රුපියල් ලක්ෂ 7කට ආසන්න වටිනාකමකින් යුත් යතුරු පැදියක් සොරකම් කර එහි එන්ජින් අංක සහ චැසි අංක වෙනස් කර “ෆේස්බුක්” සමාජ මාධ්‍ය හරහා අඩු මුදලකට විකුණූ කාර්මික විද්‍යාල සිසුවෙකු සහ සොර බඩු බව දැන දැනත් එම යතුරු පැදිය මිලදී ගත් ගිලන් රථ සේවකයෙකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර නොවිසුදුනු අපරාධ විමර්ශන ඒකකය පවසයි.

අනුරාධපුර පොලිසියේ බුද්ධි අංශ නිලධාරියෙකුට ලැබුණු තොරතුරක් මත මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර පණ්ඩුලගම ප්‍රදේශයේ පදිංචි, කාර්මික විද්‍යාලයක මෝටර් රථ කාර්මික පුහුණු පාඨමාලාවක් හදාරමින් සිටින 18 හැවිරිදි සිසුවෙකු සහ මෙරට ප්‍රසිද්ධ ගිලන් රථ සේවයක සේවයේ නියුතු වාරියපොළ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බව පොලීසිය කියයි.

අනුරාධපුර නගරයේ හෝටල් පාසල ආසන්නයේ නවතා තිබුණු එෆ්. ඉසඩ් වර්ගයේ යතුරු පැදියක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සැකකාර කාර්මික විද්‍යාල සිසුවා මෙම යතුරු පැදිය සොරා ගෙන එහි එන්ජින් අංකය සහ චැසි අංකය ඔහු විසින්ම සූක්ෂම ලෙස මකා දමා, එම යතුරු පැදිය විකිණීම සඳහා ෆේස්බුක් සමාජ මාධ්‍යයේ ප්‍රචාරය කර 165000 ක මුදලකට විකුණා තිබූ බව පොලීසිය අනාවරණය කරගෙන තිබුණි.

ලක්ෂ 7කට ආසන්න වටිනාකමකින් යුත් යතුරු පැදියක්, අඩු මුදලකට විකිණීම, එන්ජින් අංක සහ චැසි අංක නොමැති වීම බව දැන දැනත් එය මිලට ගත් ගිලන්රථ සේවකයා පොලිසියට හසු නොවන පරිදි වෙනත් යතුරු පැදියක අංක තහඩු සවිකර ධාවනය කර තිබූ බව පොලීසිය සඳහන් කළේය.

පැරණි පුවත් – මටනම් කවුරුවත් එහෙම දේවල්වලට කතා කරලා නෑ- පුංචි තිරයේ දගකාරිය දසුනි සෙනෙත්මා

රංගනයෙන් වගේම නර්ථනය හරහාත් හැමෝගෙම ආදරේ දිනාගත්ත නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි දසුනි සෙනෙත්මා කියන්නේ, මේ දවස්වල පුංචි තිරයෙන් හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න දසුනි සමගයි අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ, දසුනි මේ දවස්වල පුංචි තිරයේ නිතරම දකින්න ලැබෙනවා නේද..? ”ඔව් අලුත් නිර්මාණ කිහිපයක්ම විකාශනය වෙන්න පටන් ගත්තා, ඒ දිව්‍යාදරී ටෙලි නිර්මාණය, ඒ වගේම රැල්ල වෙරළට ආදරෙයි කියන නාට්‍යයේත් මම රඟපානවා, හිරු නාලිකාවේ විකාශනය වුන ‘මහවිරු පණ්ඩු’ නාට්‍යය නම් මේ වනවිට විකාශනය වෙලා අවසන්”

දසුනි කොහොමද රංගනයට පිවිසෙන්නේ ”මම පොඩි කාලේ ඉඳලම කළා ක්‍ෂේත්‍රයට ගොඩක් කැමතියි, ඒ වගේම පාසල් කාලයේ ඉඳලම මම නර්ථනයට ගොඩක් දක්ෂයි, මම විතරක් නෙවෙයි මගේ පවුලේ ගොඩක් අය නර්තනයට දක්ෂයි, තාත්ත ඕන වුනේ මාව දෙරණ නාලිකාවේ little star කරන්න, මම ඒ තරඟයේ අන්තිම පස්දෙනා අතරට ආවා, එහෙම ආරම්භ කරපු ගමන වෙළඳ දැන්වීම් හරහා, වැඩසටහන් නිවේදිකාවක විදියට ඇවිත් දැන් මම රංගන ශිල්පිනියක්,”

දසුනිගේ ටාගට් එක වෙලා තිබ්බේ කළා ක්‍ෂේත්‍රයට පිවිසෙන එකද..? ”නැහැ මම ආසාවෙන් හිටියේ නර්ථන ගුරුවරියක් වෙන්න, ඒ වගේම මම ගණිතයට ගොඩක් දක්ෂයි ඉතින් මම ඉංජිනේරුවෙක් වෙන්නත් ගොඩක් ආස කලා, කළා ක්‍ෂේත්‍රයට සම්බන්ද වෙන්නේ මගේ තාත්තගේ ආසාවට, තාත්තට තමයි ඕන වුනේ මාව කළා තරුවක් කරන්න, අද එයාගේ හීනය සැබෑ වෙලා”

කළා ක්‍ෂේත්‍රයට සම්බන්ද වීම ගැන මොකද හිතෙන්නේ ”මටනම් මේ ක්‍ෂේත්‍රයට සම්බන්දවීම ගැන ගොඩක්ම සතුටුයි, සමහර අයනම් කියනවා මේ ක්‍ෂේත්‍රයේ එක එක ප්‍රශ්න එනවා කියලා, අනේ මටනම් කවුරුවත් එහෙම දේවල්වලට කතා කරලා නෑ, ඉතින් මම නිතරම උත්සහ කරන්නේ මේ ක්‍ෂේත්‍රයෙන් ඉදිරියට යන්න වගේම මගේ අධ්‍යාපන පැත්තෙන් ඉදිරියට යන්න,”

මෙන්න බලන්න තවත් පුවත්