ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ ආදරණීය බිරිඳ‍ කුමාරි මුණසිංහ කියන්නෙ ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු චරිතයක් නෙවෙයි.

ජැක්සන්ගේ හදිසි අසනීප තත්ත්වයත් එක්ක ඇය ඉන්නෙත් බොහෝම ලොකු කම්පනයකින්.

පසුගිය දවසක යූටියුබ් නාලිකාවක් හා එක්වෙමින් ඇය පළ කළ අදහස් කිහිපයකි මේ..

“ඇත්ත කතාව මේකයි.. ඔහු සුව වෙමින් ඉන්නවා! හැබැයි ඒකට සෑහෙන කාලයක් යන බව පැහැදිළියි. වෛද්‍යවරු එහෙම කියනවා. ජාතික රෝහලේ කාර්‍ය මණ්ඩලය ලොකු කාර්‍යබාරයක් කරනවා ඔහු වෙනුවෙන්…”

යූටියුබ් හි පැතිර යන ව්‍යාජ පුවත් ගැනත් කුමාරි මුණසිංහ මේ විදිහේ කතාවක් කිව්වා.

“මේ යූටියුබ් කරන අය කීයක් හරි හොයාගන්න වෙන්නැති මෙහෙම කරන්නෙ. ජැක්සන් මේ වගෙ තැනකට එන්න කාපු කට්ට මම දන්නවා. මේවට මගේ සතුටක් නෑ ඇත්තටම.. මම හිතන්නෙ ඔහු පෙර සංසාරේ කවදා හරි අකුසල කර්මයක් කරන්න ඇති. ඔහු ඒ අකුසල කර්මය කරද්දි මම සෑහෙන උදව් කරලා තියනවා. ඒකයි මමත් මේ තැවෙන්නේ..”

පැරණි පුවත් – මම පන වගේ ආදරේ කරපු දෙන්නම මාව දාලා යන්නම යන්න ගියා – සුරාජ් මාපා

ලංකා ඉතිහාසයේ වැඩියෙන්ම ජනප්‍රිය වුන ටෙලිනාට්‍යක් තමයි ‘ඕලු’ ටෙලිනාට්‍ය කියන්නේ, ඉතින් මේ නාට්‍ය හරහා කාගේත් ආදරේ දිනාගත්ත චරිතයක් ඉන්නවා, ඒ තමයි ඕලුට ආදරේ කරන අසංක සර්, මේ චරිතයට පන පොවන්නේ දක්ෂ රංගන ශිල්පියෙක්වන තරුණියන්ගේ සිහින කුමාරයා විදියට හඳුන්වන්න පුළුවන් සුරාජ් මාපා විසින්, ඉතින් අපි අද අපේ කතාබහට එකතු කරගෙන ඉන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන සුරාජ් මාපායි, සුරාජ් අපි ඔබව දකින්නේ රංගන ශිල්පියෙක් විදියට,

හැබැයි අපි දැන් ඔයාව දකින්නේ අධ්‍යක්ෂක කෙනෙක් විදියට ඉතින් කියන්නකෝ ඒ ගැන විස්තර ටිකක් ”ඇත්තම කියනවනම් මම ටෙලිනාට්‍යක් අධ්‍යක්ෂණය කරන්න මම හීනෙකින්වත් බලාපොරොත්තු වුනේ නෑ, හැබැයි නොනිමි කියන නාට්‍ය නිෂ්පාධනය කලේ මගේ යාලුවෙක්, ඉතින් මම ඒ නාට්‍යයේ අධ්‍යෂණය බාරගත්තා, මම ඒ නාට්‍යයේ රඟපාන නිසා සම අධ්‍යක්ෂණය කිරීමට චන්දන ජයසිංහ අයියා එකතු වුණා. ඒක මට ලොකු ශක්තියක්”

සුරාජ් ගොඩක් දක්ෂයි නර්ථනයට ඉතින් දැන් සුරාජ් මාපා කියන නර්ථන ශිල්පියා ඔබෙන් ගිහිලාද..? ” මෙහෙමයි සමහර නර්ථන නිර්මාණ ලංකාව තුලින් දකින්න ලැබෙන්නේ නෑ, මම නර්ථනයෙන් දායක වෙන සමහර නිර්මාණ ජාත්‍යන්තර මට්ටමෙන් වෙනම ප්රෙක්ෂයකන් පිරිසකට විතරක් සිදුකරනවා, ඒ නිසා ගොඩක් අයට ඒවා පේන්නේ නෑ, මම මේ දවස්වල මගේ කාලයෙන් වැඩි කොටසක් යොදවලා තියෙන්නේ රංගනයට, හැබැයි මේ වනවිට සුරාජ් කියන නර්ථන ශිල්පියා ටිකක් පස්සට වෙලා ඉන්නේ, සමහර කාලවලට මම නර්ථනයට වැඩි අවධානයක් දෙනවා, සමහර කාලවලට මම රංගනයට සම්බන්දව වැඩි කාලයක් ගත කරනවා, ඒ මගේ හැටි”

දැන් තනියම හිටියා ඇති කියලා හිතෙන්නේ නැද්ද..? මෙහෙමයි අද මම මේ දක්වා ආව කාලයේ මගේ ජීවිතේට එක එක අය ආවා, සමහර අය කාලයක් හිටියා, සමහර අය ආවගමන් ගියා, හැබැයි මගේ ජීවිතේ හැම තැනකම හිටියේ මගේ අම්මා තාත්තා විතරයි, ඒ දෙන්නා මට ලොකු ශක්තියක් වුනා, හැබැයි ඒ දෙන්නම මාව දාලා යන්නම යන්න ගියා, මම මගේ ජීවිතේ පන වගේ ආදරේ කලේ ඒ දෙන්නට, දැන් මට මගේ ශක්තිය වෙලා තියෙන්නේ මගේ සහෝදරියන් දෙදෙනා, ඒ නිසා මට ශක්තිය ධෛර්යය මට උපරිමයෙන්ම ලැබෙනවා, මම මගේ අනාගත සැලසුම් කරන්නේ නෑ,”

මෙන්න බලන්න තවත් පුවත්