
ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ ආදරණීය දියණිය මාධවී වත්සලා ගැන මේ දින කිහිපයේ ම ටිකක් ආන්දෝලනාත්මක කතාබහක් බුකියේ සංසරණය වනවා.
ඒ ඇයගේ අලුත්ම ප්‍රේම සම්බන්ධය නිසා.ඇගේ අලුත්ම ප්‍රේමවන්තයා කසුන් මහේන්ද්‍ර හීනටිගල.
තරුණ නිර්මාණ අධ්‍යක්ෂකවරයෙක් වන කසුන් මුල්වරට මාධවී සමඟ පෙනී සිටි ඡායාරූපයක් පළකරමින් මේ පෙම් කතාව ලෝකයට අනාවරණය කළා.
එසේම පසුගිය දිනෙක වැඩසටහනකට එක්වෙමින් මාධවී වත්සලා, කසුන් ගැන කිව්වෙ මෙහෙම කතාවක්..
“කසුන්ගේ නිර්මාණ චාරිකාව, ජීවිත චාරිකාව ගැන මගේ අප්පච්චි කියන දේ තමයි, ඒක එක එල්ලේ ගලාගෙන යන එකක් කියලා කියලා. අප්පච්චිගෙයි එයාගෙයි ගතිගුණ ගොඩක් සමානයි. මගේ අප්පච්චිත් මේ ගමන ආවේ කාත් කවුරුත් නැතුව තනියෙන්. අප්පච්චිගේ පරම්පරාවේ කලාකරුවෙක් ගෑවිලාවත් හිටියේ නෑ. කසුන්ගේ හිටියා. නමුත්.. කසුන්ගේ පවුලේ එහෙම අය හිටියත් කසුන් ආවෙ තනියම…”
කසුන්, මාධවීගේ මුණ ගැසීම ගැන මෙහෙම දෙයක් කිව්වා.
“අපිට අපිව හමුවෙන්නෙ ගොඩක් පරක්කු වෙලා. ප්‍රමාදය පසුතැවීමට හේතුවයි කියලා මම හිතන් නෑ. ප්‍රමාද වෙන එක හොඳයි. මොකද ජීවිතේ අත්දැකීම් ලැබෙන්න ඕනෙ…”
අපි තමයි අපිව දන්නේ ගීතය තමයි මගෙයි මාධවිගෙයි පළමු දරුවා. මාධවී කියන්නේ හොද පෙම්වතියක්.ඇය මට හරියට අම්මා කෙනෙක් වගේ. ඇය හරිම කරුණාවන්තයි. ඒ වගේම හරිම සංවේදියි. ඇයගේ හැගිම්සහ වචන තුල බොරුව අන්තර්ගතව නෑ. මම බොරුවට අකමැති කෙනෙක්. කෙටියෙන්ම කිව්වොත් ඇය මගේ අම්මා වගේ කෙනෙක්. මාධවී හදන කෑම වලින් මම කන්න ආසම කිරිබත්. අපේ සම්බන්ධය ගොඩ නැගීම තුල කිරිබත් හා බැදුණු කතාවක් තියෙනවා. මාධවී හදන කෑම වලට මම ගොඩක් ප්‍රියයි. ය ගොඩක් රහට කෑම හදනවා. ඒ වගේම මේ පැත්තෙන් බඩගින්නක් අවොත් අනිත් පැත්තෙන් ඇය කෑම හදලා ඉවරයි. ඒ තරම් ඉකමනට වගේම රසට ඇය කෑම හදනවා.
මම ලියන්නෙක්. ඒ නිසා මගේ මානසික නිදහස ගැන මම වැඩි අවධානයක් යොමුකරනවා. ය මගේ ඔලුව කන්නේ නැහැ. එයත් මගේ නිර්මාණවලට පිටුවහලක්. මගේ කරච්චලය අහන ඉන්න එකම එයාගේ හොද ගතිගුණයක්
පැරණි පුවත් – මං සැලෝන් යන්නේ නැති තරම් ” නෙත්මි රොෂෙල්
ටෙලි තිරය තුළින් හමුවන චරිත අතරින් ආක්ෂා බොහෝ දෙනා අතර ඉතාමත් ජනප්‍රිය චරිතයක්. දෙරණ නාලිකාවේ විකාශය වන දෙවැනි ඉනිම සහ ලිට්ල් ස්ටාර් සීසන් 11හි නිවේදිකාවක් ලෙසින් ඔබට හමුවට නෙත්මි රෝෂෙල් නම් වූ ඇය රංගනයට මෙන්ම නර්තනයට නිවේදනයට එකසේ ඉතාමත් දක්ෂ තාරකාවියක්.
2019 ජාතික රූපවාහිනී අවුරුදු කුමරිය ලෙස තේරී පත් වී රංගනයට පිවිසුන ඇය අරුණ ජයවර්ධනගේ ‘සක්කාරම්’ ටෙලි නාට්‍යය කලා ක්ෂේත්‍රයේ තුළ ඇයගේ පළමු අත්දැකීම විය.
ඉන්පසු ශිවගුරුනාදන් සර්ගේ ‘හිරු ඇවිදින්’ ටෙලි නාට්‍යය, දෙරණ නාලිකාවේ රාවණා වැනි ටෙලි නාට්‍ය රැසකම ඇයව ප්‍රේක්ෂකයන්ට දකින්නට හැකි වුණා. එලෙස පසුගිය වසර දෙක පුරා දෙවැනි ඉනිමේ ආක්ෂා ජනප්‍රියම නිළි නාමයන් අතරේ අවසන් දෙදෙනා අතරත් සිටින්නට ඇයට අවස්ථාව හිමිවුණා.
මේ දිනවල ජයවර්ධනපුර සරසවියේ කළමනාකරණය පිළිබඳ උපාධි සඳහා අධ්‍යාපන කටයුතුවල නිරත වන ඇය සිය කලා කටයුතු පිළිබඳ පුවත්පතකට මෙලෙස අදහස් දක්වා සිටියා.
“කවදාවත් රැකියාවක් කරන්න ඕන කියන හැඟීම මට නැහැ. මං කැමති නැහැ උදේ ගිහින් හවස එන ඒකාකාරී රැකියාවකට. කවදහරි මගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්නයි මට ඕන. උසස් අධ්‍යාපනය හදාරන අතරතුරේ තමයි මට රංගනයට අවස්ථාව ලැබුණේ. ඒ නිසා රංගනය පිළිබඳ ලොකු අත්දැකීම් නැහැ. මට සහාය දුන් ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පීන්, ශිල්පිනියන් තමයි මට රංගන පාසලක් වුණේ. උපාධියෙන් පස්සේ රංගනය ගැන වැඩිදුර හැදෑරීමේ බලාපොරොත්තුවක් තියෙනවා. නර්තනය මං කුඩා කාලේ ඉඳන්ම හැදෑරුවා. දෙරණ ලිට්ල් ස්ටාර් නර්තන අංශයේ අවසන් සිය දෙනා අතරට ආවා. ඊට කාලෙකට පස්සේ මට ඒ වැඩසටහනේම නිවේදන කටයුතු කරන්න ඇරයුම් ලැබීම කිසිදා අමතක නොවන දෛවෝපගත සිදුවීමක්.”
ඇය සතු ඒ සුන්දරත්වය ඇයව බොහෝ ප්‍රේක්ෂකයන් අතර ආකර්ෂණයට ලක් වීමට ඇති විශේෂ හේතුවක්.
“මගේ පෙනුම ගැන උනන්දු වෙන්නේ අපේ අම්මා. මං සැලෝන් යන්නේ නැති තරම්. සමට, හිසකෙස්වලට ස්වාභාවික සත්කාර ඔක්කොම කරන්නේ මගෙ අම්මා. එයා නිතරම කියන දෙයක් තමයි අලුතින් ලස්සන වෙන්න ඕන නෑ. ඔය ලැබිල තියෙන ලස්සන පරිස්සම් කරගන්න කියලා.”
තවමත් විසිතුන්වැනි වියේ පසුවන ඇය ආදර ඇරයුම් ගැන මෙලෙස පවසා සිටියා,
“යෝජනා නම් ගොඩක් එනවා. මුලින් මුලින් නම් මං හරි තරහෙන් ඒවට උත්තර දුන්නේ. දැන්නම් බොහොම ඉවසීමෙන් කියනවා ගෙදරින් අහන්න කියලා. ඉතින් ඇත්තටම ආදරයක් තියේනම් ගෙදරින් අහයිනේ. නිකන් විනෝදෙට අහන අය ඊට එහා යන්නෙ නෑනේ. අම්මයි, තාත්තයි ඒක ගාණට බැලන්ස් කරනවා. ඒ නිසා මට ලොකු ගැටලුවක් නැහැ.
ආදරය කියන්නේ මට ලොකු දෙයක්. මට තේරෙන්නෑ කොහොමද ඒක හැන්ඩ්ල් කරන්නේ කියලා. මං දැකල තියෙනවා මගේ යාළුවො ආදරේ නිසා අඬනවා. දුක්විඳිනවා. ආදරේ කරන අය වෙනස් වෙනවා. මට නම් ඒ දේවල් දරා ගන්න අමාරුයි. මං හිතන්නේ මං තාම ඒකට පරිණත නෑ කියලා. මං කැමති නැහැ නිකන් සම්බන්ධතාවක් පවත්වන්න. මට ඕන ඒක විවාහයකින් කෙළවර වෙන්න. කොහොම වුණත් ඒවට තව කල් තියෙනවා කියලයි මට හිතෙන්නේ.”