
පියුමි හංසමාලි ගැන ඔබට අමුතුවෙන් හඳුන්වාදීම් කරන්න අවශ්‍ය නැහැනේ… කාලෙන් කාලෙට විවිධ ආන්දෝලනාත්මක කටකතා හැදෙන ඇය මෙරට ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක්.
ඇය සුරතල් බල්ලන්ට වගේම වීදි බල්ලන්ටත් ආදරේ බව ඇගේ ප්‍රේක්ෂකයන් දැනටමත් දන්නවා ඇති.
ඇගේ නිවසේ හැදෙන සුරතල් බල්ලා වෙනුවෙන් පියුමි පසුගියදා අපූරු සටහනක් ලියලා ඇගේ ෆේස්බුක් ගිණුමේ පළ කරලා තිබුණා.
පහත දැක්වෙන්නේ ඒ සටහනයි…
“මගෙ දුවයි පුතයි. දවසක මගෙ Kiki අම්මිව දාලා ගිය දවසක අම්මි දුවෙක් හදනවා.මම හැමදාම කියනවා එයාට.ඔයා දුවෙක් වෙලා එන්න අම්මි ඔයාට කුක්කු දෙන්නම් කියලා.දවසක එයා දුවෙක් වෙලා මගෙ කුසෙ දරැවෙක් වෙලා එන්න ඔනෙ.එයා මාව දාලා ගිය කාලෙක තමයි මම ආයි දරැවෙක් හදන්නෙ.”
පැරණි පුවත් – දුව ගැන හිතලා දැන් මම කොටට අඳින්නේ නෑ – ජනප්‍රිය නිලි රොෂානා ඔන්ඩච්චි
රංගන ශිල්පිනියක් විදියට ප්‍රේක්ෂක ආදරේ නොඅඩුව දින්නාගන්න සමත්වුණ සුන්දර රංගන ශිල්පිනියක් තමයි රොෂානා ඔන්ඩච්චි කියන්නේ, ලංකාව තුල අතිශය ජනප්‍රිය වුන ටෙලිනාට්‍ය රැසකට ඇය සිය රංගන දායකත්වය ලබා දීලා තියෙනවා, ඉතින් අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන රොෂානා ඔන්ඩච්චි ගැන, ඉතින් රොෂානා ඇත්තටම රොෂානා කියන්නේ කවුද..? ”මම යකඩ ගැහැනියක්, මම මගේ ජීවිතේ හොඳම කාලේ ගොඩක් දුක් වින්ද කෙනෙක්. හැබැයි මම අද ගොඩක්ම හොඳ තැනක ඉන්නවා, හැබැයි ඒ සමාජයේ නරක විදියට ඉඳලා නෙවෙයි මම මගේ ජීවිතේ ගොඩනගාගත්තේ හරි විදියට, ඉතින් මට ආඩම්බරයි ඒ ගැන”
රොෂානා විලාසිතා තෝරාගැනීමේදී සැලකිලිමත් වෙන්නේ කොහොමද..? ”මෙහෙමයි මම ඉස්සර ගොඩක් විලාසිතා කළා, කොටට ඇන්දා එක එක ෆැෂන් කළා, ඉතින් දැන් ඒ කාලේ ඉවරයි මට දැන් ඇඳුම් තොරලා දෙන්නේ මගේ දුව, කාලයක් මම මෝස්‌තර නිරූපිකාවක විදියට වැඩ කළා, හැබැයි දැන් දුව නිසා හොඳට තෝරලා බේරලා තමයි ඇඳුම් අඳින්නේ, මොකද අපි විලාසිතා කළා වගේ නෙවෙයි ළමයි ගැනත් හිතන්න ඕන නේ, හැබැයි ඉතින් මම කැමති මට පහසු විදියේ ඇඳුම් අඳින්න”
රොෂානා ජීවත් වෙන්නේ දුවත් එක්ක තනියම ඉතින් මේ ගෙවෙන ජීවිතේ කොහොමද දැනෙන්නේ..? ”දරුවෙක් එක්ක කාන්තාවක් තනිවුනාම සමාජයේ ගොඩක් අය ඒ කාන්තාව දිහා බලන්නේ හරිම නරක විදියට, හැබැයි අපි නිතරම හොඳට ඉන්නවනම් ඒ දේවල් අපිට අදාළ වෙන්නේ නෑ, මම දුවට උනත් කියන්නේ කවදාවත් කාටවත් අපේ මූනට ඇඟිල්ල දික් කරන්නේ නැති විදියට ජීවත් වෙන්න කියලා, මම මගේ දුවට ගොඩක් ආදරෙයි ඉතින් මට ඕන මගේ දුව කාගෙන්වත් වචන අහන්නේ නැති විදියට හදන්න,”
රොෂානා ලැබෙන හැම චරිතයක්ම බාර ගන්නා නිළියක්ද ”නැහැ මම මට ලැබෙන හැම චරිතයක්ම බාරගන්නේ නෑ, තෝරලා බේරලා හොඳම චරිත වලට විතරයි මම රංගන දායකත්වය ලබාදෙන්නේ, මගේ වෘත්තීය රංගනය ඉතින් මම රඟපාන්න ඕන හැබැයි දුවෙක් ඉන්න අම්මා කෙනෙක් විදියට එහෙම බෑ, ඉතින් හැමදේම ගැන හිතලා මට සුදුසු චරිත වලට මම මගේ රංගන දායකත්වය ලබාදෙනවා”