
අයියාගේ ත්‍රිරෝද රථයේ බැටරිය ගලවාගෙන යාම සඳහා පැමිණි මල්ලිට, එම ත්‍රිරෝද රථය ආරක්ෂා කිරීමට යොදා තිබු අනවසර විදුලි රැහැනෙන් විදුලි සැර වැදී, පසුව අයියා විසින් යකඩ පොල්ලකින් ද පහර දීමක් සිදුකර ඇති අතර අනතුරුව ඔහු මියගොස් තිබෙනවා.
සොරකමකට පැමිණි පුද්ගලයෙකු අල්ලාගෙන ඇති බවට 119පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද ඇමතුමකට අනුව පොලිසිය එම ස්ථානයට ගොස් තිබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
එහිදී පුද්ගලයෙකු ගැට ගසා තිබෙන අයුරු දැක ඇති පොලිසිය විසින් එම පුද්ගලයා රෝහල්ගත කිරීමට 1990 ගිලන් රථයක් කැඳවා ඇති අතර එහි පැමිණි හෙද නිලධාරිනිය ප්‍රකාශ කර ඇත්තේ සැකකරු මියගොස් ඇති බවටයි.
මරණකරුට විදුලි සැර වැදී ඇති අතර පසුව යකඩ පොල්ලකින්ද පහර දී ඇති බවට සිදුකළ වැඩි දුර විමර්ශනයේදි අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව මියගිය පුද්ගලයාගේ අයියා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් 49 සහ 44 යන වයස්වල පසුවන්නන් වන අතර, මිය ගිය පුද්ගලයා 35වන වියේ පසුවන්නෙක්.
පැරණි පුවත් – මට මගේ තාත්තට හරියට සලගන්න බැරි වුනා එකට හරියන්න මම බිරිඳගේ තාත්තට සැලකුවා – කාවිංග පෙරේරා
අපේ කළා ලෝකයේ ඉන්න දක්ෂ වගේම කඩවසම්ම රංගන ශිල්පියෙක් තමයි කාවිංග පෙරේරා කියන්නේ, කාවිංග කළා කේෂ්ත්‍රයට සම්බන්ද වෙන්නේ නිවේදකයෙක් විදියට, හැබැයි කාලයත් සමග කාවිංග රංගන ශිල්පියෙක් විදියට හැමෝගෙම ආදරේ දිනාගන්න සමත් වෙනවා, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ කාගේත් ආදරේ දිනාගෙන ඉන්න කාවිංග සමග, ඉතින් කාවිංග මොකද කරන්නේ මේ දවස්වල ”මේ දවස්වල නිවේදන වැඩ ටිකක් වගේම රංගන ක්‍ෂේත්‍රයේ නිර්මාණ කිහිපයකටත් සම්බන්ද වෙලා ඉන්නවා, ඒවා තමයි ඉතින් අලුත් වැඩ”
කාවිංග කියන්නේ දැන් ජනප්‍රිය චරිතයක් නේ ඉතින් කොහොමද දැන් ලැබෙන ජනප්‍රියත්වය දැනෙන්නේ ”මෙහෙමයි මම දකින විදියට ඕනෑම කෙනෙක්ට ජනප්‍රිය වෙන්න පුළුවන් හැබැයි ඒ ජනප්‍රියත්වය පවත්වාගෙන යන්න තමයි අමාරු, ඉතින් දක්ෂ වෙන්න ඕන ජනප්‍රිය වෙන්න නෙවෙයි ලැබෙන ජනප්‍රියත්වය පවත්වාගෙන යන්න, ඉතින් මම ඒ දේ උපරිමෙන්ම කරගෙන යන්න උත්සහ කරගෙන යනවා, මම හිතනවා මගේ උත්සාහය සාර්ථකයි කියලා,”
කාවිංග කියන රංගන ශිල්පියා නිතර නිතර පේන්න නෑ, මොකද කාවිංග කියන්නේ වැඩ පැහැරහරින කෙනෙක්ද..? ”මෙහෙමයි මම සමහර නාට්‍ය මම භාරගන්නේ නෑ, මම මට ලැබෙන ඔක්කොම නිර්මාණ බාරගත්තොත් ඒක අනිත් අයට කරන ලොකු අවාසියක්, සාමාන්‍යයෙන් මම වෙලාවට වැඩ කරන කෙනෙක්, මට කියපු වෙලාවක් මිස් වෙන්නේ බොහොම කලාතුරකින්, මට සමහර දේවල් අතපසුවෙන්නේ යාලුවන්ගේ සතුට වෙනුවෙන්,
කාවිංග ගේ ජීවිතය ගැන ආපස්සට හැරිලා බැලුවම මොකද හිතෙන්නේ ”මට මගේ ජීවිතේ එක තැනක වැරදුනා කියලා මම හිතනවා, ඒ තමයි මම මගේ තාත්තගේ නැතිවීමට වගකියන්න ඕන කියලා මම හිතනවා, මගේ පැත්තෙන් එයාට ආව පෙෂර් එකත් ඒකට හේතුවක් වෙන්න ඇති කියලා මට හිතෙනවා, මම මට කරන්න පුළුවන් උපරිමෙන්ම අප්පච්චිට සැලකුවා, මම අතීතය හාරඅවුස්සන්න කැමති කෙනෙක් නෙවෙයි, හැබැයි මගේ අතින් වෙච්ච වැරදි හදාගන්න මට අවස්තාවක් ලැබුනා, මම මගේ බිරිඳගේ තාත්තා එක්ක මාස හයක් කැන්සර් හොස්පිටල් එකේ හිටියා එයාට සාත්තු කරගෙන”