එදා පුංචි තිරයේ කඩවසම් රංගන ශිල්පියා වූ ඔහු
අදත් එතැනම එලෙසින්ම ඒ රූපයටම හිමිකම් කියමින්
මහා පුදුමාකාර විදිහට ප්‍රේක්ෂක ආදරය ලබනවා.

පසුගිය දවසක චන්නගේ අලුත්ම ආදර කතාව
හදිසියේ ම එළියට ආවා.

නෑ නෑ… ඒක ඔහුගේ චිත්‍රපටයේ ආදර කතාව.
(යුගාත්‍රා)

මේ ආදර කතාව ආත්ම දෙකක ආදර කතාවක්ලූ.

යුගාත්‍රා හි චන්න සමඟින් නව පරපුරේ ජනප්‍රිය නිළියන් වන,
අසංකි ද සිල්වා සහ මාෂි සිරිවර්ධන රංගනයේ යෙදෙනවා.

මේ තියෙන්නෙ චන්න යුගාත්‍රා ගැන, දිවයින පුවත්පතට
කියූ කතාවක්..

“යුගාත්‍රා ආත්ම දෙකක් ඔස්සෙ දුවන් යන ලස්සන ආදර කතාවක්. ආදරවන්තයින්ගේ දවසේ එළියට දැම්මෙත් ඒකයි. අවුරුදු ගාණක් මහන්සි වුණා මම මේ වෙනුවෙන්. ස්ක්‍රිප්ට් එක ලියන්නම අවුරුද්දක් විතර ගත වුණා. ච්‍රිතපටය එන්නෙත් අවුරුදු එක හමාරකට පස්සෙ. මගේ හතරවෙනි ෆිල්ම් එක…”

“කොහොමත් මම වෙනස්ම තේමා ඔස්සේ නිර්මාණ කරන කෙනෙක්. මේකට පසුබිම් වෙන්නෙ මායාව යථාර්ථය දෝලනය වීමක්. සනත් ගුණතිලක, නදීකා ගුණසේකර ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පින් රැසක් ම මේකේ ඉන්නවා. මම නැවුම් මූණු දෙකක් යොදාගත්තා. අසංකි, මාශි දෙන්නා.. කාලයත් එක්ක මම වැඩිපුරම අධ්‍යක්ෂණයට යොමු වෙයි කියලා මම හිතනවා..”

චන්න ඔහුගේ අංජලිකා චිත්‍රපටයේ “පූජා” ගැනත් මතක අවදි කළා.

“පූජා එක්ක මිතුදම තාම තියෙනවා. මෑතක නම් කතා කරන්න බැරිවුණා. ඇය දැන් ඉන්නෙ ඉන්දියාවේ නිසා.. ලංකාවට ආපු හැම වෙලේම ඒ ආදරේ, ගෞරවය හැමදාම තියනවා. මම දැනුවත්ව පූජා දැන් රඟපාන් නෑ.. බලමු ඇයත් එක්ක පුලුවන්කමක් ලැබුණොත් ඉස්සරහාට නිර්මාණයක් කරමු..”

පැරණි පුවත් -ඒවා නම් ඉතින් අලුත් දෙයක් නෙවෙයිනේ.පදනමක් ඇති විවේචනයක් නම් ඉතා නිහතමානීව භාර ගන්නවා

යොහානි ගැන ආයෙමත් කතා වෙන්න පටන් අරන්. ඒ, ‘මැණිකේ මගේ හිතේ’ ගීතයේ හින්දි අනුවාදනය රැගත් තෑන්ක් ගෝඩ් බොලිවුඩ් චිත්‍රපටයේ මැණිකේ ගීතය යූ ටියුබ් සමාජ මාධ්‍යයට එක් කිරීමත් සමග. එම ගීතය යූ ටියුබ් සමාජ මාධ්‍යයට එක් කර පැය 6 ක් ඇතුළත නැරඹුම් වාර මිලියන 3 ඉක්මවා ගොස් තිබුණා. ‘මැණිකේ මගේ හිතේ’ ගීතයේ හින්දි අනුවාදනය අන්තර්ගතව ඇත්තේ ‘තෑන්ක් ගෝඩ්’ චිත්‍රපටයේ. එම ගීතය සඳහා රංගනයෙන් දායක වන්නේ ප්‍රකට බොලිවුඩ් නළු නිළියන් වන අජේ දෙව්ගන්, නෝරා පටේහි සහ සිද්ධාර්ත් මල්හෝත්‍රායි. ගායනයෙන් යොහානි, ජුබිලින් නව්ටියාල් සහ සූර්යා රඝුනාතන් එක්ව ඇති අතර, සංගීත අධ්‍යක්ෂණය සිදුකර ඇත්තේ තනිෂ්ක් බක්ෂි සහ චමත් සංගීත් විසින්. කාලෙකට පස්සේ ආයෙත් යොහානි ගැන කතා වෙන නිසා, යොහානි මේ දවස්වල මොනවද කරන්නේ, අලුත් නිර්මාණ මොනවද කියලා දැන ගන්නත් එක්ක අපි යොහානිට කතා කළා.

කොහොමද මැණිකේ, මේ දවස්වල ජීවිතේ?

හොඳින් ඉන්නවා. මැණිකේ ගීතයේ හින්දි අනුවාදනයේ ප්‍රචාරණ කටයුතු එක්ක ටිකක් කාර්යබහුල වෙලා ඉන්නවා.

මේ වෙද්දි ‘මැණිකේ මගේ හිතේ’ ගීතයේ හින්දි ගීතය අතිශයින්ම ජනප්‍රියයි, කොහොමද මේ අවස්ථාව ලැබුණේ?
ඒක දිග කතාවක්. මේ වැඩේ සාර්ථක කර ගන්න මගේ කළමනාකරු ගොඩක් මහන්සි වුණා. මුලින්ම ‘මැණිකේ මගේ හිතේ’ ගීතය ඉන්දියාවේ පැතිර යනකොට ඔහු ලේබල් සහ කළමනාකරණ ආයතන කීපයක් එක්ක කතාබහ ආරම්භ කරලා තිබුණේ. ඒ අනුව මුලින්ම අපි Zee Live ආයතනයත් එක්ක කොන්සර්ට් දෙකක් කරන්න අවස්ථාවක් සලසා ගත්තා. කොහොම හරි ඒ ප්‍රසංගය අවසාන කරලා අපි මුම්බායිවලට එන්න කටයුතු ලැස්ති වුණු වෙලාවේදී සෝනු ලක්වානි සහ දිලංජන් සෙනෙවිරත්න යම් එකඟතාවකට ඇවිත් තිබුණා. ඒ අනුව මුම්බායිවලදී සෝනු ලක්වානි එක්ක අපි TSeries ආයතන ප්‍රධානි බුෂන් කුමාව මුණ ගැසුණා. එහිදී මම මෙතෙක් කරලා තියෙන සින්දු සහ album එකේ තියෙන සින්දු ඔවුන්ට අහන්න දුන්නා.

පස්සේ ඔවුන් අපිට ආරාධනා කළා ඔවුන්ගේ ලේබල් එකට එකතු වෙන්න කියලා. මම මේ කියන සාකච්ඡාව 2021 සැප්තැම්බර් මාසයේ පටන් අරගෙන 2022 මාර්තු මාසයේදී තමයි අවසාන කළේ. විශේෂයෙන්ම මේ වැඩේ සාර්ථක කර ගන්න මගේ කළමනාකරුවන් දෙපළ ගොඩක් මහන්සි වුණා. ඒ නිසා ඒ අයට ස්තුතිවන්ත වෙන්නත් මෙය අවස්ථාවක් කර ගන්නවා.

ඒ නිසාද පසුගිය කාලේ මුම්බායිවලට වෙලා හිටියේ?

ඔව්. recording කටයුතුවලට නිතරම ගමන් කිරීම අපහසු නිසා අපි මුම්බායිවලට පදිංචියට අවා. අපි ගොඩක් මහන්සි වුණා මේ දේ සාර්ථක කර ගන්න. එහි ප්‍රතිඵල අද භුක්ති විඳිනවා.
මේ වෙද්දී ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඇත්තටම මේ ගීතයට නොහිතපු ආකාරයෙන් ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. සංගීත නිර්මාතෘ චමත්ටත්, මුල් ගායනය සහ මගෙත් එක්ක රැප් එක ගයනා කළ සතීෂාන්ටත්, පද රචනා කළ දුලාන්ටත්, සින්දුව නැවත නිර්මාණය කිරීමට සහ බෙදා හරින්න අවසරය දුන් හසිත්ටත්, මගේ පිටිපසින් සෑම මොහොතේම ඉන්න දිලංජන් ඇතුළු පෙටා ඉෆෙක්ට් (Pettah Effect) කණ්ඩායමටත් මෙහි ගෞරවය හිමි වෙන්න ඕනේ.

ඉන්දියාව එක්ක ඉස්සරහටත් වැඩ කරනවද?

ඔව්, තව projects කීපයකටම මේ වෙද්දී ආරාධනා ලැබිලා තියෙනවා. ඒ දේවල් කාලයත් එක්ක ඉදිරියේදී අහන්න දකින්න ලැබෙයි.

සමාජ මාධ්‍යය තුළ නම් විවිධ වූ ප්‍රතිචාර පළවෙනවා, ඒ ගැන මොකද හිතෙන්නෙ?

ඒවා නම් ඉතින් අලුත් දෙයක් නෙවෙයිනේ. පදනමක් ඇති විවේචනයක් නම් ඉතා නිහතමානීව භාර ගන්නවා සහ වැරදි හදාගෙන ඉදිරි වැඩ කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි ගොඩක් දේවල් එහෙම කිසිම පදනමක් නැති ඒවා නිසා ඒ ගැන වැඩි අවධානයක් යොමු කරන්නේ නෑ.

කාලයත් එක්කම යොහානි ටිකක් නිහඬ වුණා වගේ හැඟීමක් තියෙනවා?

ලංකාවේ වැඩක් කරනවා වගේ දේවල් ඉක්මනට ඉන්දියාවේ කරන්න බැහැ. කොහොමත් මට ඉක්මන් ගමනක් යන්න එදත් වුවමනාවක් තිබ්බේ නැහැ. අදත් එහෙමයි හිමින් වැඩ කටයුතු කරගෙන යන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ.

ඔබේම කොන්සට් එකක් අහන්න බලන්න තව කාලයක් යයිද?

මේ අවුරුද්දේ ජුනි මාසයේ දී ‘කෙල්ල’ ප්‍රසංගය කරන්න දින යොදා ගෙන තිබුණේ. නමුත් පවතින අර්බුද හමුවේ ඒක කල් දාන්න සිද්ධ වුණා. හැබැයි පුළුවන් ඉක්මනින් ‘කෙල්ල’ ප්‍රසංගය කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

මෙන්න බලන්න තවත් පුවත්