අද උදෑසන ඉන්දියාවෙන් පිටත්වන නෞකාව අද රාත්‍රී කාලයේ දී කොළඹට ලඟා වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

මෙම බිත්තර ආනයනය තීරණය ගෙන ඇත්තේ දේශීය වෙළෙඳපලේ බිත්තර මිල ඉහළ යෑමට පිළියමක් වශයෙනි.

ජාතික සත්ව නිෂ්පාදකයින්ගේ එකමුතුවේ කැඳවුම්කරු සුජීව ධම්මික ලංකාසරට ප්‍රකාශයක් කරමින් කීවේ ක්ෂේත්‍රයේ රැඳුනු දහස් සංඛ්‍යාත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් බිත්තර කර්මාන්තයෙන් ඉවත් කර රටේ ආර්ථිකයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන පළමු අනුවණ තීරණය අද මේ ආණ්ඩුව විසින් ප්‍රායෝගික කර ඇති බවය.

පැරණි පුවත් – මෙච්චරකල් මම මගේ ජිවිතේ ගැන හිතුවේ නැහැ.දරුවන්ට හොඳ තාත්තා කෙනෙක් වෙන්නේ කවුද කියලා මම හිතුවේ

නර්මදා යාපා අබේවර්ධන කියන්නෙ නිරූපණ ශිල්පිනියක් වගේම නිවේදන ශිල්පිනියක් විදිහටත් අතිශය ජනප්‍රිය චරිතයක්. දරු පැටවුන් දෙන්නෙක්ගේ මවක් වන නර්මදා, සමාජ මාධ්‍ය තුළත් නිරන්තරයෙන් සැරිසරන කෙනෙක්. මේ තියෙන්නේ නර්මදා සතිඅන්ත පුවත්පතක් සමඟ කළ කතාබහක්.

නර්මදා කොහොමද දරුවෝ දෙන්නත් එක්ක ගෙවන ජීවිතේ..?

මගේ පුතාලා දෙන්නා එක්ක සතුටින් ජීවත් වෙනවා. නොසිතූ විදිහට මගේ ජීවිතේට ආව ප්‍රශ්න එක්ක මම මානසිකව කඩාගෙන වැටුණා නම් මම අද මෙ‍ෙහම ඉන්නේ නැහැ. හිත ශක්තිමත් කරගෙන දරුවෝ එක්ක ජිවත් වෙනවා. ලොකු පුතාගේ වයස අවුරුදු 8යි. එයාගේ නම ආදිත්‍ය. එයා ෙහාඳට ඉගෙන ගන්නවා. පොඩි පුතාගේ වයස අවුරුදු 3යි. නොවා තමයි එයාගේ නම. මම තමයි මගේ දරුවෝ දෙන්නගේ සියලු වැඩ කරන්නේ. එයාලව තනි කරන්නේ නැහැ . නිවාඩු වෙලාවට ඒ දෙන්නා එක්ක මම ට්‍රැවල් කරනවා. මේ දෙන්නගේ වැඩත් එක්ක මගේ අම්මා, අක්කා, අයියා මට හරියට උදව් කරනවා. ජිවිතේ අත හරින්නේ නැතුව සතුටින් ජිවත් වෙන්න උත්සාහ කරනවා.
තාත්තා කෙනෙක් නැතුව දරුවෝ හදන එක බරක් නෙමෙයිද..?

ලොකු වගකීමක්. මගේ ජීවිතේ මම මුහුණ දුන් අත්දැකීම් එක්ක මම මගේ පුතාලා දෙන්නව හොඳට හදනවා. මොකද ඒ දෙනත් දවසක ලොකු වෙලා කසාද බඳියි. එතකොට මිනිස්සු කවුද කොහොමද ජීවත් වෙන්නේ කියලා එයාලා ඉගෙන ගෙන ඉන්න ඕන. ඒ නිසා මගේ ලොකුම ආසාව එයාලා යහපත් දරුවෝ කරන එක තමයි.

තනිකම මකා ගන්න, ජිවිතේ අර්ථවත් කර ගන්න ජිවිතේට අලුත් සහකරුවෙක් හොයා ගෙන නේද ඉන්නේ..?

ඔව්. මම දැන් සිංගල් නෙමෙයි. මට ආදරේ කරන්න මගේ ජිවිතේ තේරුම් ගත්ත කෙනෙක් මට ඉන්නවා. මගේ හැම දෙයකටම මට උදව් කරනවා. එයා ගැන විස්තර මම දැන්ම කියන්නේ නැහැ . තව ටික දවසකින් එයා කවුද කියලා දැන ගන්න ලැබෙයි.

ඔහු ඔබේ දරුවන් දෙදෙනාට හොඳ පියෙක් වෙයි කියලා හිතනවද..?

ඔය ප්‍රශ්නයට මම මෙහෙම උත්තර දෙන්නම්. මෙච්චරකල් මම මගේ ජිවිතේ ගැන හිතුවේ නැහැ. දරුවන්ට හොඳ තාත්තා කෙනෙක් වෙන්නේ කවුද කියලා මම හිතුවේ. මම කොයිම මොහොතකවත් හිතුවේ නැහැ මට ආදරේ කරන මාව තෙරුම් ගත්ත කෙනෙක් මට ඕන කියන එක. මගේ ජීවිතේ වැරදුණේ එතැන කියලා මම අද තේරුම් අරන් ඉන්නවා. මට ආදරේ කරන කෙනාගෙන් ලැබෙන උපරිම ආදරේට මම උපරිමයෙන් ආදරේ දෙන්න ඕන. එයාව තෙරුම් ගන්න ඕන. දැන් මගේ ජිවිතේට ආ සහකරුවා බලාපොරොත්තු වෙන ඒ ආදරේ මම දෙන්නත් මම ආදරේ කරන්නත් මම උත්සහා කරනවා. එතකොට දරුවන්ටත් ඒ ආදරේ රැකවරණය ලැබෙයි.

මෙන්න බලන්න තවත් පුවත්