ජාතික ජනබලවේගයේ විරෝධතා රැළිය ට එල්ලවූ ප්‍රහාරයකින් පුද්ගලයන් විස්සකට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි එහි ප්‍රකාශකයෙක් පැවසීය

ජජබ විරෝධතාවට පොලිසියෙන් කඳුළු ගෑස්

මැතිවරණය කල්දැමීමට එරෙහිව ජාතික ජනබලවේගය අද (26) සංවිධානය කළ විරෝධතාවට මීට සුළු මොහොතකට පෙර යුනියන් පෙදෙස දී පොලිසිය කදුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කළේය.

මෙම විරෝධතාවට ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

විරෝධය වළක්වමින් කොළඹ මාර්ග කිහිපයක් වහයි

ජාතික ජන බලවේග පක්ෂයේ විරෝධතා පා ගමන වළක්වමින් පොලිසිය මාර්ග කීපයක්ම වසා දමයි.

රෝහල් පරිශ්‍රය, පිත්තල හන්දිය, යූනියන් පෙදෙස, කොල්ලුපිටිය ආදී මාර්ග රැසක් ම වසා දමා ඇත

කොළඹ ආරක්ෂාව තරවෙයි

ජාතික ජන බලවේගය විසින් අද පස්වරුවේ සංවිධානය කර ඇති විරෝධතා පා ගමන හේතුවෙන් කොළඹ නගරයේ ආරක්ෂාව තර කර ඇත.

කොළඹ කොටුව මරදාන, රෝහල් පරිශ්‍රය , පුරහල, කොල්ලුපිටිය ඒ අවට ප්‍රදේශවල මෙම ආරක්ෂාව දැඩි කර ඇත.‍ෙපොලිසිය, යුද හමුදාව කැරලි මර්දන කණ්ඩායම්, කාර්ය බලකාය, යොදවා එස් ආරක්ෂාව තර කර ඇත.

පැරණි පුවත් – දෙවන වරට මල්ලි කෙනෙක් සමග විවාහවී ඒ විවාහයටත් සමුදුන් උපේක්ෂා ස්වර්ණමාලි

රංගන ශිල්පිනියක විදියට කාගේත් හදවත් දිනාගන්න සමත්වුණ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි උපේක්ෂ ස්වර්ණමාලි කියන්නේ, උපේක්ශාගේ තියෙන සුන්දර රුව නිසා ඇයට වශී නොවුන ලාංකියයෙක් නොමැති තරම්, ඉතින් අද අපි අපේ කතාබහට එකතු කරගත්තේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න උපේක්ෂා ස්වර්නමාලිවයි, උපේක්ෂා කොහොමද දැන් ජීවිතේ ”ජීවිතේ සුන්දර විදියට ගලාගෙන යනවා, ජීවිතේ වැඩිම කාලයක් වෙන්කරලා තියෙන්නේ දුවගේ වැඩ වලට, ඒ වගේම පොඩි පොඩි නිර්මාණ කිහිපයකට සම්බන්ද වුනා, වෙන ඉතින් විශේෂ දෙයක් නෑ, ගොඩක් සතුටෙන් නිදහසේ ජීවත් වෙනවා කාටවත් කරදරයක් නැතුව”

උපේක්ෂා කියෙන්නේ ලංකාවේ අංක එකට ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක් ඉතින් ඔයා ආස නැද්ද ඔයාගේ දුවත් ලංකාවේ ඉන්න දක්ෂ නිලියක් කරන්න ”මෙමෙ මේ ක්‍ෂේත්‍රයට ආව විදිය කවුරුවත් දන්නේ නෑ, දන්නවනේ ඉතින් මේ ක්‍ෂේත්‍රයේ තියෙන ප්‍රශ්න, ඉතින් ඒ ප්‍රශ්න අතරේ තමයි මම අද මේ ඉන්න තැනට ඇවිත් තියෙන්නේ, මම මුලින්ම කරන්නේ මගේ දුවට හොඳට උගන්වන එක, එයාට උගත්කම දීලා තමයි එයාගේ කැමැත්තට ඉඩදෙන්නේ, මම ආසයි මගේ දුව කවදා හරි පුජා උමාශංකර් ජැක්ලින් වගේ නිලියක් වෙනවට, මම ඒ තැනට එන්න උත්සහ කරන්නේ නෑ, කරලත් නෑ, හැබැයි මම මගේ දුව ඒ වගේ තැනකට එනවට ගොඩක් ආසයි,”

උපේක්ෂට ජීවිතේ වැරදුනාද..? ”ඔව් මට මගේ ජීවිතේ තැන් දෙකක වැරදුනා, මගේ පලවෙනි විවාහය අසාර්ථක වුනා, ඊටපස්සේ මම බැන්දේ මල්ලි කෙනෙක්, දැන් එයත් නෑ, උපේක්ෂා ස්වර්ණමාලි කියන චරිතයේ ජීවිතය දෙපාරක්ම විනාස වුනා, කඩාකප්පල් වුනා, ඉතින් එහෙම වෙලා ඉතිරිවෙලා තියෙන ටික තමයි මම මේ ඇදගෙන යන්නේ, මගේ තරුණ කාලය සම්පුර්ණයෙන්ම අපතේ ගියා, මට හිතාගන්න බැරි විදියට ඒක කණපිට හැරවුනා, මම මට පුළුවන් දේවල් කලේ නෑ, මම කලේ අනවශ්‍ය දේවල්, දැන් ඒ ගැන මම පසුතැවෙනවා”

දුව ගැන මොකද හිතෙන්නේ ”දෙයියනේ එයාට තාම වයස අවුරුදු පහයි, ඇත්තම කියනවනම් මම බලාපොරොත්තු උනාට වඩා එයා මට ආදරේ දෙනවා, අපි පෙම්වතෙක් එක්ක ඉද්දී හැම වෙලාවේම අපි බලාපොරොත්තු වෙන්නේ පෙම්වතා තමයි අපිට ගොඩක්ම ආදරේ වෙන්නේ කියලනේ හැබැයි ඒ හැමදේකටම වඩා මට දරුවන්ගෙන් ආදරේ ලැබෙනවා, ඉදිරියේදී මොනවා වෙයිද දන්නේ නෑ, හැබැයි දුව තාත්තට වඩා මට ආදරෙයි කියල මට දැනෙනවා”

මෙන්න බලන්න තවත් පුවත්