වාහන අමතර කොටස් මිල සියයට 300 කට අධික ප්‍රතිශතයකින් ඉහළ යෑම හේතුවෙන් වාහන හිමියන් සහ වාහන අලුත්වැඩියා කරන පුද්ගලයන් දැඩි අපහසුතාවට පත්ව සිටිති.

කොළඹ පංචිකාවන්ත වාහන අමතර කොටස් අළෙවිකරුවන් පවසන්නේ අමතර කොටස් ආනයනය සඳහා ණයවර ලිපි නිකුත් කිරීමට බැංකුවට නොහැකි වීම හේතුවෙන් දැඩි හිඟයක් පවතින බවත් සහ ඩොලරය අවප්‍රමාණය වීම නිසා ආනයන කරන අමතර කොටස් මිල ද කීපගුණයකින් ඉහළ ගොස් ඇති බවත්ය.

ජපානයේ නිෂ්පාදිත නමගිය වාහන නාමයන්වල නව වාහනවල අමතර කොටස්වල ද විශාල හිඟයක් ඇති බව කියන පංචිකාවන්ත වාහන අමතර කොටස් අළෙවිකරුවෝ අදාල සමාගම් ආනයනය කරන අමතර කොටස් පිටතට නිකුත් නොකිරීම හේතුවෙන් වාහන හිමියන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව ද සඳහන් කළහ.

මීට මාස හයකට පමණ පෙර රුපියල් 12,000 ත් 15,000 ත් අතර මිලක පැවැති එන්ජින් මවුන්ට් එකක් මේ වන විට රුපියල් 45,000 ත් 50,000 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇති බවත් වාහනයකට එන්ජින් මවුන්ට් තුනක් හෝ හතරක් ඇති බවත් අමතරක කොටස් අළෙවිකරුවෝ පවසති.

යුරෝපා රටවල්වල වාහනවල අමතර කොටස්වල එතරම් හිඟයක් නොමැති වුවද බහුලව භාවිතා කරන ජපන් නව සහ පැරණි වාහනවල අමතර කොටස්වල දැඩි හිඟයක් මෙන්ම විශාල මිල ඉහළ යෑමක් දැකිය හැකි බවත් ඔවුහූ වැඩි දුරටත් සඳහන් කරති.

පැරණි පුවත් – එයා මගෙන් ආදරේ අහලා මාස 3 කින් වගේ අපි බැන්දා
මේ දිනවල ඉතාම ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන ‘පාර දිගේ’ ටෙලිනාට්‍යයේ රුවිනි විදියට කාගේත් බැනුමට හසුවන චරිතයක් තමයි ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන නිත්‍යා දේවින්දි රංගනය කරන්නේ. ඉතින් ඇගේ රංගනය සාර්ථකයි කියන කාරණයට හොදම උදාහරණය තමයි ඇයට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන බැනුම් ප්‍රතිචාර.

ඉතින් ඒ වගේම දක්ෂ රංගනයක යෙදෙන නිත්‍යා දේවින්දි කලා ක්ශේෂ්ත්‍රයට ප්‍රවේශ වුණේ දෙරණ අවුරුදු කුමරිය තරගාවලිය හරහා අවසන් දොළොස් දෙනා අතරට තේරී පත් වෙලා. ඉතින් අවසන් 12න් පසු රංගන වරම් උදා කරගත්ත නිත්‍යා විවාහ වෙලා ඉන්නේ ක්ශේෂ්ත්‍රය තුළ නිෂ්පාදකවරයෙක් වන ගීත් සමගින්.

ඉතින් ගීත් සහ නිත්‍යා ආදර කතාව පටන් ගත්ත විදිය ගැන මේ විදියටයි නිත්‍යා අදහස් දක්වලා තිබුණේ.

” ගීත්ව මට මුණගැහුණෙ මම රංගනයට ආවම. ඒ කාලේ මම ජනප්‍රිය චරිතයක් නෙමෙයි. මම ජනප්‍රිය නැති කාලේ ගී මාව ආදරෙන් ඔහුගේ ජීවිතේට එකතු කරගත්තා. රණවිරු සෙවණ ඉවෙන්ට් එකකට මට ආරාධනා කරලා තිබූනා. මම එයාගේ වාහනේ ගියේ. මම යාලුවෝ එක්ක ගියේ. ටික දවසකට පස්සේ ගීත් ඇහුවා අපි බදින්නෙ කවද්ද කියලා. මම කිව්වා ඔක්කොටම කලින් ගෙදරින් අහන්න කියලා. අන්තිමට ආදරේ නොකියම අපි දෙන්නා මාස තුනකින් විවාහ වුණා.”

මේ විදියටයි නිත්‍යා දේවින්දි ඇගේ සැමියාව ඇයට මුණ ගැසුනු ආකාරය ගැන අදහස් දක්වලා තිබුණේ.

මෙන්න බලන්න තවත් පුවත්