනවා. සාමාන්‍ය ජිවිතේ දී තරින්දි කියන්නේ ෆැෂන් කරන්න ආස ලස්සනට ඉන්න කැමති කෙනෙක්. ඉතින් සමහර චරිතවලට මට ගොඩක් කැපකිරීම් කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා හැම චරිතයක්ම මට විශේෂ වූ චරිත. ඒ හැම චරිතයකටම මම ආදරෙයි. නමුත් මෑත කාලයේ මගේ හිත ගත්තු මට ගොඩක් සමීප වුණු මම ගොඩක් ආදරේ කරපු චරිතයක් තමයි ITN නාළිකාවේ විකාශය වුණු සුමිත් රත්නායකගේ “මහ පොළව“ ටෙලි නාට්‍යයේ අනෝහාමිගේ චරිතය. ඒක මට ගොඩක් සමීප චරිතයක්.
ප්‍රේමාන්විත චරිතයකින් ප්‍රේක්ෂකයන් අතරට එන ඔබ ආදරය ගැන මොකද හිතන්නේ,
අපි ඉපදුන දා ඉඳන් මැරෙනකම්ම ආදරේ බලාපොරොත්තු වෙන දෙයක්. ඒ නිසාම ජිවිතයට නැතුවම බැරි දෙයක් විදියටත් මම ආදරේ දකිනවා. ඒ ආදරේට නිර්වචනයක් මම දකින්නේ නැහැ. මේ කාලේ අපි ආදරේ කියන්නේ දෙමාපිය ආදරෙන් බැහැර වෙලා ප්‍රේමවන්තියක් විදියට ලබන ආදරේනේ. හැබැයි ඒ ආදරේ ගැන මට පොඩි සැකයක් තියෙනවා. මොකද මොන ආදර කතා කිව්වත් දෙමාපිය ආදරෙන් එහාට ගිය අවංක පරාර්ථකාමී ආදරයක් අපිට ලබා ගන්න පුළුවන් කියන එක මම මේ ලෝකයේ දකින්නේ නැහැ. එක එක කාලවලට අපේ ජිවිතවලට මිනිස්සු එනවා යනවා. අපිට අහිමිවීම් වෙනවා. ඒ නිසා දෙමාපියන්ගෙන් එහාට මම ආදරයක් විශ්වාස කරන්නේ නැහැ.