රත්නපුර පළාතේ ප්‍රසිද්ධ ළමා නිවාසයක දැරියන් දසදෙනෙකුට වරින්වර අතවර කළ බව කියන එම ළමා නිවාසයේ පාලිකාවගේ සැමියා රත්නපුර කාන්තා සහ ළමා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

එම ළමා නිවාසයේ පාලිකාව ඊයේ (26 දා) වනතුරුත් පොලිසිය මඟහරිමින් සිටින බව රත්නපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී. වීරසිංහ මහතා පැවසීය.

ළමා නිවාසයේ පාලිකාව එහි දැරියන් ඇගේ නිවසේ සේවය සඳහා වරින්වර යොදාගෙන ඇති බව ද පොලිස් ආරංචිමාර්ග කියයි. මෙම ළමා නිවාසයේ දැරියන් 17 දෙනකු සිටින අතර සැකකරු විසින් එක් දැරියක අතවරයට ලක් කිරීමෙන් පසු තවත් දැරියන් දසදෙනකු වරින්වර අතවරයට ලක්ව ඇති බව හෙළි වී තිබේ.

ළමා නිවාසයේ සිට පාසල් යන මෙම දැරියන් එහි පාලිකාව සිය නිවසේ සේවයට යොදවා ගෙන ඇති අතර එහිදී සැකකාර සැමියා විසින් දැරියන් අතවරයට ලක්කර තිබෙන බව පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබේ.

නෝමන් පලිහවඩන

පැරණි පුවත් – අපි බොහෝම කල්පනාවෙන් යන්න ඕනා ගමනක්. නිවැරදි මාර්ගයේ ගියොත් අපිට හොඳ ගමනක් හොඳ සාර්ථකත්වයක් මේ ක්ෂේත්‍රය තුළින් ලබාගන්න පුළුවන්

මේ දිනවල දෙරණ නාළිකාවේ විකාශය වෙන දෙකොන් මාරු හා හිරූ රූපවාහිනියේ විකාශය වෙන සිහින ගෙනෙන කුමාරි ටෙලි නාට්‍යයේ ඔබ දකින සංදිපනි ජයසූන්දර මෙවර සාරවිට තරු කතබහට අපි මෙසේ සම්බන්ධ කර ගත්තේමු.

සංදිපනි කියන්නේ කලා පවුලක කෙනෙක්?

ඔව්, මගේ අම්මා තාත්තා දෙන්නම කලාවට සම්බන්ධ වෙච්ච අය. ඒ හරහා තමයි කලා ක්ෂේත්‍රයට මගේ පැමිණිම සිදුවන්නෙත්.

කලාව පැත්තට යොමු වෙන්න තිබුණ කැමැත්ත කොහොමද ඔබගේ?

රංගනය පැත්තට නම් සම්බන්ධ වෙන්න කිසිම අදහසක් මට තිබුණේ නැහැ. නමුත්, මගේ අම්මා රඟපනවා දැකලා ඇයට මිනිස්සු ආදරය කරන කොට මටත් ආසාවක් ඇතිවුණා රංගන ශිල්පිණියක් විදිහට වැඩ කරන්න. මේක මට අහම්බෙන් ලැබුණ අවස්ථාවක් නෙමෙයි හැබැයි.

ක්ෂේත්‍රය ගැන ඔබ දරණ මතය මොන වගේද?

මේක හොඳ සුන්දර තැනක්. නමුත්, අපි බොහෝම කල්පනාවෙන් යන්න ඕනා ගමනක්. නිවැරදි මාර්ගයේ ගියොත් අපිට හොඳ ගමනක් හොඳ සාර්ථකත්වයක් මේ ක්ෂේත්‍රය තුළින් ලබාගන්න පුළුවන්.

දැනට ඔබ දායක වුණ නිර්මාණ මොනවද?

ගීත රූප රචනා නම් හතරක් පහක් දැන් කරලා තියෙනවා. වෙළෙඳ දැන්විම් දෙකකට දායක වෙලා තියෙනවා. වැඩිපුරම ඉතින් ටෙලි නාට්‍යයවලට තමයි මම සම්බන්ධ වුණේ. මේ දිනවල විකාශය වෙන දෙකොන් මාරු හා සිහින ගෙනෙන කුමාරි ටෙලි නාට්‍යය එක්ක ටෙලි නට්‍යය 12ක් විතර රඟපාලා තියෙනවා.

රංගන ශිල්පිණියකට අද තියෙන පිළිගැනීම කොහොමද?

හොද නරක දෙවිදිහටම පිළිගන්නවා. ඒක තමන් මේ ක්ෂේත්‍රය තුළ කටයුතු කරන විදිහ අනුව තමයි හිමිවෙන්නේ. මට නම් හොඳ පිළිගැනීමක් ලැබෙනවා. ඉදිරියටත් ඒ පිළිගැනීම ලබාගන්න මම වැඩ කරනවා.

මේක ඔබේ වෘත්තියද?

නැහැ මේක මගේ වෘත්තිය නෙමෙයි. අම්මායි තාත්තායි මේ වෘත්තියේ වැඩ කරන නිසා සම්බන්ධ වුණාට මගේ හිත තියෙන්නේ රූපලාවන්‍ය පැත්තෙන් ඉදිරියට යන්න. ඉදිරියේදී ඒ පැත්තට නැඹුරු වෙන්නත් මම හිතාගෙන ඉන්නවා. කොහොම වුණත් පුළුවන් කාලයක් මේ ක්ෂේත්‍රය තුළ රැඳි සිටින්න තමයි මගේ අදහස.

උදව් කළ අය?

අම්මයි තාත්තායි තමා. ඒ දෙන්නාගේ අතදීම හරහා තමයි මම මේ ක්ෂේත්‍රයට ආවේ.

බුද්ධික සේනාධීර

මෙන්න බලන්න තවත් පුවත්