මෙම වසරේ දී ගොවි ජනතාවට වගා කටයුතු සඳහා අවශ්‍ය සහන සැලසීම සඳහා රජය විසින් රුපියල් මිලියන 56,000ක මුදලක් වෙන් කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
ගොවි ජනතාවට නිෂ්පාදන සඳහා වැය වන පිරිවැය අවම කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ අරමුණින් මෙම මුදල රජයෙන් ලබා දී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
නිෂ්පාදන වියදම් ඉහල යාම නිසා අස්වනු වලින් ප්‍රමාණවත් ලාබයක් නොලැබෙන බවට ගොවීන්ගෙන් ලැබුණ කරුණු දැක්වීම් සලකා බලා මෙම තීරණය ගත් බව කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.

පැරණි පුවත් – අපි දෙන්නා දරුවෙක් හදන්න කල් ගත්තේ රට හොද වෙනකම්, වැඩේ හරියන්නෑ වගේ
ටෙලි තිරය සහ සිනමාව තුළ කැපී පෙනෙන දක්ෂ රංගන ශිල්පියෙක් තමයි පුබුදු චතුරංග කියන්නේ. ඔහු රංගනය කල චිත්‍රපට අතර එක දවසක අපි, මායා, දැවෙන විහගුන්, ප්‍රවේගය, ජංගි හොරා, දෙවැනි යුද්ධය, සුරංගනා ලොවින් ඇවිල්ලා වැනි වර්ථමානයේ ජනප්‍රියම චිත්‍රපට ගණනාවකම ඔහුට රංගන වරම් ලැබෙනවා.
ඉතින් දක්ෂ රංගන ශිල්පියෙක් වගේම පුබුදු දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් විදියටත් ප්‍රේක්ෂක හමුවට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ ඔහුගේ අධ්‍යක්ෂණයෙන් යුතු නිර්මාණයක් රසිකයින් ලබා දීමටයි ඔහු සූදානමින් ඉන්නේ. ඉතින් සම්මානනීය රංගන ශිල්පියෙක් වන පුබුදු රංගනයට වගේම නිවේදනයටත් ඒ හා සමානව දක්ෂතා දක්වන කලා ශිල්පියෙක්.
ඉතින් කලා කටයුතු මේ විදියට කරගෙන යන පුබුදුගේ තිරයේ විවිධ පෙම්වතියන් සිටියට ඔහුගේ සැබෑ ජීවිතයේ හිමිකාරිය ඔහුගේ ආදරණීය බිරිද තමයි මාෂි සිරිවර්ධන කියන්නේ. ඇයත් සුරූපිනියක් වගේම රංගන ශිල්පිනියක් විදියටත් කාගෙත් අවධානය දින ගන්නවා. ඉතින් මාෂිගේ සහ පුබුදුගේ සුන්දර කැදැල්ල ගැන හැමෝම විමසිල්ලෙන් බලන් ඉන්නේ කවද්ද මේ දෙන්නා තුන් දෙනා වෙන්නෙ කියලා. ඒ ගැන පුබුදු එක්තරා මාධ්‍ය හමුවකදී අදහස් දක්වලා තිබුණා.
” අපි බැලුවෙ රට ටිකක් හොද තත්වයකට එනකම් තුන් දෙනෙක් වෙන්න. මොකද අපි හොද රටකට තමයි අපේ අනාගත පරපුර දායාද කරන්න ඕන. නමුත් මේ යන තත්වෙත් එක්ක එහෙම රට සුභදායි වෙන්නෙ නෑ වගේ. ඒ නිසා දැන් ඒක ගැන පොඩ්ඩක් හිතන්න කාලෙ හරි වගේ. රට හොද වෙනකම් දිගු කාලයක් ඉදලා බෑනේ.”
මේ විදියටයි පුබුදු චතුරංග අදහස් දක්වලා තිබුණේ. ඉතින් ඔවුන් දෙදෙනාගේ බලාපොරොත්තු ඒ විදියටම ඉටු වෙන්නට අපි සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.