අධික ගාස්තු ගෙවාගත නොහැකි විදුලි පාරිභෝගිකයන් ලක්ෂ හයකට වැඩි පිරිසකගේ විදුලිය සැපයුම් ඉදිරියේදී විසන්ධියට ලක්වීමේ බරපතළ අවදානමක් පවතින විදුලිබල මණ්ඩල ආරංචි මාර්ගවලින් පැවසේ.

මෙම අවදානමට වැඩි වශයෙන් ලක්වන්නේ අඩු ආදායම්ලාභි පවුල් බවද ඒ ආරංචි මාර්ග සඳහන් කළේය.

අධික විදුලිය සහ ජල ගාස්තු බිල්පත් පියවීම ආර්ථික අර්බුදය ආරම්භ වීමත් සමග සියයට 40 කින් පමණ අඩුවී පැවතුණ බවත් විදුලිය බිල සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩිවීම සහ ජල බිල ඉදිරියේදී වැඩිවීම සැලකිල්ලට ගෙන එම බිල් ගෙවීම ඉදිරියේදී තවදුරටත් අඩුවිය හැකි බවත් විදුලිබල හා ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලවල නිලධාරීහු පෙන්වා දෙති.

මේ අතර පාර්ලිමේන්තුවේදී පසුගිය 22 වැනිදා අදහස් දැක්වූ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා පැවසුවේ අධික විදුලි ගාස්තු හේතුවෙන් වතුකරයේ බොහෝ පැල්පත් නිවාස ළඟදීම අඳුරට යනු ඇති බවයි.

වතුකරයේ අඩු ආදායම්ලාභී ජනතාවට ලොකු විදුලි බිල් ගෙවීමට කිසිසේත්ම හැකියාවක් නැතැයි පැවසූ මන්ත්‍රීවරයා වතුකරයේ ජනතාව වෙනුවෙන් විදුලි බිලට සහනයක් ලබා දෙන්නැයි ඉල්ලීමක් කළේය.

මේ අතර අධික විදුලි බිල්පත් හේතුවෙන් පාරිභෝගිකයන් සිය විදුලි උපකරණ පාවිච්චිය දැනටමත් විශාල වශයෙන් අඩු කර ඇති අතර එය ඉදිරියේදී තවත් වැඩිවිය හැකි බව එම නිලධාරීහු සඳහන් කරති.

බොහෝ ජනතාව විදුලිය විශාල වශයෙන් වැය වන ගෘහස්ථ ශීතකරණ , විද්‍යුත් කේතල සහ සිවිලිම් විදුලි පංකා දැනටමත් භාවිතයෙන් ඉවත් කර ඇති බව දැනගන්නට ඇත.

මේ අතර අධික විදුලිය සහ ජල ගාස්තු හේතුවෙන් විදුලිය සහ ජලය වංචනිකව ලබා ගැනීමේ සිද්ධීන්ද වැඩිවී ඇති අතර එය ඉදිරියේදී තවදුරටත් වැඩිවිය හැකි බව ආරංචි මාර්ග සඳහන් කළේය.

විදුලිය සහ ජලය නීති විරෝධීව ලබා ගන්නා පුද්ගලයන්ට එරෙහිව ඉදිරියේදී නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට එම මණ්ඩල ප්‍රධානීහු බලාපොරොත්තු වෙති.

අධික විදුලි සහ ජල ගාස්තු හේතුවෙන් තමන්ගේ එදිනෙදා අවශ්‍යතා වෙනුවෙන් වැය කිරීමට ඇති මුදල්ද එම බිල්පත් ගෙවීමට වැයකිරීමට සිදුවී ඇතැයි පාරිභෝගිකයෝ පවසති.

ශ්‍රී ලංකාවේ සමස්ත විදුලි පාරිභෝගිකයන් සංඛ්‍යාව ලක්ෂ හැටක් පමණ වේ. සමස්ත ජල සබඳතා සංඛ්‍යාව ලක්ෂ 24 කි.

පැරණි පුවත් – 18ට පැන්න ගමන් අම්මා කිවුවා දැන් ඔයා කැමති දෙයක් කරන්න මට ප්‍රශ්නයක් නෑ කියලා

ලංකාව ඉන්න තරුණ රංගන ශිල්පිනියන් අතරින් හැමෝගෙම කතාබහට ලක්වෙන වගේම හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න සුන්දර රුවකට හිමිකම් කියන රංගන ශිල්පිනියක් තමයි හර්ෂි රසංගා කියන්නේ, ළමා රංගන ශිල්පිනියක් විදියට කළා ලෝකයට එකතුවුන හර්ෂි දැන් ආදරවන්තියක්, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න හර්ෂි රසංගා සමග, ඉතින් හර්ෂි මේ දවස්වල මොකද වෙන්නේ ”මේ දවස්වල ඉතින් වැඩ ගොඩක් නෑ, හිරු නාලිකාවේ විකාශනය වෙන ලංවී කියන ටෙලිනාට්‍යවලට සම්බන්ද වෙලා ඉන්නවා, එකේ ෂූටින් තමයි ඉතින් වෙන විශේෂ වැඩක් නෑ”

හර්ෂි කොහොමද කලාවට සම්බන්ද වුනේ ”දවසක් මම අපේ ගෙදර කට්ටිය එක්ක දවසක් හවස විනෝද වෙලා ඇවිදින්න කියලා එලියට ගියා, එදා කොඩිනේටර් කෙනෙක් මාව දැකලා අපේ ගෙදරින් අහලා දුවව ටීවී වෙළඳ දැන්වීමකට දෙන්න පුලුවන්ද කියලා, එදා තාත්තා කැමති වෙලා, මම පලවෙනි දැන්වීම කලාට පස්සේ මට දිගටම වෙළඳ දැන්වීම් වලට අරාධනා ආවා, මම අවුරුදු හතරක් විතර කලේ වෙළඳ දැන්වීම් විතරයි, පස්සේ මට සුජාතා නාට්‍යට ආරාධනා ලැබුනා, ඉතින් මම ඒ විදියට තමයි රංගනයට සම්බන්ද වෙන්නේ”

හර්ෂනී කාගේත් අතර වැඩිම කතා බහට ලක්වුණේ ඔයාගේ ටැටූ නිසා, ඉතින් දැන් ටැටූ කියක් විතර ගහලා තියෙනවද..? දැනට ටැටූ 11ක් ගහලා තියෙනවා, මම සාමාන්‍යපෙළ කරලා මාස හතරකින් තමයි පලවෙනි ටැටූ එක ගැහුවේ, මගේ ඇඟේ තියෙන ටැටූ 11ම මගේ ජීවිතේ වැදගත් සිදුවීම්වලට සම්බන්ද ඒවා,

හර්ෂනී කළාවට සමුදෙන්න හදනවා කියලා අපිට ආරංචි වුනා මොකද්ද ඒ කතාව, ඔයාගේ ආදරේ නිසාද රංගනයට සමුදෙන්නේ ”නැහැ මගේ ආදරණ නිසා නම් නෙවෙයි, මම කලාවෙන් ඈත් වෙන්නේ ටික කාලයකට ඒ විදෙස්ගතවෙලා මගේ උසස් අධ්‍යාපනය හදාරන්න, මම රටයන්න හිටියේ ගිය අවුරුද්දේ, මම ලංකාවෙන් යන්න ඉන්න කාලේ තමයි ලංවී නාට්‍යයේ පිටපත් තිමිර අයියා මට ගෙනත් දෙන්නේ, ඉතින් මම ඒ පිටපත අතට ගන්නේ නැතුවම කිවුවා මම ළඟදීම ලංකාවෙන් යනවා කියලා, තිමිර අයියා කිවුවා කියවලා බලලම උත්තරයක් දෙන්න කියලා, ඒක කියෙවුවම මට ආස හිතුනා, ඉටපසේ මම හිතාගත්තා මේක කරලා යනවා කියලා”

ඔයාට දුක නැද්ද මච්චර ජනප්‍රිය වෙලා ඉද්දී කලාවෙන් ඈත්වෙලා යන්න වෙන එක, ”ඇත්තම කියනවනම් මම මෙච්චර කල් කලාවට සම්බන්ද වෙලා හිටියේ මගේ අම්මගේ ආසාවට, මට අවුරුදු 18ක් උන ගමන් අම්මා කිවුවා දැන් ඔයා කැමති දෙයක් කරන්න මට එකේ ප්‍රශ්නයක් නෑ කියලා, ඒ නිසා තමයි මට රටගිහින් ආයේ ඉගනගන්න හිතුනේ, ලබන අවුරුද්දට මට අවුරුදු 20ක් වෙනවා තව වයස තියෙන නිසා මම රටගිහින් ඉගන ගන්නවා”

මෙන්න බලන්න තවත් පුවත්