
ලොව ඕනෑම තැනක සිටින පෙම්වතා හෝ පෙම්වතියව සිප ගැනීම සදහා නව උපාංගයක් නිර්මාණය කිරීමට චීනයේ Jiangsu පළාතේ විශ්වවිද්‍යාල කණ්ඩායමක් සමත් වී තිබෙනවා.
මිට පෙරද මෙවැනිම උපාංගයක් නිර්මාණය කර තිබු අතර එම උපාංගය තවත් වැඩි දියුණු කර මෙම උපාංගය නිර්මාණය කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙය චලනය වන සිලිකන් “තොල්” විශේෂාංගී වන උපාංගය පරිශීලකයින්ට ඔවුන්ගේ සිපගැනීම් “උඩුගත කිරීමට” සහ යෙදුමක් හරහා අන් අයගේ හාදු “ලැබීමට” ඉඩ සලසන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එය “සිපන්නෙකුගේ තොල්වල සැබෑ පීඩනය, චලනය සහ තාපය” අනුකරණය කිරීමට සංවේදක භාවිතා කිරීම නිසා සැබෑ සමීපත්වය අත්විඳීමට හැකි බවයි විශ්වවිද්‍යාල කණ්ඩායම පවසන්නේ.
මෙම කණ්ඩායමේ සිසුවෙකු මාධ්‍ය වෙත පවසා ඇත්තේ “මගේ විශ්ව විද්‍යාලයේ, මම මගේ පෙම්වතිය සමඟ දුරස්ථ සම්බන්ධතාවයක සිටි නිසා අපි එකිනෙකා සමඟ සම්බන්ධ වන්නේ දුරකථනයෙන් පමණි. මේ උපකරණයේ ආභාසය ඇති වුණේ එතැනින්” බවයි.
මෙම උපාංගයට පේටන්ට් බලපත්‍ර ලබා දී ඇති බව වාර්තා වේ.
පැරණි පුවත් – මට එදා හිතුන මම ඒ ජීවත්වන අන්තිම තත්පර කීපය කියලා
ලාංකීය කලා ක්ෂේත්‍රයේ තුළ සිටිනා තරු අතරින් නිවේදනයටත් ගායනයත් නර්තනයටත් මෙන්ම රූ රැජිණ කිරුළ දිනා ගන්නට තරම් අසමසම සුන්දරත්වයෙන් යුතු ඇය ස්ටෙෆනි සිරිවර්ධන නම් තාරකාවයි.
සිරස නාලිකාවේ විකාශය වු the voice teen රියැලිටි වැඩසටහනේ නිවේදිකාවක් ලෙසින් ප්‍රේක්ෂකයන් අතරට ආ සුරූපී ඇය මේ වන විට ජනප්‍රිය ගායක දුෂ්‍යන්ත් වීරමන් සමග සාර්ථක යුග දිවියක් ගත කරමින් සිටී .
ඇයගේ ගමන් මග පිළිබඳ සඳහන් කිරීමේදී උපාධිධාරිනියක වන ඇය 2011 වර්ෂයේ ශ්‍රි ලාංකීය රූ රැජිණ කිරුළ දිනා ගනිමින් 2011 වර්ෂයේ මෙරට නියෝජනය කරමින් විශ්ව රූ රැජිණ කිරුළ සඳහා ද ඉදිරිපත් විය. එමෙන්ම 2013 වර්ෂය වන විට ශ්‍රී ලංකා ආසියා පැසිපික් ලෝක රූ රැජින කිරුළ ජයග්‍රහණය කිරීමට සමත් වූ ඇය වර්තමාන ස්ටෙෆනි සිරිවර්ධන පදනමේ හිමිකාරිය ලෙසින් කටයුතු කරයි
මෙසේ ඇයව නිරූපණ ක්ෂේත්‍රය තුළින් අපට දකින්නට ලැබෙන්නේ ඇය ශ්‍රී ලංකා කිරුළ දිනා ගැනීමත් සමඟයි.
කෙසේවෙතත් ඇයගේ ගමන් තුළ ඇය මුහුණ දුන් අමතක නොවන සිදුවීමක් පිළිබඳව මෙසේ අදහස් දක්වා සිටියා,
“ඇත්තටම මම ලැබෙන අභියෝග සහ අවස්ථාවන් විශ්වාස කරන කෙනෙක්.දවසක් මගේ බඩේ යම් ගැටලුවක් නිසා පොඩි ඔපරේෂන් එකක් කරනවා.එතනදී හැමෝවම මට පෙනුනේ බොඳ වෙලා.මට එදා හිතුන මම ඒ ජීවත්වන අන්තිම තත්පර කීපය කියලා.මට එවෙලෙ මගේ තාත්තාව දකින්න ඕන වුණා.ඒ වගේම තමයි එවෙලෙ මට මතක් උනා මම ජීවිතයේ විඳපු නැති ගොඩක් දේවල් තව තියෙනවා නේද කියලා.ඒ නිසා මම දෙවියන්ගෙන් මගේ ජීවිතය බේරලා දෙන්න කියලා ආයාචනා කළා.”
ඒ වගේම ඇයගේ කලා කටයුතු වලට ඇයගේ සැමියාගෙන් ලැබෙන සහයෝගය ගැන පැවසුවේ මේ විදියටයි.
“ඒ වගේම තමයි මට දෙයක් කරන්න කොච්චර අමාරු උනත් මං ඒක කොහොම හරි ට්‍රයි කරල ඉගෙන ගන්නවා .මට සිංහල කතා කරන්න හරි අමාරුයි.ඒ වගේම තමයි සින්දු කියන්නත් අමාරුයි.නමුත් මගේ ආදරණීය සැමියා මගේ තියෙන දක්ෂතා හඳුනගෙන මට උපරිම ශක්තියක් ලබාදෙනවා ඒ දක්ෂතා එළිදක්වන්න.ඉතින් මම හිතන්නේ මම හරි වාසනාවන්ත බිරිඳක්.”
ඇයගේ කලා කටයුතු සියල්ලක්ම සාර්ථක වේවා කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.